
සටන් විරාමයක් නැහැ... හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමන තුරු යුද්ධය නතර කරන්නේ නැහැ - ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි
ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, එතෙක් ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.
හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැහැදිලි කරයි.
කිසිදු කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවන් සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බව ද නෙදන්යාහු පැහැදිලි කර තිබේ.
හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 33 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි.
‘සටන් විරාමයකට යන්නැයි රටවල් බොහොමයක් අපට කියනවා. ඒත් සටන් විරාමයකට යෑම යනු ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ට යටත් වීමක්. එය කිසිසේත් කළ නොහැකියි. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමන තුරු, යුද්ධය ජයගන්නා තුරු, අප සටන් නවත්වන්නේ නැහැ’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
(අල් ජසීරා)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
