තායිවාන ජනාධිපති ලායි චිං-ටේ නිකුත් කළ බෙදුම්වාදී ප්‍රකාශ චීන ප්‍රධාන භූමිය හෙළා දකියි
තායිවානයේ කලාපීය නායක ලායි චිං-ටේ ඊනියා "ෆෝමෝසන් ස්වයං-ගැලවීමේ ප්‍රකාශය" සනිටුහන් කිරීමේ සම්මන්ත්‍රණයක් අතරතුර ඔහු විසින් කරන ලද බෙදුම්වාදී ප්‍රකාශයන් හේතුවෙන් චීන ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු වන චෙන් බින්හුවා ඊයේ(14) ඔහු වෙත දොස් පැවරුවේය. එහිදී චෙන් බින්හුවා පැවසුවේ ලායිගේ ප්‍රකාශයන් ඔහුගේ ද්වේෂසහගත බෙදුම්වාදී චේතනාවන් සම්පූර්ණයෙන්ම හෙලිදරව් කරන බවයි.
චෙන් බින්හුවා රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙකු වේ. ඔහුට අනුව පසුගිය 14 වනදා පැවැති සම්මන්ත්‍රණය අතරතුර "තායිවානයේ නිදහසේ රන් දරුවා" ලෙස ඔහු කළ ප්‍රකාශය ඔහුගේ සැබෑ ස්වභාවය නැවත වරක් හෙළිදරව් කරනු ලබයි. එහිදී බින්හුවා වැඩිදුරටත් පැවසුවේ 'තායිවානයේ ඊනියා ස්වාධීනත්වය' සෙවීම වෙනුවෙන් ඔහු තුළ වන ද්වේෂසහගත චේතනාව සහ තායිවාන සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ගැටුමක් ඇති කිරීමට තිබෙන ඔහුගේ උවමනාව මනාව හෙලිදරව් කරන බවයි.
"ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස' යන සටන් පාඨයට මුවා වී ඔහු තායිවාන ජනයාගෙන් සුළුතරයක් විසින් දරන 'තායිවානයේ ස්වාධීන' මතවාදය තායිවානයේ බහුතර ජනතාව වෙත බලහත්කාරයෙන් ඇතුල් කිරීමට ලායි චිං-ටේ උත්සාහ කරනවා. මෙය ලායි සහ ඔහු නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (ඪ්ඵ්ඵ්) නිරන්තර උපක්‍රමයක්. "චෙන් පැවසීය.
ලායි මෙම මාවත දිගින් දිගටම අනුගමනය කළ හොත්, එය තායිවානය මිලිටරි ගැටුම්වල අන්තරාය කරා තල්ලු කරනු ඇති බවත්, තායිවානයේ ජනතාවට විශාල ව්‍යසනයන් ගෙන එනු ඇති බවත්, එහි ප්‍රතිවිපාක අනාගත පරම්පරාවන් සමඟ ඔවුන්ට විඳදරාගැනීමට ඉඩ හරිනු ඇති බවත් චෙන් බින්හුවා අනතුරු ඇඟවීය.
බොහෝ බෙදුම්වාදී වැරදි යෝජනා අඩංගු ඊනියා "ෆෝමෝසන් ස්වයං ගැලවීමේ ප්‍රකාශය" චීන ප්‍රධාන භූමිය සමඟ මුසු නොවන "තායිවානයේ නිදහස් ප්‍රකාශයක්" බව චෙන් බින්හුවා පෙන්වා දුන්නේය.
"තායිවානයේ අනාගතය පවතින්නේ ජාතිය යළි එක්වීම තුළ වන අතර, තායිවානයේ පුරවැසියන්ගේ යහපැවැත්ම ජාතික පුනර්ජීවනය මත රඳා පවතී. විවිධ පද්ධති නැවත එක්වීමට බාධාවක් නොවන අතර එවැනි පද්ධති වෙන්වීමට නිදහසට කරුණක් නොවේ. තායිවානයේ පුරවැසියන්ගෙන් බහුතරයක් සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ සැබෑ අරුත තේරුම් ගෙන තිබේ. එලෙසම 'හරිත භීෂණය' ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උල්ලංඝනය කිරීමක් බව අපගේ සමවැසියන් වන තායිවාන ජනයා හඳුනාගෙන තිබේ. 'තායිවාන ස්වාධීනත්වය' බෙදුම්වාදය පෝෂනය කරන්නක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට සහ ඔවුන්ගේම ආරක්ෂාවට තර්ජනයක් බව තායිවාන ජනයා හඳුනාගෙන තිබේ. 'තායිවානයේ ස්වාධීනත්වය' සහ බාහිර බලවේගවල මැදිහත්වීම් වලට තායිවාන ජනයා දැඩි ලෙස විරුද්ධ වනු ඇත." චෙන් අවධාරණය කළේය.
Chinese mainland slams Lai Ching-te for his latest secessionist remarks
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..