රුසියානු න්‍යෂ්ටික බලාගාරයට පහර දීමට යුක්රේන හමුදා උත්සාහ කළා - පුටින්
යුක්රේන හමුදා රුසියාවේ කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරයට පහර දීමට උත්සාහ කළ බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කැබිනට් රැස්වීමකදී පැවසීය.
න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටා ඇති කුර්චතොව් නගරයට ළඟා වීමට උත්සාහ කරමින් කියෙව්හමුදා මේ මස මුලදී රුසියාවේ කර්ස්ක් කලාපයට දහස් ගණනක් හමුදා යවා ඇත. මොස්කව් පරිපාලනය ආක්‍රමණය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ආක්‍රමණිකයන් පලවා හැරීම සඳහා අතිරේක හමුදා යොදවා ඇත.
“ඊයේ රාත්‍රියේ සතුරා පරමාණු බලාගාරයට පහර දීමට උත්සාහ කළා,” පුටින් ඊයේ(23) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමකදී පැවසීය. “ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට [IAEA] තත්වය පිළිබඳව දන්වා තිබෙනවා. ඔවුන් පැමිණ තත්ත්වය තක්සේරු කිරීමට විශේෂඥයින් යැවීමට පොරොන්දු වී තිබෙනවා. ඔවුන් ඇත්තටම එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ” පුටින් වැඩි දුරටත් පැවසුවේය.
යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරය වන සෆරෝසි හි තිබෙන න්‍යෂ්ඨික බලාගාර IAEA නිළධාරින් නිරීක්ෂකයින් ලෙස කටයුතු කරයි. යුක්රේන හමුදා 2023 ගිම්හානයේදී බලාගාරය අත්පත් කර ගැනීමට උත්සාහ කළ බැවින් IAEA නිළධාරින් මෙලෙස නිරීක්ෂණ මෙහෙයුමෙහි යොදවා තිබුණි. මෙම මස මුලදී, යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් බලාගාරයේ එක් සිසිලන කුළුණක් ගිනිබත් විය.
ර්‍ඔසටොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සි ලිඛචෙව් IAEA අධ්‍යක්ෂ රෆායෙල් ග්‍රොස්සි සමඟ බලාගාර දෙකෙහිම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, තත්වය පෞද්ගලිකව තක්සේරු කිරීම සඳහා කර්ස්ක් වෙත පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කර ඇති බව රුසියානු මාධ්‍ය පවසයි.
ග්‍රොස්සි එම ආරාධනය පිළිගෙන ඇති අතර ලබන සතියේ කර්ස්ක් වෙත යාමට සැලසුම් කරමින් සිටින බව IAEA ප්‍රකාශකයෙකු ඒ එෆ් පී පුවත් සේවය වෙත පවසා තිබේ. ඉන් අනතුරුව, ඔහු කියෙව් වෙත ගොස් යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කරනු ඇත.
ග්‍රෝසිට අනුව, කුප්‍රකට චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරය හා සමාන ප්‍රතික්‍රියාකාරක ක්‍රියාත්මක කරන බැවින්, කර්ස්ක් න්‍යෂ්ඨික බලාගාරය අසල ඕනෑම සටන් මෙහෙයුම් සම්බන්ධයෙන් IAEA දැඩි සැලකිල්ලක් දක්වනු ලබයි.
“බලාගාරය වටා ආරක්ෂිත ගෝලාකාරයක් නැහැ. තිබෙන්නේ සාමාන්‍ය වහලයක් පමණයි. එයින් අදහස් කරන්නේ ප්‍රතික්‍රියාකාරකයේ හරය ඉතා හොඳින් නිරාවරණය වී ඇති බවයි.” ග්‍රෝසි පැවසීය. කාලතුවක්කු ප්‍රහාරක පරාසය තුළ ස්ථානගතව භට පිරිස් සිටීම “මගේ සහ නියෝජිතායතනයේ ඉමහත් සැලකිල්ලට ලක්වෙනවා” යැයි ඔහු පැවසූවේ කුමන භට පිරිස්ද යන්න සඳහන් නොකරමිනි.
කර්ස්ක් න්‍යෂ්ඨික බලාගාරයට පහර දීම සම්බන්ධයෙන් කියෙව් පරිපාලනයට දොස් පැවරිය යුතු බව IAEA කාර්ය මණ්ඩලය හොඳින්ම දැන සිටියද, න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ප්‍රහාරවල අපරාධකරු කිසි විටෙකත් හඳුනා නොගැනීම සම්බන්ධයෙන් මොස්කව් පරිපාලනය IAEA වෙත නැවත නැවතත් විවේචන එල්ල කළේය.
පසුගිය සතියේ රුසියානු හමුදා මාධ්‍යවේදියෙකු වන මරත් ඛයිරුල්ලින් වාර්තා කළේ යුක්රේනය කර්ස්ක් හෝ හෝ සෆරෝසි න්‍යෂ්ඨික බලාගාර වෙත ප්‍රහාරකයා හඳුනා ගැනීමට නොහැකි ආකාරයේ ප්‍රහාරයක් සඳහා “අපිරිසිදු බෝම්බයක්” සූදානම් කරමින් සිටින බවයි. මොස්කව් පරිපාලනය කියා සිටියේ තමන් මරත් ගේ වාර්තාව බැරෑරුම් ලෙස සලකන බවත් එවැනි ඕනෑම ප්‍රහාරයකට “දැඩි මිලිටරි හා මිලිටරි-තාක්ෂණික ප්‍රතිප්‍රහාර” මගින් වහාම මුහුණ දෙන බවත් අවධාරණය කළේය.
Ukraine tried to attack Russian nuclear plant – Putin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්