ජනාධිපතිවරණය වෙලාවට පෙරට එන කැරට් අල
2025 වසරේදී රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25000කින් ඉහළ දමනවලු.. වර්ෂයකට දොස්තරලා පන්දාහක් පුහුණු කරන්න වැඩපිළිවෙළක් තියෙනවලු...
පසුගියදාක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ලබන වසරේ රජයේ සේවකයන්ට රුපියල් 25000ක වැටුප් වැඩි කරනවා කියලා.
රජයේ සේවකයෝ ආසන්න වශයෙන් ලක්ෂ දහතුනකට එහා පිරිසක් සිටින බව රහසක් නොවේ.
හැබැයි වසර දහයකට පෙර වැටුප් වැඩි කරන ලද පැය 24 වැඩ කරන සීමාවාසික දොස්තරගේ හිගන වැටුප රුපියල් 64000 තාමත් එතන වර්ෂයකට 1500කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍යවරු.
මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කළා ජනාධිපතිවරයාට ඔවුන්ට තිබුණු විශේෂ ගැටලු කිහිපයක් ඒකෙ තිබුණු ප්‍රධාන එක් කාරණාවක් තමයි මේ සීමාවාසික වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම නමුත් ඒකට බාලගිරි දෝෂය වගේ ජනාධිපතිවරයාගේ පැත්තෙන්.
නමුත් කිසිදු උපාධියක් නැති මහ බැංකුවේ කාර්යාල සහායකට ලක්ෂ දෙකකට ආසන්න වැටුපක් ගන්න ඒ ආයතන විසින්ම අනුමැතිය දෙනවා උපාධි අරගෙන පැය විසි හතර තිස්සේ වැඩ කරන දොස්තරට වැටුප් වැඩිවීමක් නෑ.
1500 කට පොඩි ගානක් වැඩි කරන්න බැරි ආණ්ඩුවට ලක්ෂ දහතුනකට රුපියල් 25000ක් දෙන්නේ කොහොමද?
1390 කට පත්වීම් දෙන්න බැරි ආණ්ඩුව 5000 කට පත්වීම් දෙන්නේ කොහොමද?
අඩු ගානේ රෝගීන් ගැන හිතලා හරි ඒ තීරණය ගන්න තිබුණා ඉල්ලීම අනුව නමුත් එහෙම කළේ නෑ බාලගිරි දෝෂය වගේ හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් වගේ තමයි කතාව.
ඒ වගේම පසුගිය වසරේ ඔක්තෝබර් 31 සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරපු වෛද්‍යවරු 1390 කට පත්වීම් දුන්නේ මේ අගෝස්තු මාසේ මාස දහයකට අධික කාලයක් පත්වීම් දෙන්න ප්‍රමාදයි.
පත්වීම් දෙන්න ප්‍රමාද වීමට හේතුව දොස්තරලට පත්වීම් දෙන්න බැරිලු පත්වීම් ප්‍රමාණය සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා තමයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ.
බඳවා ගන්නේ නැත්තේ රටේ වෛද්‍යවරුන් ඇති කියන පදනම නිසාද යන්න බරපතල ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවෙනවා.
මේ පාරත් දෙදහසකට වඩා වෛද්‍ය පීඨ වලට ගන්නවලු.
එතකොට දැන් 1390කට වසරකට ආසන්න කාලයක් තිස්සේ දෙන්න බැරි පත්වීම්.
සීමා වාසික පුහුණුව ලබන 1500කට ආසන්න ප්‍රමාණයක් සහ වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලබන සහ දොළොස් දහසකට ආසන්න ප්‍රමාණයකට දෙන්නේ කොහොමද යන්න ප්‍රශ්නයක්.
ඊටත් වඩා ප්‍රශ්නය තව පන්දාහක් අවුරුද්දකට ආවොතින් කොහොමද පත්වීම් දෙන්නේ?
රටේ දොස්තරවරු හිඟයි. ඒ නිසා පර්යන්ත රෝහල් වැහිලා යනව
වැඩි වැටුප් හොයාගෙන දොස්තරලා පිටරට යනව කියලා තමයි නිතරම ඇහෙන්නේ.
ඒ නිසා පෞද්ගලික ඒවා දාලා හරි දොස්තරලා වැඩි කරන්න කියලා තමයි ආණ්ඩුව කියන්නේ.
බාල දොස්තරලා බිහි කරන්න වෛද්‍ය සභා ආඥා පනත වෙනස් කරන්න ඒවා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා??
ලක්ෂ 125 ට වෛද්‍ය උපාධිය ගන්න ප්‍රමිතිය පැත්තකට දාපු වෛද්‍ය පුද්ගලික වෛද්‍ය පීඨ බිහි කරන්න ලොකු උත්සාහයක් තියෙනවා. ඒකට ඉහළින් වැඩ කටයුතු සිදු වෙනවා.
ලක්ෂ 125 ක් දීල පත්වීම් ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ?
2048 දී දියුණු රටක්ලු ???
හැබැයි ඉතින් අපිට රටට නම් එහෙම බවක් පේන්නේ නෑ.
නමුත් ජනාධිපතිවරයා පැය 24 පුරා සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 1500කට ආසන්න පිරිසකගේ ඉල්ලීම ඉටු නොකර ලක්ෂ දාහතරකට ආසන්න රජයේ සේවකයන් ප්‍රමාණයකට එහෙම වැටුපක් දෙන්න පුළුවන් ද?
1390 වසරකට ආසන්න කාලයක් තිස්සේ පරක්කු කරපු වෛද්‍ය පත්වීම් වසරකට 5000 ක්v ආවොත් දෙන්නේ කොහොමද?
නැත්නම් දෙන්න සැලසුම් කරපු රුපියල් 25000 කුලියාපිටියේ වොක්ස්වැගන් කාර්මාන්ත ශාලාව වගේ බ්‍රේස්ලට් කතාව වගේ තවත් කතාවක් පමණද?
මේ අනුව අපිට කියන්න තියෙන්නේ රුපියල් 25000ක් කියන්නේ තවත් සුරංගනා කතාවක් පමණයි.
හැමතැනම වස දාපු කැරට් අල, අපි පරිස්සම් වෙන්න ඕනේ නොකා ඉන්න.
- මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..