News Category
From Date
To Date
Maximum Number of Result

දේශීය සහ බටහිර වෛද්‍ය ක්‍රමය ඒකාබද්ධ කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ඕනෑ - ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ

Sep 20, 2024 at 04:32 PM
|

රටේ ආයුර්වේද සහ බටහිර වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධව ප්‍රථිකාර කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහළේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා සඳහන් කරයි.

ඒ මහතා සමග මේ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවක් පහළින්...

ජනාධිපතිවරණ උණුසුම සමග ළමා ශ්වසන රෝග ඉහළ යාමක් පිළිබඳව අහන්නට ලැබෙනවා. එය ඇත්තද?

ළමා ශ්වසන රෝගවල විශේෂ ඉහළයාමක් නම් වාර්තා වෙන්නෙ නෑ. පවතින කාලගුණික තත්වය අනුව යම් යම් වෙනස් කම් ඇති වුවත් ඒවා බරපතල වෙනස්කම් කියන්න බෑ.නමුත් සමස්ත සමාජයේ  ශ්වසන රෝග ඉහළ යාහැකි අවධානමක් මේ ජන ඒකරාශී වීම සමග, ඇතිවිය හැකියි.

ඔබත් දන්නවා කොරෝනා හෙවත් කොවිඩ් වසංගත තත්වය හමුවේ මුළු රටෙි ලොකු කුඩා සියලු දෙනා මුව ආවරණ පලදින්න පටන් ගෙන තිබුණ නිසා ශ්වසන ආබාධ විශාල වශයෙන් පහත වැටුනා. නමුත් දැන් නැවැත ජනතාව මුව ආවරණ පැළදීම අත්හැර දමා තිබෙනවා. මේ නිසා ජනාධිපතිවරණ සමයේ ජන ඒකරාශිවීම් බහුලව සිදුවන නිසා ශ්වසන රෝග ඉහළයාමක් සිදුවිය හැකි අවදානමක්  තිබෙනවා. නිශ්චිතවම ඒ ගැන කියන්න තව සති කිහිපයක් ගතවිය යුතුයි. 

සාමාන්‍යයෙන් අපේ රටෙි සීත කාලයේදී ඒ කියන්නෙ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පමණ කාලය තුල ශ්වසන ආබාධ වැඩිවීම ස්වාභාවික තත්වයක්.

පසුගිය කාලය පුරාවට රෝහල්වල ඹෟෂධ හිඟයක් ගැන අහන්න දකින්න ලැබුණා. දැන් ඒ තත්වය කොහොමද?

මෑතක නම් එහෙම ඹෟෂධ හිඟයක් ගැන අහන්න ලැබුණෙ නෑ.

ඔබ ළමා රෝග විශේෂඥයෙකු විදියට ඉතා වටිනා ⁣සෞඛ්‍යය මාර්ගෝප දේශ සහිත පොතක් ලියා පලකර තිබෙනවා.ඊට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඉතාම සතුටුදායක අන්දමේ ප්‍රතිචාර ලැබෙනවා. පොත පළමු මුද්‍රණය අලෙවි වී අවසන්ව තිබෙන නිසා දැන් දෙවන මුද්‍රණයත් පටන් ගත්තා. මෙරටෙි විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම  මාධ්‍යවේදීන් හා සාමාන්‍ය ජනතාවත් මෙම පොතේ අන්තර්ගතය ගැන ප්‍රශංසාත්මකව කතා කලා.දරුවෙක් ඉන්න සැම නිවසකම තිබිය යුතු පොතක් බවටත්, එහි ඇති සෞඛ්‍යය උපදෙස් පිලි පැදිමෙන් නිරෝගි දරුවෙකු හදාවඩා ගතහැකි බවටත්, සෞඛ්‍යය ක්ෂෙත්‍රයේ ආචාර්ය මහාචාර්ය වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. ඒ අතර හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍යය ක්ෂෙත්‍රයේ අනිකුත්  කාර්ය මණ්ඩල වලටත් ඔවුන් ගේ රාජකාරියේදී ප්‍රායෝගිකව වැදගත් වන පොතක් කියලත් ඔවුන් සදහන් කර තිබෙනවා.

එමෙන්ම පාසැල් පුස්තකාල  පොතක් වශයෙන් අනුමැතියට මේ වන විට  ඉදිරිපත් කර තිබෙනවා.

අපේ රටෙි දරු සම්පත රැක ගැනිම අන්සියලු කටයුතු වලට වඩා වැදගත් වෙනවා.මෙහී දී විශේෂයෙන් වෛද්‍යවරුන්ට විශාල වගකිමක් පැවැරෙනවා.ඒ අනුව ළමා සෞඛ්‍යය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති තව ශක්තිමත් විය යුතුයි කියල ඔබලා යෝජනා කර තිබුණා නේද?

ඇත්තටම රටක හෞතික සම්පත්වලට වඩා අගය කල යුත්තේ සහ රැක ගත යුත්තේ මානව සම්පතයි.අපේ දරුවන් අයත් වෙන්නෙ ඒ මානව සම්පතටයි.මේ නිසා ලෝක සෞඛ්‍යය සංවිධානය වගේම ,  ඒ සම්බන්ධ  ආයතන විටින් විට ළමා සෞඛ්‍යය යහපත් ලෙස පවත්වා ගෙන යාම සදහා නිර්ණායකයන් ඉදිරිපත් කර තිබෙනවා.

මොකද වසංගත රෝග තත්වයන්ට වඩා පහසුවෙන් හා ඉක්මණින් ගොදුරු වන්නේ අපේ කුඩා දරුවන් වීම ඊට හේතුව වී තිබෙනවා.ඒ අතර දැන්  කුඩා  දරුවන් පවා බෝ නොවන රෝගවලට සීග්‍රයෙන් ගොදුරු වෙමින් තිබෙන තත්වයක් දක්නට ලැබෙනවා.

ඒ ඒ රටවල දැනටමත් ක්‍රියාත්මක වන පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් සමඟ ඒකාබද්ධව කටයුතු කල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා.කොවිඩ් වසංගත තත්වය සමඟ මේ ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ලෝකයේ ඇතැම් රටවල   ක්‍රියාත්මක වුනා. එයින් ලබා ගත් අත්දැකිම් අපටත් තිබෙනවා.ඒ අනුව බෝවන හෝ බෝ නොවන රෝග සදහා අපේ රටෙි   දේශීය වෛද්‍ය  සහ ,ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුකූල ජීවන රටාව සහ ආහාර පාන රටාව  ආහාර  රටාව,ඹෟෂධීය බෙහෙවින් වැදගත් වන බව මේ වන විටත් ඔප්පු වී තිබෙනවා.මේ සත්‍යය තව දුරටත් වසංකල  නොහැකි නිසා  වෛද්‍ය ක්‍රමය සහ  බටහිර වෛද්‍ය ක්‍රම දෙක ඒකාබද්ධව ප්‍රතිකාර කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියක්  තුළින් ජනතාවට උපරිම සෞඛ්‍ය සේවයක් ලබාගත හැකියි..ජනාධිපතිවරණයෙන් පසුව බිහිවන නව රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම ඉතාම වැදගත්.

බටහිර වෛද්‍ය විද්‍යව සමඟ දේශීය වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධව කටයුතු කල යුතුයි කියන මතය බටහිර වෛද්‍යවරුන් ගේ පොදු මතයක්ද? සමහර වෛද්‍යවරු ඔය යෝජනාව විවෙිචනය කරනවා නේද?

මමත් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිකාර කරන කෙනෙක්.ලෝක සෞඛ්‍ය සංවිධානය 2005 වර්ෂයේ සිටම ඒ ඒ රටවල ක්‍රියාත්මක කෙරෙන පාරම්පරික, දේශීය ප්‍රතිකාර ක්‍රමය සමඟ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ඒකාබද්ධ කල යුතු බවට විටින් විට විවිධ නිර්දේශයන් ඉදිරිපත් කර තිබෙනවා.අනෙක බොහෝ අවස්ථාවල අපෙත් අත්දැකිම තමයි මේ ප්‍රතිකාර ක්‍රම දෙක යොදා ගෙන ප්‍රතිකාර කිරිමෙන් ඒ ප්‍රතිකාරවල ගුණාත්මක හා ථලදායිතාව වැඩි කර ගන්න පුළුවන් කියන කාරණය.මේ සම්බන්ධයෙන් බීජින් සම්මේලනය බැංකොක් සම්මෙිලනය වැනි ලෝක ප්‍රසිද්ධ සම්මේලනවලදීත් මේ වෛද්‍ය ක්‍රම දෙක ඒකාබද්ධව ක්‍රියාත්මක කිරිමෙන් ලබා ගත හැකි ප්‍රයෝජන පෙන්වා දී තිබෙනවා. පසු ගිය කොරෝනා කාලයේ මේ තත්වය සාක්ෂි වශයෙන්ම අත්විදින්න පුළුවන්කම ලැබුණා,  

 නාවින්න  ආයුර්වෙිද පර්යේෂණායතනයේ හා රාජගිරිය අයුර්වෙිද රෝහලේ දේශිය සහ ආයුර්වේද වෛද්‍යවරු සමඟ මමත් එකතු වී ඒ තැන්වලදී කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර  පිළිබඳව අධ්‍යයනයන් කළා ,එයින් අපි අත් දැක්කා බටහිර හා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම දෙක ඒකාබද්ධ කිරීමෙන් නිරෝගී  ජනතාවක්  බිහි කර ගන්න පහසුවෙන බව.චීනය කාම්බෝජය වියට්නාමය වැනි රටවල රජයේ රෝහල්වල මේ ඒකාබද්ධ ප්‍රතිකාර ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. අපේ රටෙිත් වෛද්‍යවරුන් හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩල මේ ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ අවශ්‍යතාව අවබෝධ කර ගෙන තිබෙනවා.

අපේ රටෙි ආර්ථික අර්බුදය සමඟ බොහෝ වෛද්‍යවරු රටහැර ගිය බව පසුගිය කාලයේ වාර්තා වුනා.මේ නිසා වෛද්‍යවරුන් ගේ හිඟයක් ඇති බවත් කියවුනා. දැන් තත්වය කොහොමද?

බටහිර වෛද්‍ය හිඟය විටින් විට මතුවෙනවා.නමුත් අපේ රටෙි වෛද්‍ය විද්‍යාලවලින් සහ විදේශීය රටවල වෛද්‍ය උපාධි ලබා වසරක් පාසා වෛද්‍යවරුන්  දෙදහසක් පමණ අලුතින් වෛද්‍ය සේවයට එකතු වෙනවා.මෙලෙස වෛද්‍ය සේවයට එක්වන අය වෛද්‍ය ක්ෂෙත්‍රයේ රඳවා ගැනිමේ වැඩ පිලිවෙලක් නිශ්චිතව ක්‍රියාත්මක වෙන්න ඕනේ.එමෙන්ම මානව සම්පත් පිළිබඳව අධ්‍යයනය කරලා අපේ රටෙි ජනගහණයට අනුව අවශ්‍යවන වෛද්‍යවරු සංඛ්‍යාව දියුණු රටවල් සමඟ සංසන්දනාත්මකව ගලපා ගෙන ඉදිරි වසර දහයක පහ⁣ලොවකට අවශ්‍ය වෛද්‍යවරුන් ගණනය කර ගත යුතු වෙනවා.ඊට හේතුව වෛද්‍ය හිඟයක් ඇති නොවිය යුතු වගේම, රැකියා නොමැති වෛද්‍ය අතිරික්තයක්ද ඇති නොවිමට වගබලා ගත යුතු වෙනවා.අසාමාන්‍ය ආකාරයට වෙනත් නිෂ්පාදන බිහිවෙන ආකාරයට වෛද්‍යවරු බිහි කරන්න බෑ.ඒ නිසා මේ සම්බන්ධයෙන්  රජයේ මැදිහත්වීමෙන් දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් සකස් කිරීම ඉතා වැදගත්.

මෙරටෙි වෛද්‍ය හිඟයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා වැඩි අවස්ථාවක් ලබා දිය යුතු බවට පසුගිය කාලයේ යෝජනා වී තිබුණා. ඒ ගැන ඔබලා දක්වන ප්‍රතිචාරය කොහොමද?

හතු පිපෙනවා වාගේ වෛද්‍ය විද්‍යාල හදලා වෛද්‍යවරු බිහි කරන්න බෑ.ඒ සදහා  රටේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට ,ඉහළ ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් බිහිකිරීමට රජයේ මැදිහත්වීමෙන් , විශේෂයෙන් ඒ සම්බන්ධ වගකීම දරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශවලට අනුකූලව වැඩපිළිවෙළක් තිබිය යුතුයි, මිනිස් ජීවිත ජිවිත සමඟ සෙල්ලම් කරන්න බෑ.ගුණාත්මක වෛද්‍ය සේවයක් සදහා අවශ්‍ය මානව සම්පත පිළිබඳව විධිමත් අධ්‍යයනකින් පමණයි මේ පිළිබඳව තීරණ ගත යුත්තේ.අපේ රටෙි දැනට තිබෙන වෛද්‍ය විද්‍යාලවලින් වසරකට සමජ ගත වන ⁣වෛද්‍යවරුන් ගේ සංඛ්‍යාව,වසරක් පාසා  විදෙස්ගත  වෛද්‍යවරු සංඛ්‍යාව,ජනගහණ වර්ධන වෙිගය ආදි මේ සියලු කරුණු අධ්‍යයනය කරලයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ.

අපි දැක්කා රෝහල් කීපයක්  සම්බන්ධ කරගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ගත් උත්සහයන් කීපයක්.  

වෛද්‍ය ක්ෂෙත්‍රයේ ප්‍රධාන අංශ හතරක් තිබෙනවා. වෛද්‍ය,ළමා වෛද්‍ය,ශල්‍ය වෛද්‍ය හා නාරි ප්‍රසව වෛද්‍ය කියන ප්‍රධාන අංශ හතරට අමතරව විශේෂඥ වෛද්‍ය අංශ පනහකට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ඒ හැම අංශයක් ගැනම දැනුමක් සහ ප්‍රායෝගික  සායනික  පුහුණුවක් සෑම වෛද්‍ය සිසුවෙකුම ලබා ගත යුතු වෙනවා. ඒ අනුව වෛද්‍යවරයකු බිහිකිරිම විධිමත් සැලසුමක් නැතුව කරන්න බෑ. මුදල්.තිබුණා කියල වෛද්‍යවරු බිහි කරන්න බෑ කියල අපි කියන්නෙ ඒ නිසයි.

ඔබ මුලින් සදහන් කලා බෝ නොවන රෝගවලට අපේ දරුවන් ගොදුරු වෙන ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වෙලා කියල.මේ තත්වයට හේතුව මොකක්ද?

මට රිජ්වෙි ළමා රෝහලේ බාහිර රෝගි අංශයේ තිබෙන අත්දැකිම් අනුව දිනකට ප්‍රතිකාර ලබා ගැනිමට දරුවන් 1500 පමණ පැමිණෙනවා, ඒ අතරින් මෑත කාලයේදී, දියවැඩියාව,අධික රුධිර පිඩනය,හෘද රෝග,හා කෙලොස්ටර්රෝල් වැඩි විම කියන මේ රෝගි තත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් අප නිරීක්ෂණය කලා, මේ නිසා අලුතින් ළමා දියවැඩියා සායන කිපයක් ආරම්භ කරන්න සිදුව තිබෙනවා.මේ තත්වයට ප්‍රධානම හේතුව ජිවන රටාවෙි වෙනස්කම් හා ආහාර රටාවෙි වෙනස්කම් කියල පැහැදිලියි.විශේෂයෙන්ම අපි ව්‍යවහර භාෂාවෙන් කියනවා නම් කෘතිම සහ ක්ෂණික ආහාර පාන වලට ඇබ්බැහිවීම   මේ රෝගි.තත්වයන්ට ප්‍රධාන හේතුවක් කියල කියන්න පුළුවන්.ඒ නිසා දෙමාපියන් , ගුරුවරුන් සහ වැඩිහිටියන් දරුවන් ගේ ආහාර  පාන රටාව ගැන  විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.පුංචිකාලයේ දරුවන්ට නොයෙක් කෑම දෙනවා.දැන් වෙළෙඳ පොලේ තිබෙන  කෑම දරුවන්ට දෙනවා නම් ඒ ගැන අවබෝධයෙන් හා අවධානයෙන් යුතුව තමයි දෙමාපියන් කටයුතු කල යුත්තේ.

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.