
සෑම පැයකට වරක්ම ලන්ඩනයේ ස්ත්‍රී දූෂණයක්
පසුගිය 20 වනදා ප්‍රකාශයට පත් කරන ලද පොලිස් දත්ත වලට අනුව ලන්ඩනයේ සෑම පැයකටම වරක් එක් ස්ත්‍රී දූෂණයක් වාර්තාවන බව පැවසේ.
එම දත්ත වලට අනුව 2023 වර්ෂයේ දී ස්ත්‍රී දූෂණ නඩු 8,800 කට ආසන්න ප්‍රමාණයක් හසුරුවා ඇති අතර එය එක් දිනකට 24 ක් පමණ වන සාමාන්‍ය අගයකි.
BBC පුවත් සේවය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව ලබාගත් සංඛ්‍යාලේඛන අතර වෙනත් ලිංගික අපරාධ පිළිබඳ තවත් වාර්තා 11,000ක් තිබෙන බවද පැවසේ.
පසුගිය වසර පහ තුළ ස්ත්‍රී දූෂණ 14% කින් පමණ වැඩිවී ඇති අතර 2023 දී ස්ත්‍රී දූෂණ 20,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වැඩි විය. එයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සෑම විනාඩි 26 යි තත්පර තිහකට වරක් ලන්ඩන් පොලිසියට ලිංගික ප්‍රචණ්ඩත්වයක් හෝ ස්ත්‍රී දූෂණයක් වාර්තා වූ බවයි.
ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව ළමුන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සම්බන්ධ පුණ්‍යායතන ප්‍රකාශ කළේ එවැනි සිදුවීම්වල සැබෑ ප්‍රමාණය පොලිසිය වාර්තා කරන ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බවයි.
ලන්ඩන් පදනම් කරගත් ස්ත්‍රී දූෂණ අර්බුද මධ්‍යස්ථානය මෙම සොයාගැනීම් “භයානක” ලෙස හංවඩු ගසා ඇති අතර බීබීසීයට පැවසුවේ “හදිසි වෙනසක් අවශ්‍ය” බවයි.
පුණ්‍යායතනය පවසන්නේ දූෂණයට ලක්වන කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් අපරාධය පොලිසියට වාර්තා කරන බවයි. දූෂණයට ලක්වන පිරිමි වින්දිතයන් අතර එම අගය පස් දෙනෙකුගෙන් එක් අයෙකු බවද පැවසේ. එලෙසම වෙනත් ආකාරයේ ලිංගික හිංසනයන් වාර්තා කරන්නේ වින්දිතයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පමණි.
2023 වසර තුළ ළමුන් 4,300කට අධික පිරිසක් දූෂණයට හෝ ලිංගික අතවරවලට ගොදුරු වී ඇති බව ලන්ඩන් පොලිස් සංඛ්‍යාලේඛනවලින් හෙළි වී තිබේ.
වයස අවුරුදු 18 ට අඩු අය විසින් අපයෝජනය කිරීමේ තියුණු වැඩිවීමක් තිබෙන බව පැහැදිලි කරමින්, ළමා ආරක්ෂාව සඳහා වන ජාතික පොලිස් ප්‍රධානීන්ගේ කවුන්සිලයේ ප්‍රධානියා වන ඉයන් ක්‍රිච්ලි පෙබරවාරි මාසයේදී කියා සිටියේ සමහර ළමයින් විසින් වෙනත් ළමයින්ට සිදුකරන ලිංගික අතවරවල වැඩිවීමට හේතුව ප්‍රචණ්ඩ කාමුක දර්ශන විසුරුවා හරින “විෂ සහිත” අන්තර්ජාල සංස්කෘතිය විය හැකි බවයි.
නිතර නිතර ලිංගික අපචාර වාර්තා වීම මෙම වැඩිවීමට උත්ප්‍රේරකයක් වී ඇතැයි ද පොලිසිය සහ නිලධාරීන් පවසයි. සංඛ්‍යාලේඛනවලට අනුව මෑත වසරවලදී ලිංගික අපරාධ සඳහා ලබා දෙන දඬුවම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 2018 දී චෝදනා 818 ක් උසාවිය හමුවේ විභාග වූ අතර, ඊළඟ වසරේ එය 800 දක්වා අඩු වූ නමුත්, 2023 දී 1,400 ඉක්මවා ක්‍රමානුකූලව ඉහළ ගියේය.
පසුගිය අගෝස්තු මාසයේදී, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය පැවසුවේ, චෝදනාවකට තුඩු දුන් ස්ත්‍රී දූෂණ අපරාධ විමර්ශනය කිරීමට සාමාන්‍යයෙන් දින 423ක් පමණ වැයවන වැඩිම කාලයක් ගත වන අපරාධ විමර්ෂණ ක්‍රියාවක් බවයි. මෙය 'පුද්ගලයෙකුට එරෙහි ප්‍රචණ්ඩත්වය' වැරදි සඳහා දින 55 ක් සහ සොරකම් සඳහා දින 28 ක් සමඟ සසඳනු ලැබ තිබේ.
ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරීන් විසින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පැතිරවීම පිළිබඳ ඉහළ පෙළේ සිදුවීම් මාලාවකින් පසුව, පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම පිළිබඳ ගැටලුව කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. එංගලන්තයේ පුද්ගලයන් දස දෙනෙකුගෙන් හතර දෙනෙකු පමණක් තමන් පොලිසිය විශ්වාස කරන බව පවසන අතර, බ්‍රිතාන්‍යයේ අගනුවර පොලිස් නිලධාරීන් අඩුම ලකුණු ලබා ගන්නා බව අප්‍රේල් මාසයේදී කරන ලද සමීක්ෂණයකින් හෙළි විය. මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරීන් 657 දෙනෙකු පසුගිය වසරේ ලිංගික අපයෝජනය, ගෘහස්ථ අපයෝජනය හෝ මේ දෙකේම එකතුවක් සම්බන්ධයෙන් විමර්ශන වලට භාජනය වී ඇත.
https://www.rt.com/news/604464-rape-reported-london-every-hour/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
