News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍ය පාලිත රාජපක්ෂ ගැන විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව වෛද්‍ය නිලධාරීන් දැඩි තීරණයක් ගනී... ලබන බදාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

Sep 11, 2024 at 05:59 PM
|

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

මීට අමතරව අද (10) දින සිට සියලුම රෝහල්වල දින 07ක්  කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කර ඇති නිවේදන පහළින්...

මාධ්‍ය නිවේදනය

වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක අසාධාරණ සහ පදනම් විරහිත විනය පරීක්ෂණ වලට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග.

දුෂ්කරතා ගණනාවක් මධ්‍යයේ වුව ද ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ඉහලින්ම ඔසවා තැබීම වෙනුවෙන් කැප වී සිටින වෛද්‍යවරුන් අධෛර්යමත් කරන සහ පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග සහ පාර්ශව ගණනාවක් සම්බන්ධයෙන් අප දිගින් දිගටම කරුණු හෙළි කර ඇත. 

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ කාර්යභාරය සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ කිසිඳු තාක්ෂණික දැනුමක් නොමැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අත්තනෝමතික සහ පදනම් විරහිත  ක්‍රියා කලාපය, දිගින් දිගටම වෛද්‍යවරුන් පීඩාවට පත් කරමින් ඇත.

වඩා බැරෑරුම් ගැටලුව වනුයේ, සෞඛ්‍ය සේවාවේ ගැටලු සහ අක්‍රමිකතා පිළිබඳ ජනතාවට සත්‍යය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ ප්‍රයත්නයන්ය. ඖෂධ හිඟය සහ එහි බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මත පටවන ලද අසාධාරණ, අයුක්තිසහගත සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණය තවමත් අවසන් නොවීම ඊට හොඳම උදාහරණයයි.

දේශපාලන බලපෑම් මත, කිසිදු විධිමත් පැමිණිල්ලකින් තොරව විමර්ෂන අංශය විසින් මෙම විනය පරීක්ෂණය ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදි අනුගමනය කරන ලද ක්‍රමවේදය ද අතිශයින් දෝශ සහගත බව නිරීක්ෂණය වී ඇත. එමෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ පවා මුළුමනින්ම නොසලකා හරිමින් කටයුතු කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා අනුකමිටුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ද අතිශයින් ප්‍රශ්ණසහගතය. මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස හිටපු දේශපාලන බලාධිකාරියක් ක්‍රියාත්මක වන්නේ දැයි බරපතල සැකයක් පවතී.

ඒ අනුව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගේ විනය පරීක්ෂණය, එහි ආරම්භයේ සිටම පදනම්  විරහිත සහ පක්ෂග්‍රාහී ලෙස, ඔහු ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හඬ නිහඬ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති බව තහවුරු වෙමින් ඇත.

මෙම අසාධාරණ විනය පරීක්ෂණයට සහ විමර්ශන අංශයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයන්ට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෙරට සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි උද්ඝෝෂණ මාලාවක් පසුගිය සතියේ දී පවත්වන ලදී.

එහෙත් තවමත් මෙම ගැටලුව විසඳා අවසන් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා අනුකමිටුව ප්‍රමුඛ වගකිවයුතු පාර්ශව අසමත් වී තිබීම විමතියට කරුණකි. එයින් පෙනී යන්නේ විරෝධතා හරහා ලබාදුන් සංඥාව නිවැරදිව වටහා ගැනීමට ඔවුන් සමත් වී නොමැති බවයි.

එබැවින්, ඊයේ දිනයේදී පැවැත්වුණු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම ගැටලුව වහාම විසඳීමට වගකිවයුත්තන්ට බල කරමින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග එළඹෙන සතිය තුළ දී වඩාත් තීව්‍ර කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී.

ඒ අනුව පහත තීරණවලට එළඹෙන ලදී.

1. රට පුරා සියලු රෝහල් පරිශ්‍රයන් තුල විරෝධතාවය පල කරමින් කලු කොඩි දැමීම.

2. වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ උත්සාහය පිළිබඳව අත්පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීම. 

3. අසාධාරණ විනය පරීක්ෂණය ඉවත් කර  වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට සාධාරණය ඉටු කිරීමට දින 07 ක කාලයක් ලබා දෙනු ලැබේ. එය ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් එළඹෙන සැප්තැම්බර් මස 18 වැනි බදාදා දින උදෑසන 8.00 සිට දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. 

4. මෙම විනය පරීක්ෂණය අසාධාරණ සහ පක්ෂග්‍රාහි ලෙස පැවැත් වූ විමර්ෂණ අංශයේ නිලධාරීන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කල යුතුය.  

5. සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට දින 14 ක කාලයක් ලබා දෙනු ලැබේ. ඒ වෙනුවෙන් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන්නේ නම්, මෙම මස අවසන් සතියේදි පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්විමේදි ඒ පිළිබඳ ඉදිරි තීරණ ගනු ඇත.  

නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් තම හඬ අවදි කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නායකයින් මර්දනය හරහා නිහඬ කළ හැකි යැයි යම් පාර්ශවයක් සිතන්නේ නම්, එය අතිශයින් වැරදි බව මේ වන විට සනාථ වෙමින් පවතී. 

අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ ඉවත් කරගනිමින් මෙම ගැටලුව විසඳීමට අපොහොසත් වන්නේ නම්, මෙම වෘත්තිය ක්‍රියාමාර්ග  වඩාත් තීව්‍ර කිරීමට සිදුවනු ඇති අතර, එහිදී සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් ජනතාවට යම් අපහසුතාවයක් ඇති වන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම මෙම න්‍යාය පත්‍ර පිටුපස ඇති සියලු පාර්ශව භාරගත යුතුය.

ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්. 




සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අද (13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මේ මස අවසානයේදී සිය තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
රජයේ සහතික මිල යටතේ වී කිලෝවක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 50කට ආසන්න පාඩුවක් දරාගනිමින් බවට ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කරයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.