News Category
From Date
To Date
Maximum Number of Result

බීජ සඟවා බීජ මිල ඉහළ දැමිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි... - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ගෙන් අනාවරණයක්

Sep 26, 2024 at 04:08 PM
|

පහුගිය කෘෂිකර්ම ඇමතිවරුන්ට හා ඇතැම් ඉහළ නිලධාරින්ට  සම්බන්ධ  බීජ කොම්පැනි විසින් හිඟයක් මවාපාමින් හිතුමතේ බීජ මිල ඉහළ දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. 

මේ වන විට මාස්කන්නය ආරම්භ කර ඇති බවත්, එහෙත් තවමත් කන්න රැස්වීම් පවත්වා නැති බව හා ඇමතිවරුන්, ජනාධිපතිවරුන් පත්වන තෙක් බලාසිටිය යුතු නැති බවත් කෘෂිකර්මයට සම්බන්ධ  වගකිව යුතු ආයතන හා බලධාරීන්මේ සම්බන්ධව කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම මේ මාස් කන්නයේ පවතින ලොකුම අර්බුදය බීජ හිඟය බවද, මෙය බරපතල කුමන්ත්‍රණයක්  බව ද  අනුරාධ තෙන්නකෝන් මහතා පිටකෝට්ටේ ගොවිගෙදර මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ජාවේදි අදහස් පල කරමින් කියා සිටියේය. 

එහිදී තවදුරටත්  අදහස් දැක්වූ ඒ මහතා,

"පළමුව අපි අභිනවයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාට ජනතාව වෙනුවෙන් සුභ පතන අතර  කෘෂිකර්ම ඇමතිවරයකු රටේ ජනාධිපතිවරයා වීම පිළිබඳව ගොවි ජනතාව විදිහට අපි සතුටු වෙනවා. 

ගොවි ජනතාවට සංවේදී වී මේ රට කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාවත් වී වගාව ඇතුළු කෘෂිකර්මාන්තයත් යහපත් දිසාවකට ගොඩනංවාලීම මේ ආණ්ඩුවේ වගකීමයි. ඒ වගේම අපි හැමදාමත් අලුතෙන් කෘෂිකර්ම ඇමතිවරු පත්වෙනකොට අලුත් නිලධාරීන් පත් වෙනකොට ඔවුන් සමග අපි සාකච්ඡා කළා මේ ප්‍රශ්න පිළිබඳව දිගින් දිගටම හැබැයි කියන්න කණගාටුයි පත්වෙච්ච කිසිදු ඇමතිවරයෙක් හෝ බලධාරියෙක් මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩ නංවලා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස්  මට්ටමට ගෙනල්ලා පාරිභෝගිකයාත් ආරක්ෂා කරගෙන කෘෂි ව්‍යවසායකත්ව වෙළඳුනුත් ආරක්ෂා කරගෙන මේ රටේ ආහාර සුරක්ෂිතතාවය ගොඩනඟන්න ප්‍රමුඛ දායකත්වයක් දුන්නේ නෑ

 ඒ වගේම ඔවුන් කරේ කෘෂිකර්මය යෙදවුම් සහ මෙවලම් ගෙන්නන බීජ ගෙන්වන මහා පරිමාණ සමාගම්වලින් අත යට කොමිස් අරගෙන ඔවුන්ගේ මඩිය තරගත්ත එකයි . 

එනිසා පහුගිය කාලේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෙච්ච අයතා සම්බන්ධයෙන් දූෂණ හා වංචා  සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර අදාළ වගකිවයුත්තන්ට දඬුවම් දී රටට අහිමි වෙච්ච මුදල් යළි පවරා ගත යුතුයි.

විශේෂයෙන්ම අපි පහුගිය කාලේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයාට එරෙහිව  රහස් පොලිසියේ පැමිණිල්ලක් කරා රුපියල් බිලියන 16.9 ක ය කාබනික පොහොර වංචා මගඩියක් සම්බන්ධයෙන් . මේ පිළිබඳව පැමිණිල්ල බාරගත්තෙවත් නෑ. 

ඒ වගේම පහුගිය කාලේ මහා ආන්දෝලනාත්මක සිද්ධියක් වෙච්ච චීන පොහොර ගනුදෙනුව පිළිබඳව මම පැය හතරක් අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ සාක්ෂි දුන්නා හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු එවකට හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමතිලා හා ඉහල නිලධාරින්  වගකිව යුතුයි. මේ චීන පොර ගනුදෙනු නිසා රටට අහිමි වෙච්ච පාඩුව ඩොලර් මිලියන 6.9 ක් . ඒ සම්බන්ධව අදටත් වෙච්ච දෙයක් නෑ අවසානයේ පොහොරත් නෑ රටට සල්ලිත් නෑ මේ පිළිබඳව වගකිවයුතු සියලු දෙනාගේ තරාතිරම නොබලා විධිමත් පරීක්ෂණයක් කර රටට අහිමි වෙච්ච  ධනස්කන්ධය යළි ඔවුන්ගෙන් පවරා ගත යුතුයි. 

.දැන් මේ මාස් කන්නය ආරම්භ වෙලා තියෙන්නේ. මේ රටේ වී වගාව කරන ගොවි ජනතා ප්‍රමාණය සමස්ත ජනගහනයෙන් සීයට විස්සක්. ඒ වගේම අනෙකුත් කෘෂිකර්ම කටයුතුවල සෘජුව හා වක්‍රව නියැලෙන ප්‍රමාණය සමස්ත ජනගහනයෙන් 67 % ක්.හැබැයි අද ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය මුළුමනින්ම කඩා වැටිලා. අස්වනු කාලෙට ගොවියාට අස්වනු ටික නිසි මිලට විකුණා ගන්න විදිහක් නෑ. කන්නෙ පටන් ගන්නකොට කලට වෙලාවට පොහොර ටික නෑ. අපේ රටේ බීජ ටික දැන් ඇත්තටම නැතිවෙලා අදාල බලධාරීන් මේ සියලු දේවල් සපයන්නේ කොම්පැනිවල අත යටින් ලැබෙන වරප්‍රසාද වරදාන  ප්‍රමාණයන්  අනුව.

ඒ නිසා අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා වෙච්ච ඒ වගේම අලුත් ජනාධිපතිවරයාගේ වගකීම පහුගිය කාලය පුරා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතිවෙච්ච ඇති කරපු මහා පරිමාණ දූෂණ වංචාවන් සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට දඬුවම් කිරීම.

මේ මස් කන්නේ ගොවියාට අවශ්‍ය බීජ හිඟයක් මවා පාමින් බීජ මිල සීඝ්‍රව ඉහළ යනවා. සමහර කෘෂිකර්ම ඇතිවරුන්ට නියමින් හෝ අනියමින් සම්බන්ධ   සමාගම් මේ කුමන්ත්‍රණය දියත් කරලා තියෙන්නේ දැන්.අද වන විට රුපියල් 13000ට 14000 ට  තිබ්බ බඩ ඉරිගු බීජ කිලෝ එකක් රු 17500/= යි .වට්ටක්කා බීජ ඇත්තෙම නැහැ.අපේ රටේ වට්ටක්කා බීජ වල ඉඳන් වැටකුළු කැකිරි ඇතුළු හැම බීජ වර්ගයක්ම ගෙන්වන්නේ පිටරටින්. 

මේක බීජ මාෆියාවක් පවත්වාගෙන යනවා මේකට ඇතැම් හිටපු කෘෂිකර් නමැතිවරු සම්බන්ධයි ඒ වගේම ඉහල කෘෂිකර්ම අමාත්‍යාංශයේ  හිටපු සමහරක් ඉහළ නිලධාරීන් සම්බන්ධයි මේ පිළිබඳව වහාම පරීක්ෂණ කළ යුතුයි.

ගොවියාට අවශ්‍ය බීජ ටික ගුණාත්මක හා නිසි සාධාරණ මිලට ලබාදිය යුතුයි. හිටපු කෘෂිකර්ම ඇමති කෙනෙක්ගේ සහොදරයෙක් බීජ ගෙන්වන සමාගමක් තියෙනවා පහුගිය කාලේ මොණරාගල පැත්තේ පැණි කොමඩු බීජ පැළ උන්නේ නෑ.  ඒ ආයතනය තමයි  බීජ ගෙන්නලා විකුණුවේ.

ඒ වගේම මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ රැස්වීම තිබූ අනුරාධපුරයේදී බඩ ඉරිඟු වගා කරන ගොවීන් රැස්වීමට ගෙන්න ගත්තේ බඩ ඉරිඟු බීජ දෙන්නේ රැස්වීමට එන අයට විතරයි කියලා  අනුරාධපැත්තේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක්  කිව්වා. 

ඔය හිටපු කෘෂිකර්ම ඇමතිවරු එකතුවෙලා තමන්ගේ පාක්ෂිකයන්ට බඩු බෙදුවා බීජි දුන්නේ තමන්ගේ පාක්ෂිකයන්ට. එනිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ කෘෂිකර්මාන්තය කඩාවට්ටන්න දායක වුණේ ඒ වගේම මේ රටේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කඩාවැටන්න දායක වුණේ මේ හිටපු කෘෂිකර්ම ඇමැතිවරු හා ඇතැම් ඉහළ නිලධාරීන් හා බලධාරීන්.

නව ජනාධිපතිවරයා බලය ඉල්ලුවේ 76 වසරක කඩා වැටිච්ච රට 76 වසරක සාපය නිමා කරලා රට හදන නිවැරදි දිසානතියකට අරන් යන්න.ඒ වගේම තමයි ඔහු දිනවන්න ඡන්දය පාවිච්චි කරපු මේ රටේ සමස්ත බහුතරය  ගොවිජනතාව. ඒ නිසා මේ එළඹෙන මස් කන්නේ ගොවි ජනතාවට තියෙන ප්‍රශ්න ටික නිවැරදිව හඳුනාගෙන ඒවාට ඉක්මන් විසඳුම් වුණේ කලට වෙලාවට පොහොර ටික අවශ්‍ය බීජ ටික ඒ වගේම කෘෂි යෙදවුම් හා  උපකරණ වල බද්ධ ඉවත් කරලා කෘෂි නිෂ්පාදනය සඳහා යන නිෂ්පාදන පිරිවැය අවම කරන්න අවශ්‍ය කටයුතු කළ යුතුයි.

මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගත යුතුයි.

අපි දන්න විදිහට කෘෂි ආර්ථික සංගණනයක් අවුරුදු තිස්පහකින් විතර කරල නෑ .එදිනෙදා අවශ්‍ය  පරිභෝජන භාණ්ඩ පිළිබඳව  විශේෂයෙන්ම එළවළු අවශ්‍යතාවයන් පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත නෑ. මේ රටේ කෘෂි නිෂ්පාදනයෙන් සියයට තිහකට ප්‍රමාණයක් වන සත්ව හානිය නිසා විනාශ වෙනවා  ඒ වගේ අස්වනු විකුණාගත නොහැකිව හා ආර්ථික මධ්‍යස්ථානවලින් විනාශ වෙන එළවළු හා පළතුරු ප්‍රමාණය දෛනිකව ටොන් 30කට ආසන්නයි.එය සමස්ත නිෂ්පාදනයෙන් සියයට දහයකට ආසන්න ප්‍රමාණයක්.

ඒ වගේම අපේ රටේ පවතින කාලගුණික හා දේශගුණය විපර්යාසයන් හේතුවෙන් මියගිය වේවා වර්ෂාව නිසා වේවා සිදුවනු හානිය අටකට ආසන්නයි. මෙය සමස්තයක් විදිහට මේ රටේ කෘෂි නිෂ්පාදනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් නාස්ති වෙනවා. බරපතල ප්‍රශ්නයක් මේ සම්බන්ධව පහුගිය කාලයේ හිටපු කිසිදු ඇමතිවරයකුට හෝ ආණ්ඩුවකට හෝ රාජ්‍ය බලධාරියෙකුට ඇත්ත වුවමනාවක් තිබ්බෙත් නෑ එහෙම වැඩපිලිවෙලක් තිබ්බෙත් නෑ.. 

හැබැයි බීලූණු අස්වනු නෙලන කාලෙට බීලු පිටරටින් ගෙන්වන්න  අල අස්වනු නෙලන කාලෙට අල පිටරටින් ගෙන්වන්න මේ අයට වැඩපිළිවෙළක්  තිබුණා.

බිත්තර ප්‍රශ්නය හොඳටම සාක්ෂියක්. අද මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයා නන්නත්තාර වෙලා. අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව එක ආනයනික බිත්තරයකින් තියෙන අත යට ගනුදෙනු රුපියල් 7.50  ආසන්න ප්‍රමාණයක්. ඒ වගේ පිටරටින් ගෙන්වන හැම ආහාර ද්‍රව්‍යකින්ම අත යට ගනුදෙනු තියෙනවා . මේ රටේ කෘෂිකර්මාන්තය කඩා වැටීමට මේ රටේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කඩාවැටීමට එදා මෙදා තුර බලයට ආපු ආණ්ඩු ඒ වගේ මේ ආණ්ඩුවට හිටපු කෘෂිකර්ම ඇමතිවරු කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් ඉහළ නිලධාරීන් වගකිවයුතුමයි. 

.ඒ පිළිබඳව සොයා බලා විධිමත් පරීක්ෂණ කරන්න ඕන. ඒ වගේම පහුගිය කාලේ මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටීම සඳහා ලැබිච්ච විදෙස් ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 750 කට ආසන්නයි. ඒ සම්බන්ධ විධිමත් ක්‍රමවේදයකට සොයා බැලිය යුතුයි. 

අදාල ව්‍යාපෘති සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කටයුතු කළ යුතුයි. මේ අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාට වගේම කෘෂිකර් ඇමැතිවරයාට තියෙන බරපතල අභියෝගයක්.

මේ රටේ ඡන්දය දුන්න හැම කෙනෙක්ම බලාපොරොත්තු උනේ ඉක්මන් විසඳුම් ටිකක්. කළ හැකි ටිකක් විශේෂයෙන්ම ගොවි ජනතාවගේ . එළඹෙන මාස්කන්නේ ඒ කියන්නේ මේ මාස් කන්නේ විසඳුම් දෙන්න ඕනේ පුළු පුළුවන් විදිහට. ඒ පිළිබඳව ගොවිජනතා වගේම අපි බලන් ඉන්නවා."

මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න සහ ඒවාට ලබාදුන් පිළිතුරු පහළින්, 

පහුගිය කෘෂිකර්ම ඇමැතිවරුන් හා බලධාරීන්  මේ අයථා  ගනුදෙනු හා බීජ මාෆියාවට  සම්බන්ධ  වන්නේ කොහොමද? ඒ ඇයි ..? 

අනිවාර්යයෙන්ම සෘජුව හා වක්‍රව සම්බන්ධයි . ඊට එරෙහිව අපි ඒවා හෙළිදරව් කරනකොට අපිට මිලියන 1000 - 500 වැනි විශාල වන්දි ඉල්ලලා එන්තරවාසි එව්වා . පරීක්ෂණ යටපත් කරා විතරක් නෙවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ට පැමිණිලි දාපුවාම ඒ පිලිබදව හැරෙන තැපෑලෙන් උත්තර එනවා ඒවා පරීක්ෂණ කරන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වට බලයක් නෑලු කියලා. ඔන්න ඔහොමයි පහුගිය කාලේ ආණ්ඩු හා කෘෂිකර්ම ඇමතිවරු කටයුතු කලේ. 

ඇතැම් හිටපු ඉහල නිලධාරින් බීජ කොම්පැනි වල පොහොර සමාගම් වල නිල නොලත් මාකටින් මැනේජර්ස්ලා.. මේවා තමා මාෆියාව. තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට වියදම් කරේ මහා පරිමාණ ආනයනික පොහොර සමාගම් දුන්නු අතයට පරිත්‍යාග . ඇතැම් නිලධාරින් ට පිටරට සාප්පු සවාරි එක්ක විදෙස් සංචාර .මේවා තමා මේ ජාවාරම් මාෆියාවේ සම්බන්ධකම්.

සම්බන්ධිත පුවත් | Related News

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.