News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව වෙනිසියුලානු ජනාධිපති මදුරෝගේ ගුවන් යානය අත්අඩංගුවට ගත්තා - සී එන් එන් පුවත් සේවය

Sep 3, 2024 at 11:10 AM
|

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය  අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ  කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය.

වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්‍රහණ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේය.

“විදේශීය රාජ්‍ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන්  නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ   සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

සීඑන්එන් පුවත් සේවයට අනුව, යානය ඩොලර් මිලියන 13 ක් පමණ වටිනා වන අතර එය ඩොමිනිකන් රජයේ බලධාරීන්ගේ සහයෝගයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සීඑන්එන් පුවත් සේවය ගුවන් යානයේ වර්ගය හඳුනාගෙන නොමැති අතර එය ඩොමිනිකන් ජනරජයේ ගුවන් තොටුපලකදී  අත්අඩංගුවට ගෙන ෆ්ලොරිඩාවේ මියාමි ගුවන් තොටුපල  වෙත පියාසර කළ බව පමණක් වාර්තා කළේය. අමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක, වාණිජ සහ යුක්තිය පසඳිලීමේ දෙපාර්තමේන්තුව ගුවන් යානය අත්පත් කර ගැනීමට සම්බන්ධ වී ඇති බවද සීඑන් එන් පුවත් සේවය වාර්තා කළේය.

Miami Herald පුවත් පත මෙම ජෙට් යානය Dassault Falcon 900EX ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රංශයේ නිෂ්පාදිත විශේෂිත ජෙට් යානයක් වේ. එම යානය මීට පෙර කියුබාව, බ්‍රසීලය සහ ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් වෙත පියාසර කර ඇති අතර, බොහෝ අවස්ථාවල වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ යානයේ ගමන් කර ඇත. එය සැන් මරිනෝ රාජ්‍යයේ ලියාපදිංචි වී ඇති බවද වාර්තා වේ.

මියාමි හෙරල්ඩ් පුවත් සේවය විසින් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) වාර්තා උපුටා දක්වමින් ෆ්ලොරිඩාව පදනම් කරගත් සමාගමක් විසින් මෙම ගුවන් යානය ශාන්ත වින්සන්ට් හි සමාගමකට විකුණා දමා ඇතැයි පවසයි. පසුව එය සැන් මරිනෝ රාජ්‍යයේ සමාගමක් වෙත නැවත විකුණා ඇත. කෙසේ වුවද ගුවන් යානය මිළදී ගත් සමාගම වෙනිසියුලාවට අයත් දුරකතන සේවා සපයන සමාගමක් බවත්, එම ගනු දෙනුවෙන් වෙනිසියුලාවට පනවා ඇති සම්බාධක කඩ කළ බවත් ඇමෙරිකානු රජය චෝදනා කරයි.

ඇමරිකානු නිලධාරීන් වෙනිසියුලාවට අයත් මෙම ජෙට් යානය එක්සත් ජනපදයේ “එයාර් ෆෝස් වන්” ගුවන් යානයට සමාන බව විස්තර කරමින් පවසා සිටියේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ එම යානයෙන් ස්ථාන ගණනාවකට පියාසර කර ඇති බවයි. පසුගිය ජූලි 28 වනදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසු වෙනිසියුලාව ඩොමිනිකන් දිවයින සමඟ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම නිසා එය ඩොමිනිකන් ජනරජයට සේන්දු වූයේ කෙසේද යන්න අපැහැදිලි බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

සීඑන්එන් පුවත් සේවයට අනුව, වත්කම් රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය හරහා යානය රාජසන්තක කිරීමට එක්සත් ජනපදය අදහස් කරයි. මෙයින් අදහස් කරන්නේ වෙනිසියුලාවට එය න්‍යායාත්මකව උසාවියේදී අභියෝග කළ හැකි බවයි. කෙසේ වුවද එසේ කිරීමට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්විය යුතු මාර්ගයක් සොයාගත යුතුය.

කෙසේ වුවද මේ වසරේ එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත් දෙවන වෙනිසියුලානු ජෙට් යානය මෙයයි. මේ වසරේ පෙබරවාරි මාසයේදී ආර්ජන්ටිනාව විසින් 2022 දී රාජසන්තක කරන ලද බෝයිං 747-300M භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එක්සත් ජනපදයට යවන ලද අතර එම යානය කැරකස් පරිපාලනය විසින් අනුමත ඉරාන සමාගමකින් මිලදී ගත් බව කියනු ලැබේ. මදුරෝ මෙම රාජසන්තක කිරීම හැඳින්වූයේ ආර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලෙයිගේ ආන්ඩුව අමු අමුවේ කළ  සොරකමක් ලෙසිනුයි.

මේ අතර පසුගිය වසරවලදී වොෂින්ටනය ඩොලර් බිලියන 2 ක් වටිනා වෙනිසියුලානු බැංකු ගිණුම් සහ වත්කම් අත්පත් කර ගෙන ඇති බව නම් සඳහන් නොකළ අමෙරිකානු  නිලධාරියෙක් සීඑනෙන් වෙත පැවසීය.

සම්බන්ධිත පුවත් | Related News

දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවත්, ඔහු ඕනෑම මොහොතක ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවත් ඉරාන ජනාධිපති මස්ඌද් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
ජපානය මෑතකදී නිකුත් කරන ලද “Defense of Japan 2026” නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..
ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ප්‍රධාන පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.