News Category
From Date
To Date
Maximum Number of Result

සත්‍ය සෙවීමේ කොමිසම් පනත: ආරක්ෂක හමුදා පාවාදෙන බෙදුම්වාදී මර උගුලක්

Aug 21, 2024 at 01:08 PM
|

ආණ්ඩුව විසින් 2024.01.10 දින ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ සත්‍ය සෙවීම සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් එල්ල කරනු ලැබූ විරෝධතා සමනය කර ගැනීම සඳහා යොදා ගනු ලැබූ සූක්ෂම එහෙත් දුප්පත් උපක්‍රම මේ වන විට එළිදරව් වී ඇත. 

එහිදී ආණ්ඩුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ විරෝධයට ලක්වූ ප්‍රතිපාදන: විශේෂයෙන්ම විදේශීය මැදිහත්වීමට ඉඩ සැලසීම, සාක්ෂි ආඥා පනත අදාළ නොවීම සහ අණදීමේ වගකීම මත නඩු පැවරීමේ හැකියාව ආදියට අදාළ ප්‍රතිපාදන ඉවත් කර පනත් කෙටුම්පත නැවත ගැසට් කරන බවය. නමුත් 2024.08.05 දින නැවත ගැසට් කරනු ලැබූ පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ පනතේ මූලික යටි අරමුණු ඉටු කර ගැනීම සඳහා වන ප්‍රතිපාදන විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ප්‍රතිපාදන කිසිවක් වෙනස් කර නොමැති බවය. ඒ වෙනුවට යම් වචන ඉවත් කර වෙනත් වචන හෝ වාක්‍ය කණ්ඩ ඇතුළත් කර ඇත. උදාහරණයක් ලෙස මානව හිමිකම්’’ වෙනුවට මූලික අයිතිවාසිකම් යන්න ඇතුල් කර ඇත. ඊට අමතරව සමලිංගික ප්‍රජාවේ ඉල්ලීම් ඉටු  කිරීම  සඳහා  කොමිසම  තුළ  ඔවුන්ගේ  නියෝජනයට  අදාළව හෙවත් ලිංගික දිශානතිය යන වාක්‍යය ඇතුළත් කර ඇත.

මේ වන විට හිමාලයා ප‍්‍රකාශය මගින් දිගහැරෙන මාර්ග සිතියම අනුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා බෙදුම්වාදී දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ට 2023.12.21 දින ලබා දුන් පොරොන්දුව අකුරටම ඉටු කරමින් සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසම් පනත ගැසට් පත‍්‍රයේ පළ කර ඇත. ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වූයේ එම පනත කෙසේහෝ 2024 ජනවාරි මාසයේදී සම්මත කරන බවය. ඊට සමගාමීව එම පනත මගින් පිහිටුවනු ලබන කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කිරීම සඳහා ජාතික ඒකාග‍්‍රතාවය සහ ප‍්‍රතිසන්ධාන කාර්යාල පනත ද ගැසට් කර ඇත. ප‍්‍රතිසන්ධාන කාර්යාල පනතට අමතරව අතුරුදහන් පුද්ගලයින් පිළිබඳ පනත සහ වන්දි ලබාදීමේ කාර්යාල පනත ආදී වශයෙන් පනත් ත‍්‍රිත්වයකට පවරා ඇති වගකීම් ඉටුකිරීම සඳහා ගිවිසුම් ඇති කර ගැනීම සහ සහාය ලබාදීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසම් පනතට බලතල ලබා දී ඇත. ඒ අනුව මෙම නව පනත මගින් බෙදුම්වාදී මහා න්‍යාය පත‍්‍රයට අනුව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 දී සම්මත කළ 30/1 යෝජනාව මගින් පිහිටුවන ලෙස බලකරන ලද යාන්ත‍්‍රණ සියල්ල ඒකාබද්ධ කිරීම සහ ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා මගපෙන්වීම සිදුකෙරෙන බව ඉතා පැහැදිලිය.

බෙදුම්වාදී න්‍යායපත‍්‍රය අනුව සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම අවශ්‍ය වන්නේ දකුණු අප‍්‍රිකාවේ මෙන් අවංක චේතනාවකින් ගැටුම් වලට අදාළ සත්‍ය පසුබිම සොයාගැනීම සඳහා නොවන බව ඉතා පැහැදිලිය. බෙදුම්වාදී යුද්ධය ආරම්භ වන්නේ ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රයකට අනුව ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කරීම මගින් දුර්වලකර ජනතාව එකිනෙකා මරා ගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බව ඉතා පැහැදිලිය. ලෝකයේ මේ වන විට බෙදා වෙන්කර ඇති රටවල් 26ක් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ යුද්ධයක් හෝ ගැටුමක් අවශ්‍ය වන්නේ කේවල් කිරීමේ උපාංගයක් ලෙස සහ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීම සඳහා බවය. ඒ අනුව ඊනියා අවසාන විසඳුම හෙවත් රටක් බෙදා වෙන් කිරීම සිදුවන්නේ ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම මගින්  ව්‍යවස්ථානුකූලව හෝ ජාත්‍යන්තර ගිවිසුමක් මගිනි. වර්තමාන ජනාධිපතිවරයා 2003 දී අගමැතිවරයා ලෙස සටන් විරාම ගිවිසුම යටතේ තාවකාලික ආණ්ඩු ගිවිසුමක් අත්සන් කිරීම මගින් එම ක‍්‍රමවේද දෙක දෙමුහුන් කිරීමට උත්සාහයක් ගනු ලැබීය.

ඒ අනුව බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව බෙදුම්වාදීන්ට අහිමි වූ කේවල් කිරීමේ බලය ඔවුන් විසින් නැවත ලබා ගන්නේ යුධ ජයග‍්‍රහණයට පසු දින 3ක් ඇතුළත ශ‍්‍රී ලංකාවට කඩා වැදුණු එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කි මූන් විසින් අතට ගත් මානව හිමිකම් කෙවිට යොදා ගනිමිනි. එම කෙවිට මගින් දිගින් දිගටම බලපෑම් කිරීමෙන් පසුව 2015 දී වත්මන් ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස 2015 දී බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ න්‍යය පත‍්‍රය හෙවත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට එකඟතාවය පළකරනු ලෑබීය. එම න්‍යාය පත‍්‍රය තුළ ප‍්‍රධාන අරමුණු 3ක් හඳුනාගත හැක. ඒ අතරින් පළමුවැන්න ආරක්ෂක හමුදා දුර්වල කිරීම, බිය වැද්දීම සහ ඔවුන්ට මානසික බාධක පැණවීමය. ඊට අදාළව ක‍්‍රියාමාර්ග 5ක් යෝජනාවේ අඩංගුවේ. පළමුවැන්න විශේෂ සිදුවීම් යොදා ගනිමින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීමය. දෙවැන්න ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන ලෙස සෙසු රටවලින් ඉල්ලා සිටීමය. තුන්වැන්න එම ක‍්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා චෝදනා සහ සාක්ෂි ගොණු කිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් පිහිටුවීමය. හතරවැන්න ශ‍්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමය.

නමුත් ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව යුධ අපරාධ අධිකරණයක් පිහිටුවිය නොහැක. එම අභියෝගය ජය ගැනීම සඳහා යුද අපරාධ අධිකරණයක බලය සහිත මහාධිකරණයක් පිහිටුවීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත මගින් ප‍්‍රතිපාදන සැලසීය. පස්වන යාන්ත‍්‍රණය වන්නේ අතුරුදහන් පුද්ගලයින් පිළිබඳ කාර්යාල පනතය. ඒ මගින් අණදීමේ වගකීමත් ඇතුළත්ව සාක්ෂි ආඥා පනත බලාත්මක නොවන ලෙස ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා චෝදනා කර්මාන්තශාලාවක් නිර්මාණය කරනු ලැබීය. ඉහත සඳහන් කළ 30/1 යෝජනාවේ ප‍්‍රධාන අරමුණු ත‍්‍රිත්වය අතරින් දෙවැන්න 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන ලෙසට විවිධ කොන්දේසි යටතේ විවිධ ආකාරයට බලපෑම් කිරීමය. තුන්වන අරමුණු සමස්තය කළමනාකරණය කිරීම සහ ඊට අදාළ බලපෑම් කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීමය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වෙමින් මැදිහත්වීමට පාර කපා ගැනීමය. සත්‍ය සෙවීමේ කොමිසම නමැති උපාංග යොදාගන්නේ ඒ සඳහාය.

බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට සාපේක්ෂව සත්‍ය සෙවීමේ කොමිසම මගින් අපේක්ෂිත අරමුණු ප‍්‍රධාන වශයෙන් 4ක් හඳුනාගත හැක. පළමුවැන්න ඩයස්පෝරාවේ සාමාජිකයන්, විවිධ වින්දිතයන්, විශේෂයෙන්ම අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ මිලදී ගත හැකි ආරක්ෂක හමුදා සාමාජිකයන් යොදා ගනිමින් යුධ අපරාධ ලෙස නම් කළ හැකි විවිධ අපරාධ පිළිබඳව ව්‍යාජ පාපොච්චාරණවලට පහසුකම් සැලසීම ය. ඒ සඳහා සාක්ෂි ලබාදීමේදී ඒකපාර්ශවීය පාපොච්චාරණය කරන්නාට වාසි සැලසෙන ලෙස අදාළ ක‍්‍රියාවලියට සාක්ෂි ආඥා පනත අදාළ නොවන බවට පනත මගින් ප‍්‍රතිපාදන පනවා ඇත. (13(y)  වගන්තිය) ඊට අමතරව ව්‍යාජ සාක්ෂි ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත නොහැකි වන ලෙසද ප‍්‍රතිපාදන පනත මගින් පනවා ඇත. (48 වගන්තිය) එසේම එම ක‍්‍රියාවලියට එරෙහිව අභ්‍යාචනා අධිකරණය මගින් රීට් ආඥාවක් ලබා ගැනීමේ හැකියාවද නැත (46 වගන්තිය* තවද අදාළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීම සඳහා එනම් ඒ සඳහා බැඳීමක් ඇති නොවන බවටද පනත මගින් ප‍්‍රතිපාදන පනවා ඇත. (13(x)  වගන්තිය)ඒ සියල්ලටම වඩා මෙම පනත මගින් අණදීමේ වගකීමට අදාළව චෝදනා ගොනු කිරීමේ හැකියාව ඇත. (12 (h) (XII) වගන්තිය) 

ඒ ආකාරයට සත්‍ය සෙවීමේ නාමයෙන් පාපොච්චාරණය කරන්නන් යොදා ගනිමින් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම මගින් අතුරු අරමුණු 4ක් ඉටු කර ගැනීමට හැකියාව ලැබේ. පළමුවැන්න දැනට ආරම්භ කර ඇති සාක්ෂි සහ චෝදනා ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම සහ ඊට සුජාතභාවය ලබාදීමය. දෙවැන්න ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ රටවල අභිචෝදකට අවශ්‍ය චෝදනා සහ සාක්ෂි ලබාදීමය. තුන්වැන්න ශ‍්‍රී ලංකාව තුළදී අපරාධ නීතිය සහ සිවිල් නීතිය යටතේ නඩු පැවරීමට අවකාශය නිර්මාණය කිරීමය.

(16(2) වගන්තිය) හතරවැන්න දැනට පිහිටුවා ඇති පුද්ගලයින් අතුරුදහන් කිරීම පිළිබඳ කාර්යාල පනත යටතේ චෝදනා ගොනු කිරීම සඳහා තොරතුරු සැපයීමය. ඉහත සඳහන් කළ ආකාරයට සත්‍ය සෙවීමේ කොමිසම සහ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා පනත මගින් ප‍්‍රතිපාදන පනවා ඇත. (13 (9) වගන්ති)සත්‍ය සෙවීමේ කොමිසම මඟින් ඉටු කර ගැනීමට අපේක්ෂිත මූලික අරමුණු අතුරින් දෙවැන්න චෝදනා එල්ල කිරීමේ, සාක්ෂි ගොණු කිරීමේ සහ ක‍්‍රියාමාර්ග ගැනීමේ ක‍්‍රියාවලියට අවශ්‍ය වන බලවත් නීතිමය ආවරණය ලබා දීමය. මෙම පනත මගින්  ඕනෑම රාජ්‍ය ආයතනයකට හෝ නිලධාරියෙකුට  ඕනෑම රහසිගත ලේඛනයක් ඉදිරිපත් කිරීමට සහ කොමිසම හමුවේ සාක්ෂි දීමට පෙළඹවීමේ හැකියාව ඇත. කොමිසමේ නියෝග නොතකා කටයුතු කිරීම මගින් පනත යටතේ වරදකට වරදකරුවෙකු වේ. ඊට ලැබෙන දඬුවම අභියාචන අධිකරණයට අපහාස කිරීමේ වරදට ලැබෙන දඬුවම තරමට බරපතළ වේ. (13,14 වගන්ති) ඊට අමතරව මූලික අරමුණු අතරින් තුන්වැන්න වන්නේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සහ ප‍්‍රතිසන්ධාන කාර්යාල පනත යටතේ ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තිය මගින් නිර්දේශිත කාරණා ඉටු කිරීම සඳහා බලපෑම් කිරීමේ යාන්ත‍්‍රණය පිහිටුවීමය. සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන පනත යනු දකුණු අප‍්‍රිකාවේ මෙන් ඊනියා සත්‍ය සෙවීම සඳහා පමණක් පිහිටුවන ආයතනයක් නොවේ. ඊට ප‍්‍රතිසන්ධානය ද අයත් වන බැවින් ඒ යටතේ ඉහත සඳහන් කළ ආකාරයට වගවීම හෙවත් රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සහ දඬුවම් කිරීම ද අයත් වේ. ඊට අමතරව ඒ යටතට වන්දි ගෙවීම සහ නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීම යන කාරණා ඇතුළත්වේ. ඒ අනුව ගැටුම් ඇතිවීම වැළැක්වීමේ නාමයෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම යන මූලික බෙදුම්වාදී උපාය මාර්ගික ප‍්‍රවේශයට අදාල බල කිරීම් විවිධ ආකාරයට සිදුකිරීමේ හැකියාව ලැබේ.

පනතට අදාළ හතරවැනි මූලික අරමුණ වන්නේ රටතුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීමය. යුද ජයග‍්‍රහණයෙන් පසුව විවිධ ආකාරයට ඒ සඳහා උත්සාහ ගත්තද එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට අවස්ථාව නොලැබිණි. නමුත් දැන් සත්‍ය සෙවීමේ කොමිසම නාමයෙන් ඒ සඳහා නීතිමය බැඳීමක් සහිතව ප‍්‍රබල අවකාශයක් නිර්මාණය වී ඇත. පනත යටතේ පිහිටුවනු ලබන කොමිසමට හෝ අනු කමිටු වලට උපදෙස් හෝ තාක්ෂණික සහාය ලබා ගැනීමේ නාමයෙන් විශේෂඥයින් ලෙස විදේශිකයින් සහ විදේශීය ආයතන කැඳවාගැනීමේ හැකියාව ඇත. (13(k)(I)  වගන්ති) ඊට අමතරව කොමිසමට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන උපදේශක මණ්ඩලයට විදේශිකයින් පත්කිරීමේ හැකියාව ඇත.

ඒ ආකාරයට රට තුළට කැඳවන විදේශීය පුද්ගලයින් ඇතුළු උපදේශකයින්ට ගෙවීම් කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදිය. මෙම උපදේශකයන්ට කොමිසමේ අතුරු වාර්තා, විශේෂිත වාර්තා සහ අවසන් වාර්තාව මෙන්ම වෙනත් ප‍්‍රතිපත්තිමය ලේඛන හෝ අභ්‍යන්තර පරිපාලන නියමයන් වෙනස් කිරීමේ බලය ලබාදී ඇත. ඔවුන්ගේ අනුමැතිය නොමැතිව අදාළ වාර්තා නිකුත් කළ නොහැක. ඒ ආකාරයට අවසානයේදී විදේශිකයන්ගේ අනුකම්පාවට යටත් කෙරෙන ආකාරයට වාර්තා සකස් කිරීමේ ක‍්‍රියාවලියක් පනත යටතේ හඳුන්වාදී ඇත. ඒ අනුව මෙම පනත යටතේ පිහිටුවනු ලබන කොමිසමට අසීමිත බලයක් ලබාදී ඇතත් එම බලය විදේශිකයන්ගේ ආධිපත්‍යයට යටත්කර ඇත. එය බෙදුම්වාදි මාර්ග සිතියමට අදාල මූලික උපාය මාර්ගික ප‍්‍රවේශයකි. පනත යටතේ කොමිසමේ අරමුදලට විදේශීය අරමුදල් ලබා ගැනීමේ බලය ලබාදී ඇති අතර එම අරමුදල් යොදා ගනිමින් සාක්ෂි

ලබාදීම සඳහා පැමිණෙන ඩයස්පෝරා සාමාජිකයන්ට ගමන් වියදම් ගෙවීමේ හැකියාවද ඇත (13(h), 22 වගන්ති) ඒ අනුව අවසන් වාර්තාව මගින් ජාත්‍යන්තර අධිකරණ ක‍්‍රියාමාර්ගවලට අවශ්‍ය ආකාරයට සමූල ඝාතන චෝදනා තහවුරු කිරීම සඳහා ප‍්‍රභල ඉඩක් විවර වී ඇත.

ඊට අමතරව පනත මගින් කොමිසමට තම බලතල ක‍්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ බලය ලබාදෙන අතර අධිකරණයට හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක නිලධාරියෙකුට හෝ අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඊට අදාළව බලපෑම් කිරීමේ හැකියාවක් නැත. (11 වගන්තිය) ඒ ආකාරයට අසීමිත බලයක් කොමිසමට ලබා දෙන්නේ කොමිසම මගින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමේදී පැන නැගිය හැකි විරෝධතා නොතකා ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා බව ඉතා පැහැදිලිය. එසේම පනත මගින් ආවරණය වන කාලය 2009 සිට 1983 දක්වා ආපස්සට ගමන් කරන බැවින් විවිධ ආකාරයට විවිධ චෝදනා ඉදිරිපත් කිරීම සහ ඒවා විභාග කිරීමට අවස්ථාව නිර්මාණය වේ. පනත මගින් රහසිගත ලේඛන පරීක්ෂා කිරීම, ස්ථාන පරීක්ෂා කිරීම සහ සමූහ මිනී වළවල් ලෙස හඳුනන්වන ස්ථානවල කැණීම් කිරීම ආදී බහුවිධ ක‍්‍රියාකාරකම් සඳහා කොමිසමට බලය පවරා ඇත.

ඒ අනුව කිසිදු ආකාරයකට කොමිසම මගින් සිදුකෙරෙන වැරදි ක‍්‍රියා හෝ බලය අයුතු ලෙස යොදාගැනීමේ අවස්ථාවන් වැළැක්වීමට නීතිමය හැකියාවක් නැත. කොමිසම මගින් සිදු කරන  ඕනෑම ක‍්‍රියාවකට බාධා කරන හෝ සහාය නොදෙන පුද්ගලයින්ට දඬුවම් පැමිණවීමට පනත මගින් බලය පවරා ඇති බැවින් කොමිසම විසින් සිදුකරන අසාධාරණ ක‍්‍රියාවකට එරෙහිවීම වැළැක්වීම සඳහා මහජනයාට මානසික බාධක පැනවේ. එසේම කොමිසමේ සාමාජිකයන්ට සහ සාක්ෂි දෙන පුද්ගලයන්ට ලබා දෙන විශේෂ නීතිමය ආරක්ෂාව නිසා ඔවුන්ට අත්තනෝමතික ලෙස සහ පක්ෂපාති ලෙස ක‍්‍රියා කිරීමට බලපත‍්‍රයක් ලැබේ.

ඒ සියලූ බලතල එසේ ලබා දී තිබියදී කොමිසම පත් කිරීමට අදාළ ප‍්‍රතිපාදන මගින් ඉතා සූක්ෂම ලෙස ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත සහ බලය ආරක්ෂා කර ඇත. ඒ සඳහා වන පනත තුළ අඩංගු වන පළමු උපක‍්‍රමය කොමිසමට අදාළව නිශ්චිත සාමාජිකයින් සංඛ්‍යාවක් පැනවීම වෙනුවට අවමය ලෙස 7 දෙනකු සහ උපරිමය ලෙස 21 දෙනෙකු නියම කිරීමය (3(1) වගන්තිය) කොමිසමට ඇතුල්වීමට කැමති පිරිස් වලට ව්‍යවස්ථාදායක සභාවට ඉල්ලූම් කළ හැකි අතර එම සභාව මගින් අනුමත කරන පුද්ගලයින් පත් කිරීම හෝ නොකිරීම ජනාධිපතිවරයාගේ අභිමතයකි. ඊට අමතරව රටේ බහු වාර්ගිකත්වය කොමිසම තුළ නියෝජනය විය යුතු බවට ප‍්‍රතිපාදන පනවා ඇති බැවින් ජනාධිපතිවරයාට එම ප‍්‍රතිපාදන යොදා ගනිමින් බෙදුම්වාදයට පක්ෂපාතී ඊනියා විද්වතුන් හෝ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් පත් කිරීමේ හැකියාව ඇත. එසේම යම් සාමාජිකයකු ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් අනුප‍්‍රාප්තිකයින් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වේ.

ඊට අමතරව සත්‍ය සෙවීමේ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පත් කරනු ලබන්නේද ජනාධිපතිවරයා විසිනි. ඒ මගින් ලේකම් කාර්යාලය හරහා ක‍්‍රියාත්මක වන කොමිසමේ ක‍්‍රියාකාරීත්වයට අදාළ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පිළිබඳ බලපෑම් කිරීමේ හැකියාව ලැබේ. අවසානයේදී කොමිසමේ වාර්තාවට අනුව ඉදිරිපත් කරන නිර්දේශ සමස්තයක් ලෙස ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ බලය ලැබෙන කමිටුවේ බහුතර බලය රාජ්‍ය නිලධාරීන්ගෙන් බාහිර පුද්ගලයන්ට හිමි වේ. එම පුද්ගලයින් පත්කිරීමේ දී ද සුදුසුකම් වලට වඩා ඊනියා බහුවාර්ගිකත්වය සැලකිල්ලට ගනු ලැබේ. (40(1)(b) වගන්තිය* ඒ අනුව බෙදුම්වාදී උවමනාවන්ට අනුව ප‍්‍රමුඛතා තීරණය කිරීමේ අවකාශය නිර්මාණය වන අතර එම ක‍්‍රියාවලිය ප‍්‍රතිසන්ධාන කාර්යාලය සමඟ ඒකාබද්ධව සිදු කෙරෙනු ඇත.

මෙම පනත මගින් බාහිරින් පෙන්වනු ලබන සත්‍ය සෙවීම සහ වින්දිතයින්ට වන්දි ගෙවීම වැනි යුක්ති සහගත අභිලාංශයන්ට වඩා සැඟවුණු අරමුණු ඉතා දුෂ්ට බව ඉතා කෙටි කාලකයින් මහජනයා තේරුම් ගනු ඇත. නමුත් ඒ බව තේරුම් ගන්නා විට බොහෝ පමා වී වැඩි බව වන බවට කිසිදු සැකයක් නැත. අඩු තරමින් මෙම පනතේ දුෂ්ඨ අරමුණු පිළිබඳව පනත මගින් වින්දිතයින් බවට පත්වීමට නියමිත ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් හෝ තේරුම් ගතහොත් ජාතියේ ඉරණම වෙනස් විය හැක. එසේ නැතහොත් මෙම පනත ඒකීය ශ‍්‍රී ලංකාව මිහිදන් කෙරෙන ‘‘මිනී පෙට්ටියේ’’ අවසන් ඇනය වන බවට කිසිදු සැකයක් නැත. මෙම පනත මගින් ඉතා පැහැදිලිව බෙදුම්වාදයෙන් රට ගලවා ගැනීම සඳහා දිවි පිදූ රණවිරුවන් 30,000ගේ සහ තුවාල ලැබූ ඊට සමාන විරුවන් පිරිසක අතරින් ආබාධිතව දිවි ගෙවන 14,000ක් රණවිරුවන්ගේ සියලූ කැපකිරීම් පාවාදීමක් සිදුවන අතර රට නැවත බෙදුම්වාදී මර උගුලට තල්ලූ කෙරෙන බවට කිසිදු සැකයක් නැත. මෙම දුෂ්ඨ පාවාදීමේ පනතට අත ඔසවන කිසිදු මන්ත‍්‍රීවරයෙකුට ඉතිහාසය විසින් සමාව ලබා නොදෙන බවටද සැකයක් නැත. ජනාධිපතිවරයාගේ සහ බෙදුම්වාදීන්ගේ සිහින සැබෑ කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් විසින් තම හිස දන්දිය යුතුද යන්න සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කළ යුතුය. වසර 14ක් නොකළ දේ දැන් සිදුකිරීමේ අවශ්‍යතාවය කුමක්ද සහ ඒ මගින් වාසි සැළසෙන්නේ කාටද යන්න ඔවුන් විසින් කල්පනා කළ යුතුය. මෙම ක‍්‍රියාවලිය ආරම්භ වූ පසුව දේශීය සහ විදේශිය ජනමාධ්‍යවල උපරිම කාලයක් ලබාගනිමින් රණවිරුවන් පාවාදෙන පාපොච්චාරණ සංදර්ශන පැවැත්වෙන විට ඔවුනට තමා විසින් සිදුකළ පාවාදීමේ තරම වැටහෙනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.