
ඊශ‍්‍රායලය ‘ගාසා තීරයේ හමාස් හැර අනෙක් සියල්ලම’ බෝම්බ හෙලා විනාශ කරනවා - දේශපාලන විශ්ලේෂක ජැක්සන් හින්කල්.
හමාස් තුරන් කිරීම සඳහා ගාසා තීරයට පමණක් බෝම්බ හෙලන බවට ඊශ්‍රායලයේ ප්‍රකාශයන් "විකාර රූපී" ප්‍රකාශයන් බව දේශපාලන විශ්ලේෂක ජැක්සන් හින්කල් පසුගිය 26 වනදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිවිල් ජනතාව ඉලක්ක කර ගැනීම කෙරෙහි ඔවුන්ගේ අඛණ්ඩ යුද මෙහෙයුම් වල අවධානය යොමු කර ඇති බව ඔහු අවධාරණය කළේය.
"ඔවුන් ගාසා තීරයේ හමාස් හැර අන් සියල්ලටම මේවන විට බෝම්බ දමා තිබෙනවා," යනුවෙන් ඊශ්‍රායලයට චෝදනා කරන ඔහු රෝහල්, පාසල්, එක්සත් ජාතීන්ගේ සහ රතු ක්‍රෙසන්ට් පහසුකම්, මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලි, නිවාස ඇතුළු විවිධ සිවිල් යටිතල පහසුකම් පමණක් නොව ප්‍රදේශයෙන් පලා යන ජනයා පවා ඉලක්ක කරන බව අවධරණය කළේය.
මෙයට හේතුව ලෙස ඊශ්‍රායලයට පලස්තීන රාජ්‍යයක් අවශ්‍ය නොවන බවත්, ගාසා තීරයේ ඔවුන්ගේ මෙහෙයුම් වල සැබෑ අරමුණ හමාස් පරාජය කිරීම නොව පලස්තීනුවන් පලවා හැර එම ප්‍රදේශය අත්පත් කර ගැනීම බවත් විශ්ලේෂකයා පෙන්වා දුන්නේය.
“ඔවුන් මේ සියල්ල කිරීමට හේතුව හමාස් පරාජය කළ නොහැකි බව ඔවුන් දන්නවා. ඔවුන් ගාසා තීරයට නොගියේ එනිසායි. ඊශ්‍රායලය එසේ කළහොත් , ඔවුන්ට බොහෝ අරාබි රාජ්‍යයන්ගෙන් සහ සමහර විට ඉරානයෙන් ද ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත් ඔවුන් දන්නවා. එවැනි විශාල පරිමානයේ යුද්ධයකදී ඔවුන් ජය නොගන්නා බවත් ඔවුන් දන්නවා.”හින්කල් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
