News Category
From Date
To Date
Maximum Number of Result

සීයට 87ක් දුප්පතුන් සිටි රටක් වසර 46ක් තුළ ලෝක බලවතෙකු වූ හැටි - චීනයේ දශක හතරක පරිවර්තනය

Aug 15, 2024 at 11:38 AM
|

ලංකාවේ බොහෝ දෙනා හැත්තෑ වසරක සාපයක් ගැන නිතර කතා කරති. මා දැන් කියන්නට යන්නේ වසර හතලිස් හයකට පෙර ලංකාවට වඩා දරුණු ලෙස දුප්පත්කමින් බැට කෑ, සාගතවලින් මිලියන ගණන් ජනතාව මිය ගිය රටක් වූ චීනය ගැනය. එහෙත් අද ඒ රට වසර හතලිස් හයක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියමින් මිලියන 800කට වැඩි ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ගත් කළ චීනයේ අත්දැකීම ලංකාවට වැදගත් නොවන්නේද?  එහෙත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන බොහෝ දෙනා තවමත් යටත්විජිත කොල්ලයෙන් ධනවත් වූ බටහිර රාජ්‍යයන් වන්දනා කරනු විනා ස්වශක්තියෙන් නැගී සිටි චීනය වැනි රටවල් ගැන වැඩි යමක් කතා නොකිරීමය. නැතහොත් චීනය පිළිබඳ අපේ අවබෝධය ඉතා අල්ප මට්ටමක තිබීමය. නැතහොත් බටහිර ලෝකය විසින් තනා දුන් කණ්ණාඩි ඔස්සේ චීනය දෙස බැලීම විනා එහි සැබෑ තතු අධ්‍යයනයට අප උත්සුක නොවීමය. එවන් පසුබිමක් තුළ චීනය පිළිබඳ මේ සටහන ලිවීමට මට සිත් වූයේ හැත්තෑ වසරක සාපය ගැන නිතර කතා කරන කාලයක චීනයේ දශක හතරක මහා පරිවර්තනයේ කතාව ලංකාවට බෙහෙවින් වැදගත් යැයි සිතුණ නිසාය. 

චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවූයේ 1921දීය. චීන විප්ලවය සිදුවූයේ ඉන් වසර 28කට පසු 1949දීය. ඒ වෙනුවෙන් දෙස් විදෙස් ප්‍රතිවාදීන් සමඟ කළ සටනේදී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මිලිනය ගණනක් සිය ජීවිත පරිත්‍යාග කළහ. එහෙත් එතැනින් සියල්ල අවසාන වී සමාජවාදය නමැති මැජික් ඔසුවෙන් රටේ ප්‍රශ්න සියල්ල කෙළවර වූයේ නැත. ධනපතියන් මැඩලීමෙන් හෝ දේපල අත්පත් කරගැනීමෙන් පමණක් දුප්පතුන්ට සමෘද්ධිය උදා කළ හැකි නොවීය. එතැන් සිට ඔවුන්ට ගමන් කිරීමට සිදුවූයේ බොහෝ බාධක, අභියෝග, අත්හදා බැලීම්, වරදවා ගැනීම් හා ඒ වෙනුවෙන් කළ අසීමිත වන්දි ගෙවීම් සහිත ඉතා දුෂ්කර මඟකය. විප්ලවයෙන් වසර තිහක් ගතවූ පසුවත් චීන ජනගහනයෙන් සීයට 87%ක ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූහ. ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් දෙකකට අඩු මට්ටමක තිබිණි. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික විපර්යාසය ආරම්භ වූයේ 1978න් පසු හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණවලින් පසුවය. ඊට පෙර මාඕ සේතුංගේ පාලන සමයේ ගත් ඇතැම් ක්‍රියාමාර්ග මේ දැවැන්ත පරිවර්තනයට යම් පසුබිමක් සැකසූවා විය හැකි වුවද තීරණාත්මක පරිවර්තනය ආරම්භ වූයේ 1978න් පසුවය. චීන විප්ලවය සිදුවී දැන් වසර 75කි. ලංකාවට නිදහස ලැබී ගතවී ඇති කාලයද ඊට සමානය. ලංකාව තවම 74 වසරක සාපයක් ගැන කතා කරයි. එහෙත් චීනය ගැන කිවතොත් අපට කතා කරන්නට සිදුවන්නේ 74 වසරක මහා ආශ්චර්යයක් ගැනය. වඩාත් නිවැරදිව කිවතොත් වසර 46ක ආශ්චර්යයක් ගැනය. ඒ චීනයේ යෝධ පරිවර්තනය සැබවින්ම ආරම්භ වූයේ වසර 46කට පෙරාතුව නිසාය. දැන් මා කියන්නට යන්නේ මේ කෙටි කාලය තුළ චීනය අත්කර ගත් පරිවර්තනයේ තරම පෙන්වන දත්ත සංඛ්‍යා අතලොස්සක් ගැනය. 

1978 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 218.50ක් වූ අතර, 2023දී මේ අගය ඩොලර් බිලියන 17663ක් හෙවත් ඩොලර් ටි්‍රලියන 17.66කි. ඒ අනුව චීනය අද ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර, මේ වසර 46 තුළ චීනය තම ජාතික නිෂ්පාදනය 81 ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ. 

1978 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය ලෝකයේ සමස්ත නිෂ්පාදනයෙන් 2.32%ක ප්‍රතිශතයක් වූ අතර, 2023 දී එය සමස්ත ලෝක නිෂ්පාදනයේ 19%ක පංගුවකට හිමිකම් කීමට සමත්ව තිබේ. 2023 වසරේ ලංකාවට හිමි ලෝක නිෂ්පාදනයේ පංගුව 0.2%කි.

2023 වසරේ ලෝකයේ ඉහළම සමාගම් 500 ලැයිස්තුව :ත්‍දරඑමබැ ඨකදඉ්ක 500* අතර, චීන සමාගම් 135ක් වූ අතර, ඒ සමාගම්වලින් 71%ම චීන රජයට අයත් සමාගම් වීමද විශේෂිත කරුණකි. ඒ වසරේ එම ලැයිස්තුවේ ඇමරිකාවට හිමිව තිබූ සමාගම් ප්‍රමාණය 136කි.  

අද වන විට විද්‍යාව තාක්ෂණය ඔස්සේ දැවැන්ත ජයග්‍රහණ කන්දරාවක් අත් කරගෙන සිටින චීනය 2024 වසරේදී අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ඩොලර් බිලියන 12ක මුදලක් වැය කළේය. අද ලෝකයේ දෙවැනි වැඩිම කෘත්‍රිම චන්ද්‍රිකා ප්‍රමාණය කක්ෂගත කර ඇත්තේද චීනය විසිනි. 

1980 දී චීනයේ ඒක පුද්ගල උපයෝජන ආදායම රෙන්මින්බි 171ක් වුවද අද එම අගය 32189කි. ඒ අනුව ඇමරිකානු ඩොලර් 10000 ඉක්මවූ ඒක පුද්ගල දළ ජාතික ආදායමකට හිමිකම් කියන චීනය ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්ව ඇත. නාගරික ග්‍රාමීය ආදායම් පරතරය වේගයෙන් අඩු වෙමින් පවතින අතර, ගතවූ වසර 46 තුළ මිලියන 400ක් වූ චීනයේ මැදි ආදායම් ලබන පිරිස ලොව විශාලතම මැදි ආදායම් ලබන පිරිස බවට පත්ව තිබේ. 

චීනයේ මේ මහා ආර්ථික පෙරළියේ වැදගත්ම ලක්ෂණය වන්නේ එය හුදු ධනය ගොඩගැසීමකින් නොනැවතී එහි ප්‍රතිලාභ එරට ජනයා අතරද බෙදාදීමට චීනය සමත් වීමය. මේ බව තහවුරු කෙරෙන නිර්ණායක ගණනාවකි. 

1950 දී චීනයේ ආයු අපේක්ෂාව වසර 43.45ක් වූ අතර, 2024 එම අගය 77.64කි. 1950 දී එරට උසස් අධ්‍යාපනයට බඳවා ගත් ප්‍රතිශතය 0.22% ක් වූ අතර, අද එම අගය 54.4%කි. 1950 දී පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේ ප්‍රතිශතය 20%ක් වූ අතර, අද එම අගය 99.96කි. 1982 දී චීනයේ සාක්ෂරතාව 65.5ක් වූ අතර, අද එම අගය 97%කි. 1950 දී දහසකට දෙසීයක් වූ ළදරු මරණ අනුපාතය අද වන විට 5.4 කි. ලංකාවේ මෙන් නිදහස ලැබුණු කාලයේ සිට නොමිලේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සේවයක් චීනයේ නොතිබුණද අද වන විට ඔවුන් ලබා ඇති ආර්ථික ජයග්‍රහණවලට සමගාමීව එරට ජනගහනයෙන් 95%කට වැඩි පිරිසකට මූලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් සැපයීමට චීනය සමත්ව තිබේ. 

මේ සියලු ජයග්‍රහණ අතර වඩාත්ම පුදුම සහගත හා ආස්වාදනීය කාරණය වන්නේ දුප්පත්කම තුරන් කිරීම සඳහා චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ගයයි. 1980 වන විට චීනයේ ජනගහනය මිලියන 981.2කි. ඒ අතරින් මිලියන 870ක් එනම් ජනගහනයෙන් සීයට 87%ක ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූහ. ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් දෙකකට අඩු මට්ටමක තිබිණි. එහෙත් චීනයේ ආර්ථික වර්ධනය හා දරිද්‍රතාව මැඩලීම සඳහා එරට රජය අනුගමනය කළ වැඩපිළිවෙළ හමුවේ 2015 වන විට දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනගහනය මිලියන 10කට සීමා කිරීමට චීනය සමත් වූ අතර, අද වන එය තවත් සැලකිය යුතු අගයකින් පහත වැටී තිබේ. මෙහි සරල අදහස නම් පසුගිය වසර 46ක කෙටි කාලය තුළ මිලියන 877ක අතිවිශාල ජනගහනයක්, එනම් ලංකාවේ ජනගහනය මෙන් 40 ගුණයක ජනගහනයක් දුප්පත්කමින් මුදවා ගැනීමට චීනය සමත් වී ඇති බවය. මෙය මානව ඉතිහාසයේ දැවැන්තම දුප්පත්කම මැඬලීමේ වැඩසටහන වන අතර, එය සමස්ත ලෝකයේ දරිද්‍රතාව 70% පමණ ප්‍රතිශතයකින් පහත දැමීමට හේතු වූ බව අද ලෝක බැංකුව වැනි ආයතන පවා පිළිගන්නා කරුණකි. මේ මහා ජයග්‍රහණය අත් කරගන්නා ලද්දේ වසර 46ක කෙටි කාලයක් තුළ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ස්වශක්තියෙන් නැගී සිටි රාජ්‍යයක් විසිනි. ලෝකය පුරා ඇති සම්පත් හා රාජ්‍යයන් කොල්ල කමින් ධනය ගොඩගසා ගනිමින් සංවර්ධිත යැයි කියන තත්ත්වයට පත් කිසිදු රටකට පවා සිය පොදු ජනයා වෙනුවෙන් මෙවැනි මෙහෙවරක් කිරීමට හැකි වී නැති බව අප මෙහිදී විශේෂයෙන් සිහියට ගත යුතුව තිබේ. එය පුදුම සහගත පරිවර්තනයක් වන්නේ ඒ නිසාය. 

චීනය මේ ජයග්‍රහණය අත් කරගත් ආකාරය, ඔවුන් ඒ සඳහා කළ අපරිමිත කැපකිරීම්, චීන ජනයාගේ උසස් ආකල්ප, දේශපාලන නායකත්වය, අත්හදා බැලීම්, වරද්දා ගැනීම්, පාඩම් ඉගෙන ගැනීම් ආදිය ගැන තව සංවාදයට ලක් කළ හැකි කාරණා කන්දරාවකි. ඒ සියල්ල ඒ ආශ්‍රිත අතුරු කතා මොහොතකට පසෙක තබා චීනය අත්කරගත් මේ වර්ධනයේ මා නිරීක්ෂණය කරන පොදු වැදගත්කම් තුනක් අවධාරණය කළ යුතු යැයි සිතමි. 

පළමු වැන්න නම් චීනය යටත්විජිත කොල්ලයකින් තොරව, ඉතා කෙටි කාලයක් තුළ ස්වශක්තියෙන් මේ ආර්ථික වර්ධනය අත්කර ගැනීමය. දෙවැනි කරුණ ආර්ථික වර්ධනයෙන් නොනැවතී සිය සමාජවාදී චින්තනය මත පදනම් වෙමින් එහි ප්‍රතිලාභ පොදු ජනයා අතර සාමූහිකව බෙදා දීමට චීනය සමත් වීමය. අනෙක චීනයේ ගෝලීය භූමිකාව හෙවත් ඔවුන් අත්කර ගත් ආර්ථික හා දේශපාලන බලය, බටහිර බලය මෙන් ලෝකයේ විනාශයට නොව මානව සංහතියේ යහපතට හේතු වන එකක් වීමය. මා මේ සඳහන් කළ කාරණා තුන ගැන බොහෝ වාද විවාද තිබෙන බව දනිමි. එහෙත් කාලයක් තිස්සේ චීනය පිළිබඳ හදාරන්නෙකු ලෙස මා මේ කාරණා සඳහන් කරනුයේ ඒවා හුදු හැඟීම්බර හිතලු ලෙස නොව වාස්තවික කරුණු ඇසුරින් සනාථ කළ හැකි දේ යැයි මා විශ්වාස කරන නිසාය. 

අවසාන වශයෙන් මේ කාරණා ලංකාව සමඟ මඳකට සසඳා බැලිය යුතුය. ලංකාව ලෝකයේ අවාසනාවන්තම රටක් යැයි අද බොහෝදෙනා විශ්වාස කරති. එහෙත් මානව සංවර්ධන දර්ශකය අනුව 2022 වසරේදී ලෝකයේ රටවල් 193ක් අතරින් ලංකාවට 78 වන ස්ථානය හිමිව තිබේ. 0.780ක් වූ එම අගය සියලුම සාෆ් කලාපීය රටවලට වඩා ඉහළ අගයකි. ඒ වසරේ ඉන්දියාවට හිමිවූ මානව සංවර්ධන දර්ශකයේ අගය 0.644ක් වූ අතර, ලෝකයේ ඔවුන්ට හිමි වූයේ 134 වැනි ස්ථානයයි. උපතේදී අපේක්ෂිත ආයු කාලය (වසර 77) හා සාක්ෂරතාව (92.8)  අනුව 2022 වසරේදී ලංකාව යන්තමින් දෙවැනි වූයේ මාලදිවයිනට පමණි. ඉහත රටවල් අතරින් අඩුම මාතෘ මරණ සහිත රට මෙන්ම, දිනකට අමෙරිකානු ඩොලර් 1.90කට වඩා අඩු  ආදායමක් ලබන දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනගහනය අඩුම රට වූයේද ලංකාවය. ඒ අනුව වසර හතලිස් හයකට පෙර ශ්‍රී ලංකාව සිටියේ චීනය සිටි තරම් දුගී දුප්පත් දුෂ්කර අඩියක නොවේ. 

එහෙත් මෙහි අතිශය බරපතළ හා තීරණාත්මක ගැටලුවක් තිබේ. ඒ ගැටලුව වන්නේ ලංකාව මේ තත්ත්වය උදා කරගන්නා ලද්දේ අපගේ නිෂ්පාදන ආර්ථිකය නිසි පරිමාණයට වර්ධනය කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නොව, ණයට ගෙන හෝ ජනතාවට පහසුකම් සැපයීමේ පැලැස්තරවාදී සුබසාධන පිළිවෙත් තුළින් වීමය. මහජන සුබසාධනය වරදක් නොවුණද එය කළ යුත්තේ සුබසාධනය සැපයිය හැකි තරමේ ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟමින් මිස අවිචාරශීලීව ණය සහ ඡන්ද පොරොන්දු මත යැපෙමින් නොවේ. එහෙත් අප දිගින් දිගටම කළ ඒ වරදේ බරපතළ ප්‍රතිවිපාක අත්විඳීමට අද අපට සිදුව තිබේ. 

රටක ඉදිරි ගමන කෙරේ බලපාන සාධක ගණනාවක් තිබිය හැකි වුවද, ජාතික නිෂ්පාදනය ඒ අතර කේන්ද්‍රිය සාධකය වෙයි. ලංකාව අද මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ පදනම තුළ ඇත්තේද අපගේ නිෂ්පාදන ධාරිතාවේ ඌන බව පිළිබඳ කාරණය මිස අන් යමක් නොවේ. රටක ශක්තිමත් ජාතික නිෂ්පාදනයකින් හා කාර්මීකරණයකින් තොරව රටක ආර්ථිකය, සමාජ තත්ත්වය නඟා සිටුවිය හැක්කේ කෙසේද? චීනය එදා කොතරම් දරිද්‍රතාවයේ ගිලී සිටි රටක් වුවද ඔවුහු බරපතළ දුෂ්කරතා මැද අඛණ්ඩව සිය ජාතික නිෂ්පාදනයේ ධාරිතාව ඉහළ දැමූහ. නමුත් අප කළේ සුබසාධනය භුක්ති විඳිමින්, පිල් බෙදී ආණ්ඩු මාරු කරමින් 70 දශකයේ යන්තමට හෝ පැවති කාර්මීකරණ පිළිවෙතද මුළුමනින්ම පාහේ අතහැර දැමීමය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 46කට පසු ලංකාව සහ චීනය පැමිණ ඇති ගමනාන්ත දෙකෙහි වෙනස කෙතරම්දැ යන්න අද කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. චීනය වසර 46ක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ගොඩනඟන විට වසර 46කට පසු ලංකාවට සිදුවී ඇත්තේ ඊළඟ අයිඑම්එෆ් ණය වාරිකය දෙස බලා හූල්ලන ඉරණමකට ඇද වැටීමට නොවේද? 

ඇත්තෙන්ම අප චීනයේ ගමන ගැන කියවාගත යුත්තේ මේ කාරණය ගැඹුරින් අවබෝධ කරගැනීම සඳහාය. එහෙත් අපේ පිළිවෙත වී ඇත්තේ දහසක් දුෂ්කරතා මැඬ ස්වාධීනව නැගී සිටිමින් ඒ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත්කර දුන් චීනය වැනි රටවල් දෙස බැලීම වෙනුවට තවමත් අපේ රටවල් සූරා කෑ යටත්විජිත ස්වාමිවරුන් වන්දනා කිරීමය. සුද්දා දිගටම හිටියා නම් ලංකාව අද දියුණු රටක් යැයි සිතන තරමට තවදුරටත් මානසික වහල්භාවයේ ගැලී සිටීමය. කැනඩාවේ ස්විස්ටර්ලන්තයේ විනය හැදියාව ගැන කතා කරමින් තමන්ගේ සංස්කෘතියට, ආගමට, භාෂාවට, දේශීය උරුමයන්ට අවමන් කිරීමය. එහෙත් ලංකාව අත්කරගත යුතු සැබෑ වෙනස වන්නේ මේ දීන මානසිකත්වයෙන් මිදී තමන්ගේ උරුමයන් මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීමය. ඒ සඳහා එංගලන්තය දෙස නොව චීනය වැනි රටවල් දෙස විචක්ෂණශීලීව හැරී බැලීමය. 

- ඉසුරු ප්‍රසංග
(මව්බිම පුවත්පත) 

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.