දිලිත් ගෙන් අනුරට සුභපැතුම්!
අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය පිළිබඳව සුබාශිංසන පුද කර සිටින බව මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වූ දිලිත් ජයවීර මහතා පවසයි.
සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ මේ සුන්දර දිවයින සුරකින්නට සියලු දෙනා එක්ව ප්‍රමුඛත්වය දිය යුතු බවත් ය.
අදාළ සටහන පහළින්...
"අනුර කුමාර දිසානායක සහෝදරයා ලැබූ ජයග්‍රහණයට මාගේ අවංක හදපිරි සුබාශිංසන පුද කර සිටිමි. ශ්‍රී ලාංකේය ජනතාවගේ තීරණය යථාර්ථයක් වූ මෙවර ජනාධිපතිවරණය, රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රබල තහවුරු කිරීමකි. ජනයා නැගූ හඬට පිළිතුරක් ලැබී ඇති මේ මොහොතේ, නායකත්වය යනු හුදෙක් ජයග්‍රහණය පමණක් නොව බුද්ධිමත්ව, නිහතමානීව සහ අනාගතවාදී දැක්මකින් යුතුව දේශයක් පාලනය කිරීමේ වගකීම බව අපට මතක් කර දෙයි.
ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් නිර්මාණය කිරීමට අප සතු දැක්ම කෙරෙහි විශ්වාසය තබමින් මා හට තම වටිනා ඡන්දය පළ කළ සියලුදෙනාටම, මම කෘතඥපූර්වකව ස්තූතිවන්ත වෙමි. ඉතා කෙටි කාලයක් තුළ වුවත්, සම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ට අභියෝග කරමින් අලුත් අරමුණක් පෙරදැරිව අලුතින් හිතන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට අප සමත් වූයෙමු. ඔබ පළ කළ සෑම මනාපයකින්ම පිළිබිඹු වන්නේ අප දරනා සාරධර්ම සහ මාගේ නායකත්වය ඔබ අනුමත කරන බවයි. ඔබ තැබූ ඒ විශ්වාසය මම නිහතමානීව භාරගනිමි.
මෙම ජනාධිපතිවරණය මට ලබා දුන්නා අලුත් බලාපොරොත්තුවක්. අපගේ ජනතාව ගැන, ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලීන් ගැන සහ සාමුහික අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක්. වැදගත්ම කරුණ නම්, මව්බිමේ සුබසිද්ධිය, උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීමේ වගකීම පිළිබඳව මාගේ හැඟීම, මේ බලාපොරොත්තුවෙන් බලගැන්වෙමින් තවත් ශක්තිමත් වීමයි. ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිතයි. අප ලැබූ නව ජනවරමත් සමග දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමුඛ හඬ වන්නට අප සූදානම්. තව ද, පාර්ලිමේන්තු ක්‍රියාවලිය හරහා ගෙන එනු ලබන තීරණ විනිවිදභාවයෙන් වගවීමකින් යුතුව අපේක්ෂිත පරිදි ලබාදීම ද අපි සහතික වන්නෙමු.
අපේ කතාව ඇරඹුණා පමණයි.
මේ මොහොත ඉල්ලා සිටින්නේ සර්වජනයාගේ එකමුතුවයි. මේ සුන්දර දිවයින සුරකින්නට අපි එක්ව ප්‍රමුඛත්වය දිය යුතුයි.
නැවත වරක් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඔහුගේ කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට මාගේ සුබ පැතුම් පුද කරමි. ඔවුන් අපගේ දේශයේ සෞභාග්‍යය වෙනුවෙන් අඛණ්ඩව, බැරෑරුම්ව, කැප වී නායකත්වය දෙනු ඇතැයි මම විශ්වාස කරමි."
ස්තුතියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..