News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලනය අවසන් නොවේ..

Sep 23, 2024 at 10:57 AM
|

කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ නියෝජනය කළ උද්‍යෝගීමත් තරුණයෙකු වූ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර විසින් 1965 දී ජනතා විමුක්ති පෙරමුණ බිහි කරන ලදි. එවකට ඔහු අවුරුදු 22 ක තරුණයෙකි. විජේවීර ඇතුළු පක්ෂයේ පුරෝගාමියෝ ගම් පුරා දූවිලි වැකි වතින් යුතුව ඇවිදිමින් ග්‍රාමීය ගොවි තරුණයන් ආමන්ත්‍රණය කරමින්, සමාජ අසාධාරණයේ අඳුරු පැතිකඩත්, සාධාරණය උදෙසා සටන් කළ යුතු බවත් උගන්වමින් පක්ෂයේ සාමාජිකත්වය ප්‍රවර්ධනය කරන ලදි. 

එතැන් සිට අවුරුදු 60 ක් ගෙවී ගිය තැන එදා විජේවීර ඇතුළු පුරෝගාමියෝ ගොඩ නැගූ පක්ෂයේ 4වන නායකයා ශ්‍රී ලංකා ජනරජයේ 9 වන විධායක ජනාධිපති ලෙස මහජන ඡන්දයෙන් පත් වී ඇත. ඉතිහාසයේ අවස්ථා 2 කදී ජවිපෙ විසින් සන්නද්ධ ක්‍රියාමාර්ග ඔස්සේ දේශපාලන බලය අත්පත් කර ගැනීමට උත්සාහ කොට ඇත. එම උත්සාහයන් තුළ 50,000 කට අධික පක්ෂ සාමාජිකයන්, හිතවතුන් ඝාතනය විය. ඔවුන් විසින් ප්‍රතිපක්ෂයේ 20,000 ක් පමණ ඝාතනය කරවන ලදි. 2022 ජනතා කැළඹීම සඳහා ද ජවිපෙ අනියමින් සිය නායකත්වය ලබා දුනි.

1990 වසරේ පටන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ මැතිවරණ ඔස්සේ රටේ දේශපාලන බලයට සමීප වීමට ද ජවිපෙ උත්සාහ කොට ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් පත් කිරීම් සඳහා ජවිපෙ ගිවිසුම්ගතව සිය සහයෝගය ලබා දී ඇත. 1994 සිට අඛණ්ඩව පක්ෂයක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කොට ඇත. ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරු දරා ඇත.

ජවිපෙ සතුව රට පුරා පැතිරී ගිය 300,000 කට අධික පක්ෂ සාමාජිකත්වයක් ඇත. එය ඔවුන්ගේ ශක්තියයි. පක්ෂයේ ජනප්‍රියත්වය අන්තිම බිංදුවට වැටී ගිය තැන්වලදී පවා නොවෙනස් වූ ඒ ධෛර්‍යමත් "ජෙප්පන්" එලෙස හැඩ ගස්වා ඇත්තේ පක්ෂය සතුව පවතින අධ්‍යාපන යාන්ත්‍රණය තුළිනි. දැන් ලැබී ඇති ජයග්‍රණය ඔස්සේ එම පක්ෂ කාඩරය තවත් 5 ගුණයකින් පමණ ඉහළ දමා ගැනීමට ජවිපෙ සමත් වනු ඇති බව මගේ ගණන් බැලීමයි. ඔවුන් ඕනෑම දුෂ්කර තත්ත්වයකදී වුවත් සිය පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලබන තීරණ වෙනුවෙන් බිම් මට්ටම තුළ කොන්දේසි විරහිතව පෙනී සිටිනු ඇත.

ජවිපෙ විසින් රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම අහම්බයක් නොවේ. බලය ලබා ගැනීම සඳහා ඔවුන් දැඩි කැප කිරීම් සිදු කොට තිබේ. ප්‍රවාද මතවාද ගොඩනංවමින් ජන මනස හැසිරවීම් පිළිබඳව හසළ පළපුරුද්දක් ලබා තිබේ. පසුගිය දශක 4 ක පමණ කාලය තුළ රටේ පවතින වෘත්තීය සමිති ව්‍යාපාරය සහ ශිෂ්‍ය ව්‍යාපාරය මුළුමනින්ම පාහේ මෙහෙයවන ලද්දේ ජවිපෙ විසිනි. දැන් ඔවුන් මුද්‍රණය කොට ජනගත කරන ලද වැඩපිළිවෙල  ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවයි.

මා ජවිපෙට සුබ පතමි. ඒ සුබ පැතීම ඉතා අවංක එකක් බව සිහිපත් කරමි. කවරෙකු හෝ රටේත් ජනතාවගේත් සමෘද්ධිය උදෙසා කටයුතු කරන්නේ නම් එය අපගේ සතුටට හේතුවකි. නමුත් අපගේ දේශපාලනය එතැනින් අවසන් නොවන බැවින් අප තවදුරටත් දේශපාලනයේ නියැළෙන්නෙමු.

බොහෝ දෙනා ජවිපෙ 88/89 ක්‍රියාකාරීත්වය අපහාසාත්මක ලෙස විවේචනය කරද්දීත්, ජවිපෙ වත්මන් නායකයන් එම විවේචනවලට පිළිතුරු ලබා දීම මගහරිද්දීත් මා ඒ දෙස බැලුවේ වෙනත් ඇසකිනි. ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ ඉන්දියාව විසින් සිදු කළ බලහත්කාරී මැදිහත්වීමට එදිරිව කටයුතු කළ දේශප්‍රේමීන් සියළු දෙනා රට වෙනුවෙන් කැපකිරීම් සිදු කරන ලද්දන් බව මා එදාත් අදත් දරණ ස්ථාවරයයි. ග්‍රාමීයව එලෙස කටයුතු කළ අති බහුතර තරුණයෝ එම කැප කිරීම් සිදු කළේ දේශප්‍රේමීත්වයේ නාමයෙනි. විජේවීර විසින් ලියා පළ කළ 'දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක් ද?' කෘතිය එම බෙදුම්වාදී ප්‍රශ්නය පිළිබඳව මා හට දෘෂ්ටිවාදී බලපෑමක් ඇති කළ කෘතියකි. රනිල්ගේ ඊනියා සාම ක්‍රියාදාමයට එරෙහිව 'දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය' ඔස්සේ ජවිපෙ සිදු කළ මැදිහත්වීමට අප ස්තුති පූර්වක වේ. 

එහෙත් ජවිපෙ විසින් වත්මනෙහි යෝජනා කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය නොඑකඟතා රාශියක් අප සතුව පවතී. ඒවා ප්‍රශ්න කිරීමටත්, ඒ මත පිහිටා ජනතාව සංවිධානය කිරීමටත් අප කටයුතු කරන්නෙමු. නමුත් කිසිඳු අයුරකින් රාජ්‍යයේ ස්ථාවරත්වයට බලපෑම් ඇති කිරීම අපගේ භාවිතාව නොවේ. රාජ්‍යයේ ස්ථාවරත්වය අපගේ අංක 01 ප්‍රමුඛතාවයයි.

අප නියෝජනය කරන ජාතිකත්ව කඳවුර නිවැරදිව සංවිධානය කිරීම ඉදිරි දේශපාලන කටයුතු සඳහා මේ මොහොතේ ගත යුතු පළමු පියවරයි. ඊනියා නායකයන් ලෙස පෙනී සිටි ඇතැම් උද්දච්ච මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය මෙම කඳවුරෙහි ශක්තිය දුර්වල කිරීමට සාධක වී ඇත. සන්ධානගත දේශපාලන පුරුදු ඔස්සේ ප්‍රාග්ධනය මත යැපීමට ජාතිකත්ව කඳවුර හුරු කරනු ලදුව පවතී. වහාම මින් අත්මිදිය යුතු ය. නිශ්චිත මාර්ග සැළැස්මක් මුල් කරගත්, දේශපාලන අධ්‍යාපනයෙන් බල ගැන්වුණු ක්‍රියාකාරිකයන්ගෙන් සමන්විත දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය.

අප විශ්වාස කරන සභ්‍යත්ව රාජ්‍ය ගොඩ නැංවීම සඳහා අප විසින් නායකත්වය ලබා දිය යුතුය. දේශපාලනය අවසන් නොවන බව සිහි තබා ගනිමින් හෙට අවැසි දේශපාලනය සඳහා පෙළ ගැසිය යුතුය. 

-පැතුම් ඒ. රණසිංහ-

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.