අනුර, සජිත්, රනිල් මේ තුනම නටන්නේ එකම නැටුම - දේශප්‍රේමී ජාතික පෙරමුණේ සම්මන්ත්‍රණයට එල්ලවූ මැර ප්‍රහාරය ගැන නීතිඥ නුවන් බැල්ලන්තුඩාව කරුණු හෙළිදරව්වක (වීඩියෝ)
ඉකුත් දා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව එම පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සංවාදයක දී කරුණු හෙළිදරව් කිරීමක් සිදුකර තිබේ.
ඒ මහතා එහිදී පවසන්නේ එක්තරා පුද්ගලයකු පැමිණ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයන්ව වීඩියෝ ගත කළ බවත්, එම පුද්ගලයා විසින් එම සම්මන්ත්‍රණය සඳහා පැමිණ සිටි කාන්තාවන් පිරිසකට, එම ස්ථානයේ කලබලයක් ඇතිවන බව පූර්ව දැනුම් දීමක්ද සිදුකොට ඇති බවත් ය.
තමන්ගේ දේශනයේ දී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් ගැන හා ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන මුලින්ම විවේචනාත්මක කරුණු දැක්වීමක් සිදුකළ බවත්, පසුව අනුර කුමාර දිසානායක පිළිබඳව හා ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත්කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් තම විවේචනය සිදු කිරීම ආරම්භ කිරීමත් සමග මෙම ගැටුම නිර්මාණය වූ බවත්, ඒ සඳහා දායක වූයේ එම ස්ථානයේ රැඳී සිටිමින් වීඩියෝගත කළ පුද්ගලයා සහ ඔහුත් සමග එහි සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු බවත් නුවන් බැල්ලන්තුඩාව මහතා සඳහන් කරයි.
පසුව දැනගත් කරුණු අනුව එම පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ පුද්ගලයකු බවට කරුණු අනාවරණය වූ බවත්, මේ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..