News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලන උවමනාවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල බිලිදෙන අනීතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වැළැක්විය හැක්කේ කෙසේද?

Sep 7, 2024 at 02:59 PM
|

දැනට ගෙවමින් පවතින්නේ මැතිවරණ සමයයි. සාකච්ඡා, එකඟතා, විරෝධතා යනාදී සියල්ල මතින්, දේශපාලන පොරපිටිය මීළඟ ජනාධිපතිවරයා තීරණය කිරීම සඳහා සකස් වෙමින් පවතී. පසුගිය සතියේ ඉතා තීරණාත්මක දේශපාලන හමුවක් මාධ්‍ය වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරම් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබුණි. මෙම හමුව අවසානයේ සුමන්දිරම් මහතා ඉතා පැහැදිලිව ඉල්ලා සිටියේ , ජනාධිපතිවරණයේ දී  රනිල් වික්‍රමසිංහට සහය වීම සඳහා දහතුන් වන ව්‍යවස්ථාව සංශෝධනය ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කළ යුතු බවයි. පලපුරුදු දේශපාලනඥයෙකු ලෙස, පවතින දේශපාලන තත්ත්වය තම දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම සුමන්දිරම් මහතාට නුපුරුදු දෙයක් නොවේ.

එම සතියේම ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් හමුවූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. එය විවෘත හමුවීමක් වූ අතර, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම බලධාරීන්ද මෙම රැස්වීමට සහභාගී වී තිබීම දක්නට ලැබුණි. මෙහිදී ජනාධිපතිවරයා, විශ්වවිද්‍යාල ඉහළ ප්‍රමිතියකට ඔසවා තැබීම තම අභිප්‍රාය බව සඳහන් කළ අතර, රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද අදහස් දක්වා ඇත. එයින් නොනැවතී, විශ්වවිද්‍යාල කළමනාකරණය සඳහා නව මොඩලයක් හඳුන්වා දෙන බවද පවසයි. මෙම හමුව සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ කොපමණ නියෝජනයක් තිබුණු දැයි මෙම ලේඛකයාට අදහසක් නොමැත. ඒ කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමේ අනුව, ඔහු තව දින කිහිපයකින් දූර කාලය හැරයන ජනාධිපතිවරයෙක් ලෙස අදහස් දක්වා නැති අතර, එයට සහභාගි වූ ආචාර්යවරු ද එය එසේ නොසලකා ඇති බව පෙනෙන්නට ඇත. මෙය ඉතා පැහැදිලිව ජනාධිපතිවරයා විසින් ඉදිරි මැතිවරණය ඉලක්ක කොට ගෙන, සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් පවත්වන ලද හමුවක් බව පෙනේ. මෙම හමුවීම් ද්විත්වය තුළින් ඉතා පැහැදිලි වෙනසක් අවධාරණය කළ හැක. සුමන්දිරම් මහතා, දේශපාලන අභිලාෂ ඉටු කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යම් පීඩනයක් එල්ල කරන බව පැහැදිලිය. එය දියුණු හා තියුණු දේශපාලනික මැදිහත්වීමකි. අනෙක් අතට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හමුව, ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය නැංවීම වෙනුවෙන් වූ හුදු සුහද හමුවකි.

මෙම වෙනස මේ මොහොතේ වැදගත් වන්නේ අන් කිසිවක් සඳහා නොව, මෙරට උසස් අධ්‍යාපනයට ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කෙරෙන,  වත්මන් රජය විසින් ජනපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වය යටතේ ඉදිරිපත් කරන ලද, දැනට ක්‍රියාත්මක තලයේ පවතින අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වළක්වන්නේ කවුද? ඒ කෙසේද? යන්නටයි. මෙම ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගතය පිළිබඳ ජනතාවට, විශේෂයෙන්ම සිංහල පාඨකයින්ට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති තත්ත්වයක් තුළ, එය පිළිබඳ ඉතා කෙටි හඳුන්වා දීමක් කළ යුතුය. රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඉක්මවා යමින් මධ්‍යම රජයද සතුව ඇති විශ්ව විද්‍යාල පිහිටීමේ සහ පවත්වාගෙන යාමේ වගකීම සම්පූර්ණයෙන්ම පළාත් සභාවන්ට පැවරීමට මෙහිදී යෝජනා කරයි. නැවත රාජ්‍ය විශ්ව විද්‍යාල පිහිට නොවීමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇති අතර, නව විශ්වවිද්‍යාල පළාත් සභා යටතේ පමණක් පිහිට වනු ඇත. එමෙන්ම, ව්‍යවස්ථාවේ උපදේශන කාර්යයක් පවරා ඇති පළාත් අධ්‍යාපන මණ්ඩලය සඳහා ස්වයං පාලන බලතල යෝජනා කරයි. ලංකාවේ ඒකීය තත්ත්වය අභියෝගයට ලක් කරමින්, අනුයෝජිතතා මූලධර්මය (The Principle of Subsidiarity) අනුව මධ්‍ය දුර්වල කර, ව්‍යවස්ථාව ඉක්මවා යන බලය විමධ්‍යගත කිරීමේ වුවමනාව විවෘතවම සඳහන් කර ඇත. මෙම කාරණා පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් සඳහා මෙම පුවත්පතටම මා විසින් රචිත අගෝස්තු 18 දින පළ වූ “විශ්වවිද්‍යාල පළාත්සභා කරණය කිරීමේ අනතුර” ලිපිය කියවන්න.

නිසැකවම විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශාස්ත්‍රවේදීන් විශ්ව විද්‍යාල ප්‍රජාව මෙම අනීතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වැළැක්වීම සදහා පෙරමුණ ගත යුතුය. ඒ මක් නිසාද යත්, මෙම යෝජිත ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන ගොදුර වන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධතියයි. නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ එයට එරෙහිව ශක්තිමත් මතවාදයක් ජනතාව තුළට රැගෙන යාමට තවමත් අපොහොසත් වීමයි. ප්‍රතිපත්ති රාමුව හරහා විශ්ව විද්‍යාල පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳ නිවැරදි සහ සංගත තක්සේරුවක් විශ්ව විද්‍යාල ප්‍රජාව අතරද පවතීද යන්නද ගැටලුවකි. මෙම ප්‍රතිපත්ති රාමුව පිළිබඳව දැනට සුළු වශයෙන් හෝ ජනගත වී ඇති විරෝධය පවා එක්තරා ධ්‍රැවීකරණය වූ ස්වභාවයක් ගනියි. එනම් මෙහි බොහෝ විවේචකයින් මෙම ප්‍රතිපත්තිරාමුවේ අධ්‍යාපන වෙළඳපොලකරණ නැඹුරුව දෙසට පමණක් ම සිය විවේචන සීමා කරයි. මවිතයට කරුණ නම් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති  ව්‍යවස්ථා විරෝධී අධ්‍යාපන විමධ්‍යගතකරණය සහ විශ්වවිද්‍යාල පළාත්සභා කරනය මෙම විවේචකයින්ට මගහැරී තිබීමයි. මෙය එක්තරා දුරකට විවේචකයින් දරන දේශපාලන ආස්ථානයන් නිසා සිදුවන දෙයක්ද විය හැක. නව ප්‍රතිපත්ති රාමුවට එරෙහිව ශක්තිමත් මතවාදයක් ජනතාව තුළට රැගෙන යමින් සියලුම පක්ෂ සහ අපේක්ෂකයින් සඳහා යම් පීඩනයක් එල්ල  කරමින් නිරත විය යුතු තියුණු දේශපාලනය මැදහත් වීමක් ඇත්තේම නැති තරම්ය. මැතිවරණ සමය ඒ සඳහා තෝතැන්නක් බව නොකියව මනාය. අප අපතේ යවන්නේ මෙම වැදගත්  මොහොතයි.

මෙහිදී ජනතාව වෙත රැගෙන  යා යුතු ඉතාම වැදගත් පණිවිඩය නම් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන න්‍යායපත්‍රයකට අනුව යමින් ඉදිරිපත් වී ඇති බවයි. එය ඉතා පහසුවෙන් පෙන්වා දිය හැක. මෙම දේශපාලන න්‍යායපත්‍රය හඳුනා ගැනීම සඳහා මෙම අධ්‍යාපන ප්‍රතිපත්තියේ මතවාදී පදනම වන අනුයෝජිතතා මූලධර්මය (The Principle of Subsidiarity) දෙස විමසීමක් කළ යුතුය. මෙම මූලධර්මය  ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය තුළ අත්හදා බැලුවේ  යහපාලන රජය විසින් පිළියෙල කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත තුළය. එම කෙටුම්පතේම පිළිගන්නා පරිදි මෙම මූලධර්මය රටේ දැනට පවතින ඒකීය තත්ත්වයට එරෙහිව යයි. දැඩි ජනතා විරෝධතා මත හකුලා ගැනුණු මෙම වෑයම නැවත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් මතු වී ඇත. ජනපති රනිල් වික්‍රමසිංහ දහතුන් වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම අරභයා පාර්ලිමේන්තුව හමුවේ 2023.08.09 දින පැවැත්වූ කතාව විමසූ විට මෙම තත්ත්වය කිසිසේත්ම පුදුමයකට කරුණක් නොවේ. මෙහිදී ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම යහපාලන සමයේ නැවතූ තැනින් ඉදිරියට යෑම තම අභිප්‍රාය බව සඳහන් කරයි. ඒ සඳහා තමාට ජනවරමක් තිබේද යන්න පිළිබඳ ජනාධිපතිවරයාට එතරම් තැකීමක් නොතිබූ බවක් පෙනේ. ඒ කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිපත්තියේ මතවාදී පදනම යහපාලන යුගයේ අසාර්ථක ව්‍යාපෘතියක් තුළින් මතු කෙරී ඇත. මීට අමතරව විශ්ව විද්‍යාල පිහිටවීම සඳහා පළාත්සභා බලගැන්වීමක් පිළිබඳව ද  ජනාධිපතිවරයා අදහස්  දක්වන ලදී. විශ්ව විද්‍යාල පිහිටවීම සමගාමී කාර්යයක් ලෙස ව්‍යවස්ථාවේ සඳහන් කර තිබියදීත් ජනාධිපතිවරයා මෙයින් අදහස් කළේ කුමක්ද?  ඔහුගේ සභාපතිත්වයෙන්  ඉදිරිපත් කරන ලද නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් එය පැහැදිලි වේ. එනම් විශ්වවිද්‍යාල පිහිටවීමට සහ පවත්වාගෙන යෑමට මධ්‍යම රජයට ඇති ව්‍යවස්ථාපිත අධිකාරිය අහෝසි කර එය පළාත් සභාවේ තනි අධිකාරියකට යටත් කිරීමයි. කොතරම් අදූරදර්ශී තීරණයක් ද?  මෙය පළාත්සභා බලගැන්වීමකට වඩා වාර්ගික සහ ප්‍රාදේශීය දේශපාලන අත මාරුවක් වෙනුවෙන් විශ්ව විද්‍යාල බිලිදීමකි. මේ හරහා අප රටට තවදුරටත් ජාතික විශ්ව විද්‍යාල අහිමිවනු ඇත. 

ඉතා පැහැදිලිව මෙම පණිවිඩය ජනතාවට සංවේදී වනු ඇත. මෙරට සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සමාජ සංචලනය සඳහා ඇති ප්‍රධාන මෙවලමයි. එය තුළ සමාජ සාධාරණත්වය අහිමි වීම, වාර්ගික අභිලාෂ හා ප්‍රාදේශීය වාදය මතුවීම,  විනිවිද භාවයෙන් තොරවීම දැඩි මහජන කම්පනයට හේතුවනු ඇත. මේ හරහා ගොඩ නැගෙන මහජන අප්‍රසාදය මෙකී අධ්‍යාපන ප්‍රතිපත්තිය ආපසු හැරවීම සඳහා යොදාගත හැකි වනු ඇත.

- ආචාර්ය නාලක සමරවීර, ඉංජිනේරු පීඨය, මොරටුව විශ්ව විද්‍යාලය


සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.