අග්නිදිග යුක්රේන ප්‍රදේශවල පෙර ජීවත්වූ ජනතාවට රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වීමට තිබූ ස්වයං නිර්ණ අයිතිය, පලස්තීන ජාතියට තම පැවැත්ම තීරණය කිරීමට ඇති ස්වයං නිර්ණ අයිතියට සැම අතින්ම සමානයි - කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
අග්නිදිග යුක්රේන ප්‍රදේශවල පෙර ජීවත්වූ ජනතාවට රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වීමට තිබූ ස්වයං නිර්ණය අයිතිය, පලස්තීන ජාතියට තම පැවැත්ම තීරණය කිරීමට ඇති ස්වයං නිර්ණ අයිතියට සැම අතින්ම සමාන බව කොළඹ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පලස්තීන සහ යුක්රේන ගැටලු අතර පැහැදිළි වෙනස්කම් තිබුන ද පලස්තීනයට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඇති අයිතිය සෑම රටක්ම පාහේ පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල තීරණ මගින් එය වඩාත් හොඳින් තහවුරු වී ඇති බවත් එම නිවේදනයෙන් දක්වා ඇත.
අදාළ නිවේදනයේ සිංහල පරිවර්තනය සහ ඉංග්‍රීසි පිටපත පහළින්...
කොළඹ රුසියානු තානාපති කාර්යාලය
2024 සැප්තැම්බර් 09
පලස්තීනය සහ යුක්රේනයට අයත්ව තිබූ ප්‍රදේශවල ජනතාව: ස්වයං නිර්ණයට ඇති සමාන අයිතිය
අග්නිදිග යුක්රේන ප්‍රදේශවල පෙර ජීවත්වූ ජනතාවට රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වීමට තිබූ ස්වයං නිර්ණය අයිතිය පලස්තීන ජාතියට තම පැවැත්ම තීරණය කිරීමට ඇති ස්වයං නිර්ණ අයිතියට සැමතින්ම සමාන වේ.
1970 වර්ෂයේදී එළි දැක්වූ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයට අනුව, ස්වෛරී සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමෙන් (පලස්තීනය සම්බන්ධයෙන් විශ්වීය වශයෙන් පිළිගත්) හෝ වෙනත් රටකට නිදහසේ සම්බන්ධව සිටීමෙන් ස්වයං නිර්ණ අයිතිය ක්‍රියාත්මක කළ හැකිය. ක්‍රිමියාවේ සහ අග්නිදිග යුක්රේනය සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් කළ එම ප්‍රදේශ රුසියාවේ කොටසක් වීමට පෙර යුක්රේනයෙන් වෙන් වීමට කටයුතු කර තිබුණි. නිසැකවම, පලස්තීන සහ යුක්රේන ගැටළු අතර පැහැදිළි වෙනස්කම් තිබේ. එසේ වුවද පලස්තීනයට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඇති අයිතිය සෑම රටක්ම පාහේ පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල තීරණ මගින් එය වඩාත් හොඳින් තහවුරු විය. පැරැණි යුක්‍රේන සෝවියට් සමාජවාදී ජනරජයේ අග්නිදිග කළාපීය ජනතාව සම්බන්ධයෙන් වන පැහැදිළි කිරීමට අනුව මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ අර්ථයෙන් ස්වයං නිර්ණ විෂයයන් ලෙස විස්තර කිරීමට අනුවද එම ජනයාගේ ස්වයං නිර්ණය කිරීමේ මොහොත සැබවින්ම නව්‍ය විය. ඊට ව්‍යතිරේඛව, පලස්තීනය සම්බන්ධයෙන් ගත් කළ එය අව්‍යාජව සුරක්ෂිත කිරීමට නම් ඊශ්‍රායල ආක්‍රමණය නැවැත්වීම, එහි භූමියේ රාජ්‍යත්වය ඊශ්‍රායලයෙන් වෙන්වීමට වඩා අත්‍යශ්‍ය වන්නේය. යුක්රේනයට අයත්ව තිබූ ප්‍රදේශ වෙන්වීම වෙනුවට ඔවුන්ගේ ස්වාධීනත්වය ප්‍රකාශ කර රුසියාවට සංස්ථාපිත විය.
කාරණය කුමක් වුවත්, සමීකරණයෙන් නීතිමය සියුම්කම් අත්හැර දමා ඇති අතර, එමගින් ගම්‍ය වන ප්‍රධාන අදහස පහත දැක්වේ. ක්‍රිමියාවේ, ඩොන්බාස්, සැපෝරෝෂියේ සහ කෙර්සන් ප්‍රදේශයේ ජනගහණය ඊශ්‍රායල ආක්‍රමණය යටතේ ජීවත් වන පලස්තීනුවන් සොයන ආකාරයටම නිදහස සොයා ගැනීමට උත්සාහ කළහ. කෙසේ වෙතත්, බටහිර රටවල් මැදිහත් වී අවස්ථා දෙකේදීම පොදු ජනයාගේ අභිලාෂයන්ට බාධා කිරීම කරනු ලැබීය. ඔවුන්ගේ එම ආස්ථානය ජාත්‍යන්තර නීතිය තවත් කුහක සහ ද්විත්ව ප්‍රමිතියකින් යුත් "අර්ථකථනය" කිරීමක් වේ.
- කොළඹ රුසියානු තානාපති කාර්යාලය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..