News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති අනුර සහෝදරයාට සුබ පතමින්, ජනපතිවරණ ප්‍රතිඵල වලින් ගම්‍ය වන වැදගත් කරුණු සමාලෝචනයක්...

Sep 23, 2024 at 11:48 AM
|

ඉතාම දැඩි විරෝධයකින් මාලිමවේ  ප්‍රතිපත්ති හා දේශපාලන ව්‍යාපාරය නිර්දය ලෙස විවේචනය කල අයෙක් වශයෙන් පළමුව සඳහන් කල යුත්තේ අනුර සහෝදරයාගේ ජයග්‍රහණය ගැන මගේ හිතේ අබමල් රේණුවක් තරම්වත් අහිතක් හෝ කුහක කමක් නෑ කියාය. 

මා කිසිඳු අපේක්ෂකයෙකුට මැතිවරණයේදී සහය නොදුන්නා මෙන්ම චන්දය ප්‍රකාශ කලේ නැත. අනුර කුමාර මහතා ජයග්‍රහණය අමුතු සියුම් සතුටක් නම් හිතේ ඇත. එය මගේ පැරණි දේශපාලන දිවියෙන් උරුම වූ දෙයක් වන්නට ඇත. පළමුව අපේ රටේ නවවන විධායක ජනපති තුමාට අපේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන්නට හැකි වේවා, සිත් පහළවේවා, කියා ප්‍රර්ථනා කොට ඉදිරියට යමු…. 

2024 ජනපතිවරණයෙන් අනුර සහෝදරයා ගේ ජයග්‍රහණයේ ප්‍රධාන බලවේගය වුයේ, දකුණු පළාත, කොළඹ කැලණි මිටියාවත හා කඩුවෙල කැස්බෑව , ගම්පහ, කළුතර දිසාවන් වලින් ඔහු ලබාගත් අතිබහුතර චන්ද ප්‍රතිශතය හා ප්‍රමාණයයි. 

අප විසින් අපේක්ෂා කල පරිදි මොනරාගල දිසාව ඔහුට සහය පළකර තිබුනේ නැත. ඊට අමතරව අම්පාර, කොලොන්න මැතිවරණ කොට්ඨාශ වල හොඳ බහුතරයක් දැකිය හැකිවිය. මේවා සිංහල බෞද්ධ ජනතාව ඇති බහුතරයක් වෙසෙන, 2005 සිට මහින්ද රාජපක්ෂ මහතාගේ හා 2019 ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණයේ ඇති ප්‍රභල සාධකයන් වූ කලාප වේ. රාජපක්ෂලා ලබාගත් තරම් ප්‍රතිශත ලබනොගත්තත් අනුර සහෝදරයට ඒ ලැබුණු පරතරය නිසා නොවෙන්නට මෙවර මැතිවරණයෙන් ඔහු පසු බහිනවා නියතය. 

2019 දී අනුර කුමාර මහතා, ඔහු එවකට අනියමින් සහය පලකල යහපාලන රජයේ වැඩ පිලිවලට (ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා වැඩ පිළිවෙල ඇතුළු ) එරෙහි ව මේ ප්‍රදේශවල ජනතාව ඉතා විශාල බහුතරයක් ගෝඨාභයට ලබා දුන්නේ, ඒකීය රටක් හා ජාතික විමුක්ති යාන්ත්‍රණයක් වෙනුවෙන්ය. 

2005 සිට ( එවකට ජවිපෙ ද එම මැතිවරණ ව්‍යාපාරයේ සිටියේය) මේ ප්‍රදේශ ජයගත් රාජපක්ෂලා ඒ ජය ලබාගත්තේද ජාතික චින්තනය සිංහල බෞද්ධ කම අලෙවි කරලාය. මහින්ද රාජපක්ෂ පාලනය ඒ වෙනුවෙන් යම් වැඩකොටසක් කලාවුවද අවංක සාධනීය ඔවුන්ට කරන්නට හැකියාව තිබු තරමින් යමක් කලේ නැත. ගෝඨා පාලනය කලේ ඒ ජාතික සංකල්ප උස්සා පොලවේ ගැසීමය. ඉන් ඇතිවූ අපේක්ෂාභංග ජනමනස විකල්ප වෙනසක් බලාපොරොත්තුවෙන් මෙවර ඒ විශ්වාසය ලබා දෙන්නේ අනුර කුමාර මහතාටය. 

මෙහි ඇති අරුමැසි කරුණ වන්නේ, 

2019 දී ඔහු හා යහපාලනය සමග සිටි සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරය, ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව රැගෙන එන බෙදුම්වාදී බලවේගද අද ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් රිංගගෙන ඉන්නේ මාලිමාව තුලට වීමය. මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටිවේ දක්වා ඇත්තේද 2015-2019 කාලයේ සාකච්ඡාවූ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට කටයුතු කරන බවයි. 

එතනින් එහාට ගොස්, ප්‍රතිස්ථායිකරණ (Anti Establishment) වැඩ පිලිවලවලවල්, කඩාකප්පල්කාරී අරගල මගින්  මගින් රටක කිසිඳු ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන, ක්‍රමයෙන් අසමත් රජයන් බවට රටවල් පත්කොට ලෝක බලවතුන්ගේ යටත් විජිත බවට ලංකාව වැනි කුඩා රටවල් බිලිදෙන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන්ද රිංගාගෙන ඉන්නේ මලිමාව අතුලටය. 

(මා මලිමාවට එරෙහිව හඬ නගන්නට ප්‍රධානතම හේතුව එයය) 

ඒකීය රටක් හා ජාතික වැඩපිළිවෙලක් විශ්වාස කරන ජනතාවක් සිය අපේක්ෂාව මෙවර බාරදී ඇත්තේ 2019 දී ඔවුන් පිලිකෙවූ කල දේශපාලන ව්‍යාපාරයකටය. ඒ ඔවුන්ගේ අපේක්ෂා උස්සා පොලවේ ගසා රට උකස්කළ ගෝඨා පාලනය ඇති කල අපේක්ෂභංග බව නිසාය. 

නව ජනපති තුමා මේ ගැන සංවේදී වනු ඇති බවට අප අපේක්ෂා කරමු. 2005 එතුමාද අද එතුමා හා සිටින ජවිපෙ inner core එකේ සාමාජිකයින් ද බහුතරයක් ද මහින්ද රාජපක්ෂ බලයට ගෙන්න උදවු කලේ බෙදුම්වාදී එවකට රනිල් වික්‍රමසිංහ ගෙන බෙදුම්වාදී වැඩ පිලිවලට එරෙහිවය. 

දැන් අපි සිටින්නේ 2024 ය. වඩා smart හා පුළුල් හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් මගින් මේවාට විසඳුම් ලබාදිය හැකිය. ඒ ගැන අවධානය යොමුකර සිදු කරන ඕනෑම කට යුත්තකදී නව ජනපති තුමාට හැකි සෑම සහයක්ම ලබාදීමට  අපේක්ෂා කරමු.  

දැන්වත් අපේ රට නිසි මාවතකට වැටෙවා. ආර්ථික අර්බුදය නිමවී නැතුවුවද, දැනට අපේ රට යම් ස්ථාවරයක ඇත. වත්මන් විදෙස් සංචිත හා විනිමය අනුපත මට්ටම පහලින් පලකොට මෙය මින් ඉදිරියට ගෙනයාමට නව ජනපතිතුමාගෙ පාලනයට හැකිවේවා යැයි පතමු. 

එසේම නව ජනපතිගේ සාධනීය ප්‍රතිසංස්කරණ වලට කඩාකප්පල්කාරී අකුල් හෙලීම් නොකරන මෙන් විශේෂයෙන් රාජ්‍යය නිලධාරීන්ගෙන් හා අලුත් විපක්ශ කණ්ඩායම් වලින් ඉල්ලා සිටිමු.

- වෛද්‍ය රුවන් ජයසුරිය



සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.