ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් වෙඩි තැබීමකින් ගැලවෙයි

එක්සත් ජනපද හිටපු ජනාධිපති සහ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච් හි trump International Golf Club ක්‍රීඩා පිටියේ ඊයේ(14) ක්‍රීඩා කරමින් සිටියදී ඔහු ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශය පැවසුවේ වෙඩි තැබීමෙන් හිටපු ජනාධිපතිවරයාට හානියක් සිදුවී නොමැති අතර ඔහු ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි.
“ජනාධිපති ට්‍රම්ප් අසල සිදුවූ වෙඩි තැබීම් වලින් පසුව ට්‍රම්ප් ආරක්ෂිතයි. මේ අවස්ථාවේ වැඩි තොරතුරක් දීමට නොහැකියි.”ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශයේ ප්‍රකාශක ස්ටීවන් චියුන්ග් පැවසීය.
ට්‍රම්ප් සම්බන්ධ සිදුවීම අමෙරිකානු රහස් සේවය විසින් පිළිගෙන ඇති අතර, එය විමර්ශනය කිරීමට පාම් බීච් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය සමඟ කටයුතු කරන බව X හි ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය දේශීය වේලාවෙන් පස්වරු 2 ට පෙර සිදු වූ බව එම සේවාව පවසයි.
ඇමරිකානු මාධ්‍ය මෙම සිදුවීම් පිළිබඳ එකිනෙකට පරස්පර තොරතුරු සමාජ ගිණුම් කිහිපයක පල කර ඇති අතර, මූලික වාර්තාවලින් පෙනී යන්නේ මෙම සිද්ධිය කිසිසේත් ට්‍රම්ප් සම්බන්ධ එකක් නොවූ අතර පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකාට වෙඩි තබා ගැනීමක් පමණක් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර ලැබෙන වාර්තා වලට අනුව , වෙඩි තැබීම ට්‍රම්ප්ට අදාලව සිදු වී ඇති බව පෙන්වා දී තිබේ. රහස් සේවය විසින් සැකකරුට වෙඩි තබා ඇති බව සීඑන්එන් වෙත ලැබී තිබෙන මූලාශ්‍ර පවසයි. නම හෙළි නොකළ නිලධාරීන් මේ පිළිබඳව සීඑනෙන් පුවත් සේවය වෙත පැවසුවේ සන්නද්ධ පුද්ගලයෙක් චේතනාන්විතව ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාටින් කවුන්ටි ෂෙරිෆ් කාර්යාලය ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කළේය. දැනට පවතින විමර්ශනය සඳහා "ඉන්ටර් ස්ටේට් 95" හි කොටසක් වසා දමා ඇති බව සටහන වැඩිදුරටත් පැවසීය.
“අපි මෙම තොරතුරු ලබා ගත හැකි වන පරිදි යාවත්කාලීන කරන්නෙමු,” ෂෙරිෆ් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී ට්‍රම්ප් ඝාතන තැතකින් දිවි ගලවා ගැනීමෙන් සති කිහිපයකට පසුව මෙම සිදුවීම සිදුව තිබේ. හිටපු ජනාධිපතිවරයා රැස්වීමක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර, එහි සිටි එක් ආධාරකරුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූහ. කෙසේ වුවද ආරක්ෂක අංශ ස්නයිපර් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමෙන් තෝමස් මැතිව් ක්‍රොක්ස් ලෙස හඳුන්වන අපරාධකරු එම ස්ථානයේදීම මිය ගියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..