News Category
From Date
To Date
Maximum Number of Result

ලෙබනනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් චීනය සහයෝගය දක්වනවා- චීන විදේශ ඇමති

Sep 24, 2024 at 04:08 PM
|


බීජිං, (ස්පුට්නික්) - ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා බීජින් පාලනය දැඩි ලෙස සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව වැඩබලන ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් සමඟ පැවති හමුවකදී පැවසීය.

"චීනය ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස සහාය දක්වනවා. තත්වය කුමණ අතට වෙනස් වුවද, අපි සැමවිටම යුක්තිය සහ ලෙබනනය ඇතුළු අපගේ අරාබි සහෝදරයන් වෙනුවෙන් පෙනී සිටිනවා." චීන විදේශ අමාත්‍ය වැන්ග් යී උපුටා දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය අද(24) පැවසීය. 

කලාපයේ වර්ධනයන්, විශේෂයෙන්ම ලෙබනනයේ මෑත කාලීන සන්නිවේදන උපකරණ පිපිරීම් පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කළ බවත්, සිවිල් වැසියන්ට අවිචක්ෂණශීලී ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චීනය අධිෂ්ඨානශීලීව විරුද්ධ වූ බවත් වැන්ග් යී අවධාරණය කළේය.

චීනයේ ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයාට අනුව, තිරිසන් බලයේ නීතියට කළ හැක්කේ සාමය විනාශ කිරීම පමණක් වන අතර "ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට ප්‍රචණ්ඩත්වය" යන මූලධර්මය ආදේශ කිරීම මගින් මැද පෙරදිග ගැටුම විසඳන්නේ නැතුවාක් මෙන්ම ඊටත් වඩා විශාල මානුෂීය ව්‍යසනයකට තුඩු දෙනු ඇත. කලාපයේ වත්මන් තත්ත්වය ගාසා තීරයේ ගැටුමේ ව්‍යාප්තියේ ප්‍රකාශනයක් බව පැවසූ ඔහු "ජාතීන් දෙකක් සඳහා රාජ්‍යයන් දෙකක්" සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටියේය.

ලෙබනනයේ සිටින චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බීරූට් පරිපාලනය ඵලදායී පියවර ගනු ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

23දා උදෑසන ඊශ්‍රායල ගුවන් යානා ලෙබනනයේ දකුණු සහ නැගෙනහිර ජනාවාසවලට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. ගම්මාන දුසිම් ගණනක් සහ ප්‍රාදේශීය ජනාවාස ගණනාවක් ප්‍රහාරයට ලක් විය. ඒ අතර ලෙබනන් ෂියා ව්‍යාපාරයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර විශාල ගණනක් එල්ල කළහ. ඊශ්‍රායල ආක්‍රමණයට මැදිහත් වී එය නතර කරන ලෙස ලෙබනන් රජය දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.

සැප්තැම්බර් 17 සහ 18 දිනවල ලෙබනනයේ විවිධ ප්‍රදේශවල සන්නිවේදන මාධ්‍යවල දැවැන්ත පිපිරීම්වලින් විශාල ගනනක් මිය ගොස් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබීමෙන් පසුව දෙපාර්ශවයේම ෂෙල් වෙඩි ප්‍රහාරවල තීව්‍රතාවය වැඩි කරමින් නවතම උත්සන්න වීම සිදුවිය. පසුව, ඊශ්‍රායල ගුවන් යානයක් බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලකට පහර දුන් අතර හිස්බුල්ලා විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරී ඊබ්‍රහිම් අකිල් ඇතුළු 50 කට වැඩි පිරිසක් මිය ගියහ. ෂියා ප්‍රතිරෝධී සටන්කාමීන් ඊශ්‍රායල ගුවන් හමුදා කඳවුරක් වන රමට් ඩේවිඩ් සහ උතුරු හයිෆා හි රෆායෙල් ආරක්ෂක කර්මාන්ත සංකීර්ණයට ප්‍රහාර එල්ල කළහ. ඊශ්‍රායල නගරයට පිටතින් පිහිටි නේවාසික ප්‍රදේශවලට රොකට් කිහිපයක් පතිත විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරය සැප්තැම්බර් 10 වැනි දින නිව් යෝර්ක් නුවරදී ආරම්භ විය. මහා සභා සැසිවාරයේ ප්‍රධාන රැස්වීම් පැවැත්වෙන සතිය සම්ප්‍රදායිකව රාජ්‍ය නායකයින් සහ අමාත්‍යවරුන් වාර්ෂිකව රැස්වී දැවෙන ප්‍රශ්න ගැන කතා කරන උත්සව සතියකි. වාර්ෂික වාද විවාද සැප්තැම්බර් 24 සිට 28 දක්වා මෙන්ම සැප්තැම්බර් 30 වෙනිදා ද පැවැත්වේ. රුසියානු නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් වන අතර සැප්තැම්බර් 28 වන දින ඔහු සිය දේශනය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පැවසේ.

China Firmly Supports Lebanon in Protecting Sovereignty, Security - Foreign Minister

සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් යළිත් වරක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.
බුදු දහමට මේතරම් ගරුකරන, සුරක්ෂිත කරන ආණ්ඩුවක් තවත් නැති බවත්, කළින් තිබුනේ හාමුදුරුවන්ගේ ගරුවය නැතිකර කඩේ යවපු ආණ්ඩු බවත් පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමි පවසති.
ජනාධිපතිවරයා මහ නායක ස්වාමීන් වහන්සේලාගේ නියෝජිත ස්වාමීන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා "මගේ කැමැත්ත නීතිය නොවේ" යැයි පවසන බවත්, සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින්නේ එසේනම් කාගේ කැමැත්තට දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.
කළුතර නාගොඩ පිහිටි හෝටලයකට කඩාවැදී එහි හිමිකරු වූ ඩ්‍රැගන් සම්පත් සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලාගිය කුලී ඝාතකයා ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මඩකළපුව නාවල්අඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා කොටි සංවිධානයට සම්බන්ධවී සිටි අයකු බවට සැකයක් මතුවී තිබේ.
ලංකා සතොස සමාගමේ සමස්ත සමුච්චිත අලාභය 2025 දෙසැම්බර් මාසය වන විට රුපියල් බිලියන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.
ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

ප්‍රධාන පුවත්

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.