මෙරට වෘත්තිය සමිති කප්පම් දේශපාලනයෙන් බේරාගැනීමට වාමවාදී බලවේග එක්විය යුතුයි... රට විනාශ කරන්නට එන වෘක බළකාය පරජය කළ යුතුයි - දිලිත් කියයි
මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය කප්පම් දේශපාලනයෙන් බේරාගැනීමට වාමවාදී සියලුදෙනා එක්විය යුතු බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (11) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තිය සමිති පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක් අමතමිනි.
ෙසර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් මෙලෙස හමුවිය.ෙඑහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
"මේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාරය කියන්නේ නිර්මල ව්‍යාපාරයක්. මෙන්ම මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි මේ දම්පාට.. වමයැයි ඇවිල්ලා අද වමනය දාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණ පාවලා දුන්නේ. අද මේක කප්පම් ව්‍යාපාරයක්. අද පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන්ගේ අයිතිවාසිකම් යනුවෙන් පෙනි සිටිමින් ඒ හාම්පුතුන් සමග ඩීල්වල ඉන්න වෘත්තිය සමිති ව්‍යාපාරයක්. තමන්ගේ ශ්‍රමය හදවතින් දායක කරන ඒ සේවකයාගේ වැටුප් වර්ධකයටත් හොර රහසේ පොකට් ගහනවා නම්... ඒකත් අරගෙන ගිහිල්ලා තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය සඳහා අවශ්‍ය අරමුදලට දාගෙන ඉන්නවා නම්... එවැනි ආයතනයක් තියෙනවා නම්... බිල්ඩිමක් තියෙනවා නම්.. 09 වන තට්ටුවේ... ගහගන්න අකුණු සන්නායකයක්. අපි පෙනී සිටින්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ ඒ සැබෑ අයිතිවාසිකම් වෙනුවෙන්."
"මම මගේ පළවෙනි සමාගම 1993දී ආරම්භ කරනකොට අපිට හිටියේ එක සේවකයයි. ඒ සේවකයා අවේ අත්උදව්වට. ඔහු ආව පළවෙනි දවසේම මම ඔහුට කිව්වා මට සර් කියන්න එපා... මට දිලිත් කියලා කියන්න කියලා. ඔහු අදටත් මට කතා කරන්නේ දිලිත් කියලා. ඒක නේද අපි විශ්වාස කරන සමානාත්මතාවය."
"ඒ සහෝදරවරුන්ට මතක් කරන්නට ඕනේ මේ සහෝදරත්වය තියෙන්නේ හදවතේ. අපේ රට විනාශ කරන්නට එන වෘක බළකාය. ඔවුන් පරාජය කළ යුතුයි. කොන්දේසි විරහිතව."
මූලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..