නෙතන්යාහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ යුදෙව් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්තා - ෂින් බෙට් ආරක්ෂක ඒජන්සිය

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් ඝාතනය කිරීමේ ඉරාන කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ බව කියන යුදෙව් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කළේ යැයි ෂින් බෙට් පුවත් සේවය පවසයි.
ඊශ්‍රායල පුරවැසියෙකු වන 73 හැවිරිදි මෝටි මාමන් නැමැති සැකකරුවෙකු පසුගිය මාසයේදී අත්අඩංගුවට ගත් නමුත් පොලිසිය සහ ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය වන ෂින් බෙට් සිද්ධියේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ(19 ) දිනයේදීය. විමර්ශකයන්ට අනුව, අෂ්කෙලොන් ප්‍රදේශයේ පදිංචි මාමන්, ඉරානයට දෙවරක් සංචාරය කර ඉරාන නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට මුදල් භාර ගෙන ඇත්තේය.
මාමන් දිගු කලක් තුර්කියේ ජීවත්ව සිට ඇති අතර තුර්කි සහ ඉරාන ජාතිකයන් සමඟ ව්‍යාපාරික හා සමාජ සම්බන්ධතා ඇති බවද බලධාරීහු පවසති. ඔහුගේ තුර්කි සබඳතා දෙකක් හරහා, ඔහු අප්‍රේල් මාසයේදී “ඉරානයේ ජීවත් වන එඩී නම් ව්‍යාපාරිකයෙකු” හමුවීමට එකඟ වූ බවද ෂින් බෙට් පැවසීය. මාමන් අවසානයට ඉරානයට අවස්ථාවේදී ඔහු ඉරාන ආරක්ෂක නිලධාරීන් හමුවූ බවද ඒජන්සිය පැවසේ.
එතැන් සිට, මාමන්ට මුදල් සහ ආයුධ නිශ්චිත ස්ථානවල තැබීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ වෙනත් ඊශ්‍රායල පුරවැසියන් සම්බන්ධ කර ගැනීම වැනි පැවරුම් ලබා දුන් බව ෂින් බෙට් පැවසීය.
අගෝස්තු මාසයේදී මාමන් දෙවන වරටත් ඉරානයට ගිය අතර එහිදී ඔහුට නෙතන්යාහු, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ ෂින් බෙට් ප්‍රධානී රොනෙන් බාර් වෙත “ඝාතන ප්‍රහාර දියත් කරන ලෙස” පවසා ඇති බවද ආරක්ෂක ඒජන්සිය පවසයි.
ෂින් බෙට් ඒජන්සියට අනුව,මාමන් ඔහුගේ සහභාගීත්වය සඳහා ඩොලර් මිලියනයක් අත්තිකාරම් ලෙස ඉල්ලා සිටි නමුදු ඉරාන බුද්ධි අංශ එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, ඔහු රැස්වීම්වලට සහභාගී වීම සඳහා යුරෝ 5,000 ($ 5,580) ලබා ගත් බව කියනු ලැබේ.
මාමන් ගේ නීතීඥයා පවසා ඇත්තේ ඔහුගේ සේවාදායකයා "ඔහුගේ ව්‍යාපාරයේ සන්දර්භය තුළ තබා විනිශ්චය කිරීමේදී දෝෂයක්" කර ඇති බවත්, ඔහු දැනටමත් ඊශ්‍රායල ආරක්ෂක සේවාවන්ට විශාල ලෙස උදව් කර ඇති බවත්ය.
ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාගේ භූමි ප්‍රදේශයේ ඝාතන සහ ප්‍රචන්ඩ ක්‍රියා මෙහෙයවන බවට නැවත නැවතත් එකිනෙකාට චෝදනා කර ඇත. මෑතකදී සිදු වූ සිදුවීම් අතර, හමාස් දේශපාලන ප්‍රධානී ඉස්මයිල් හනියේ ජූලි මාසයේදී ටෙහෙරානයේ සංචාරයක යෙදී සිටියදී ඝාතනය විය. ඉස්ලාමීය ජනරජය හනියාගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පවරනු ලැබීය. කෙසේ වුවද ඊශ්‍රායලය සිද්ධියට ඔවුන්ගේ තිබෙන සම්බන්ධය මෙතෙක් භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කර නැත.
Jewish man arrested over plot to kill Netanyahu – Shin Bet
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..