News Category
From Date
To Date
Maximum Number of Result

'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' හෙවත් 60 වැදෑරුම් සමාජ සම්මුතිය ඉතා විශිෂ්ඨ ලේඛනයක්... පත්වන ජනාධිපතිවරයා ලවා මෙය ක්‍රියාවට නැංවිමට අප බල කළ යුතුයි - හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා

Aug 15, 2024 at 10:02 AM
|

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ  60 වැදෑරුම් සමාජ සම්මුතිය 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව 13 වනදා කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිත දෙසුම පවත්වනු ලැබීය.

මහාචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිසර හිමිගේ මෙහෙයවීමෙන් පැවැති මෙම අවස්ථාවට රාජකීය පණ්ඩිත පූජ්‍ය චන්ද්‍ර විමල හිමියන්, විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස,මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, ලක්මව දියණියෝ සංවිධානයේ සභාපතිනී ප්‍රියංගා කොතලාවල, නීතිඥ මධුමාලි අල්විස්, ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතියේ සභාපති ජනක විජයපතිරත්න,විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, ප්‍රවීන පර්යේෂණ මාධ්‍යවේදිනී ශෙනාලි වඩුගේ, යන මහත්ම මහත්මීහු  මෙම අවස්ථාවට සහභාගි වූහ.

එහිදී  මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සඳහන්කර සිටියේ මෙම 60 වැදෑරුම් සමාජ සම්මුතිය එළිදැක්වීම සිදුවන්නේ අහම්බයක් ලෙස නොව ජනතාවගේ බලාපොරොත්තුවක් හා අපේක්ෂාවක් ලෙසින් බවයි.

රටේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාව මෙලෙස ජාතික සංවිධාන තුළට කාන්දු වී ජාතික සංවිධාන විසින් එය ඔපමට්ටම් කර ප්‍රකාශයට පත්කරන බවත්, සෑම ජනාධිපති අපේක්ෂකයකුම මෙම ප්‍රකාශනය ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ.

අද වන විට මේ රට රෝගී වූ දේශයක් බවට පත්ව ඇති බවද, විවිධ දොස්තරලා සහ වෙද මහත්වරු මෙන්ම වෙද හාමිනේලා ද විවිධ බෙහෙත් වට්ටෝරු රැගෙන කාලයෙන් කාලයට පැමිණිය ද රෝගී වූ දේශය සුවපත් කිරීම සඳහා ඔවුන් කිසිවෙකුට නොහැකි වූ බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.

ජාතික දේහය එම බෙහෙත් වට්ටෝරුවලට තවදුරටත් ක්‍රියාත්මක නොවන තැනට පැමිණ ඇති මොහොතක විදේශීය බෙහෙත් වට්ටෝරු විශාල ප්‍රමාණයක් මේ වන විට පාවිච්චි කරමින් සිටින බවද පැවසූ උන්වහන්සේ, රෝගීවූ ජනතාව ලෙස අපට ගැළපෙන බෙහෙත් වට්ටෝරුව කුමක්දැයි තීරණය කිරීමට මෙරට ජනතාවට සිදුව ඇති බවද සඳහන් කළහ.

රේනුකානේ මහනායක හිමියන් මෙන්ම ආනන්ද මෛත්‍රී මහනායක හිමියන් වැඩ සිටි කාලයේ පටන්ම මෙරට නායකයන්ට මේ වෙනුවෙන් ගත යුතු පියවර පිළිබද යෝජනා ඉදිපත් කළ ද, එම යෝජනා ඉටුවීමට ආසන්න අවස්ථාවට එළඹුනු විටදී එය වැළැක්වූ කුප්‍රකට ඉතිහාසයක් මෙරට තුළ ඇති බවත්, එනිසා නිවැරදි ඉලක්කය කරා රට ගෙනයාමට නොහැකි වූ බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වාදෙන ලදී.

මෙවර මෙම යෝජනාවලිය පැමිණෙන්නේ 60 වැදෑරුම් යොජනාවලියක් ලෙසින් බවත් පවසන උන්වහන්සේ, ලෝක දේශපාලන උණුසුම තුළ මෙරටට විවිධ ආක්‍රමණ දියත්වීමට හැකි අසන්න තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද සඳහන් කළහ.

රට පිළිබඳව සැබෑ චිත්‍රය විග්‍රහකරගත යුතුව ඇත්තේ ලෝක සිතියම දිගහැර බලා මිස රට දෙස පමණක් බලාසිට නොවන බවද, ලෝක දේශපාලනයේ දේශීය වසංගතය අනිවාර්යෙන්ම ඒ සඳහා හැදෑරීම කාලීන අවශ්‍යතාවක් බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.

රටක් ලෙස අප සිංගප්පූරුව, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් මෙන් වීමට වෑයම් කළා මිස දකුණු ආසියාවේ සතුටින්ම සිටින මෙන්ම ස්වාභාවික සම්පත්වලින් අනූන  දියුණු ජනතාවක් වෙසෙන භූතානය වැනි රටවල් පිළිබඳව හැදෑරීමට උත්සාහ නොකළ බවත්, භූතානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන ලද්දේ ද ශ්‍රී ලංකිකයකු වූ අනගාරික ධර්මපාල තුමන් බවත්, අද වන විට භූතානය සතුට ධනය කරගත් විශිෂ්ට රටක් බවට පත්ව ඇති බවත් මෙහිදී තවදුරටත් පෙන්වා දෙන ලදී.

ආරාධිත දෙසුම පවත්වමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික විද්වද් භික්ෂු සංසදය ඉදිරිපත් කළ 60 වැදෑරුම් සමාජ සම්මුතිය  ඉතා විශිෂ්ඨ ලියවිල්ලක් බවයි. ඒ අනුව  ජනාධිපති අපේක්ෂකයන්ට මෙම ලියවිල්ල පාදක කරගෙන තමන්ගේ අපේක්ෂිත ඉලක්ක සකස් කර ගැනීමට අවස්ථාව තිබෙන බව අවධාරණය කළේය. අපේ රටේ ජනාධිපති තනතුරට පත්වන සෑම අයෙකුම වංගු ගසා තම පටු අභිමතාර්ත ඉටු කරගැනිමට කටයුතු කිරීමේ තත්වයක් උද්ගතව තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ඔවුන් මෙලෙස ක්‍රියාත්මක වන්නේ තමන් තුළ වන මානය නිසා බව පැවසූ එතුමා පෙන්වා අප රටේ බිහිවූ විශිෂ්ඨතම රාජ්‍ය නායිකාව වන බණ්ඩාරනායක මැතිණිය මෙම මානය බිඳ ගත් නායිකාවක් බවත් ඒ නිසාම අප රට ජයග්‍රහණයේ දිශාවට මෙහෙයවීමට එතුමියට හැකියාව ලැබුණු බවත් අවධාරණය කළාය. මෙම හැට වැදෑරුම් සමාජ සම්මුතිය මගින් අපේ රටට විපත් ගෙන දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපාදන ගෙන හැර දක්වන බවද ඒ මහතා අවධාරණය කළේය.

විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ ජේ ආර් ජයවර්ධන 1966 වර්ෂයේ පටන් ජනප්‍රිය තීන්දු නොගැනීමට හැකි ආකාරයට බලය පැවරෙන ජනාධිපති තනතුරක අවශ්‍යයතාවය අවධාරණය කර බව පෙන්වා දුන්නේය. ජනහිතකාමී තීන්දු නොගන සිටීමට කෙනෙකුට බලය පවරා අත්තෝනමතික තීන්දු ගැනීමට කෙනෙකුට ඉඩකඩ සැලසීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නැති බවද ඒ මහතා අවධාරණය කළේය. ඒ නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව ඒ මහතා දැඩිව අවධාරණය කළේය. පාර්ලිමේන්තුව දුර්වල කර අත්තෝනමතිකව බලය භාවිත කළ ජේ ආර් ජයවර්ධන මහතා පළාත් සභා ක්‍රමය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආදේශ කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව පවතින පළාත් සභා වෙනුවට දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පළාත් සභාව වෙනුවෙන් පැන නගින අවශ්‍යතාන් ආවරණය කළ හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. විධායක ජනාධිපතික්‍රමයේ ඇති දුර්වලතාවය නිසාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වර්තමාන ජනාධිපතිවරයා අද අධිකරණයට අපහාස කිරීමට පවා පෙළඹී සිටින බවද  සරත් නන්ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ අනුව මෙම  60 වැදෑරුම් සමාජ සම්මුතිය ක්‍රියාවට නැගීමට පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකුට අපි කොන්දේසි පැමිණ විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසා සිටියේ කලාපීය හා ගෝලීය වශයෙන් අර්බුද ගණනාවක් මතුවෙමින් පවතින පසුබිමක, රටේ ජාතික දේහය ප්‍රතිශක්තිය හීන වී දුර්වල මට්ටමක පැවතීම මත රටට ඕනෑම තර්ජනයක් එල්ලවීමේ හැකියාව පවතින බවයි.

රට ගොඩ ගැනීමට නොයෙක් බටහිර වෙද වට්ටෝරු යෝජනා කළ ද රට ගොඩගත හැක්කේ දේශීය වට්ටෝරුවකින් පමණක් බවද ඒ මහතා මෙහිදී පැවසීය. ඒ අනුව ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන ඉදිරිඅපත් කළ මෙම 60 වැදෑරුම් සමාජ සම්මුතිය පිළිබඳව දැනුවත්ව තමාගේ ජනාධිපතිවරණ කටයුතු මෙහෙයවනවාද එසේ නැතහොත් වෙනත් බලවේගයක න්‍යාය පත්‍රයක් මත මෙහෙයවෙනවාද යන වග රටට දැන්විය යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා පැවසුවේ ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ අටියෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී ඇති බවත්, එයින් රටට වන විනාශය පිලිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකරන බවත්ය.

1988 වසරේ මාස 6ක් ඇතුළත විනාශකාරී සංශෝධන 3ක් ගෙන ඒමට රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කළ බවද, එමගින් 14 වැනි සංශෝධන ක්‍රියාත්මක කරමින් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය 196 සිට 225 දක්වා 29කින් ඉහළ දැමූ බවද, එය සිදුකරන ලද්දේ සුළු ජාතික ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට බවද තිරාණගම මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

එසේම ජාතික ලැයිස්තුව ගෙන ආ බවත්, තිදෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ජනතාවට ලබාදී අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කළ බවත් පවසන ඒ මහතා, 1988 ජනාධිපතිවරණයේ දී 15 වැනි සංශෝධනය හා 16 වැනි සංශෝධනය එකම දිනක් තුළ සිදුකර ආසනයක නියෝජනයක් ලබාගැනීම සඳහා වූ 12.5%ක ඡන්ද ප්‍රතිශතය 5% දක්වා අඩු කළ බවත්, 16 වැනි සංශෝධනය හරහා  දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ බවත් එමගින් සුළු ජාතික පක්ෂ වලට හොඳ ඉල්ලමක් පෑදුන බවත් පෙන්වාදෙන ලදී. 

2019 දී දෙමළ ඡන්ද ලබාදීමට නම් ඉල්ලීම් 13ක් ඉටුකළ යුතු බවට පුවත්පත් දැන්වීමක් පවා දෙමළ පක්ෂ පළ කළ බවද, එයට එකඟවීම නිසා සජිත් ප්‍රේමදාස මහතාට උතුරු හා නැගෙනහිර 88%ක් දෙමළ ඡන්ද ලැබෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුනේ ඡන්ද 7%ක පමණ ප්‍රතිශතයක් පමණක්  බවද පෙන්වාදුන් ඒ මහතා, මෙම ජනාධිපතිවරණයේ දී ද මෙවැනි ගිවිසුම් ක්‍රියාත්මක විය හැකි බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේ මෙම  60 වැදෑරුම් සම්මුතිය නිර්මාණය කරන ලද්දේ මීට පෙර නිකුත් කළ මහජන කොමිෂන් සභා වාර්තා 5ක් පදනම් කරගෙන බවයි.

කිසිඳු අපේක්ෂකයකු මේ මොහොතේ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව කිසිවක් කතා නොකර බවත්, රණවිරුවන් පාවාදෙන බෙදුම්වාදී මාර්ග සිතියමේ ප්‍රධාන සැතපුම් කණුවක් වන සත්‍ය සෙවිමේ කොමිසම පනත ගෙනවිත් එය සංශෝධනය කරන බව පවසා කාරක සභා අවස්ථාවේ දී වචන හරඹයක් පමණක් සිදුකර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද මෙහිදී ගොනාට අන්දවා ඇති බවත් ඒ මහතා පැවසීය.

13 වැනි සංශෝධන බලාත්මක කිරීමෙන් රටට සිදුවන හානිය, ආර්ථික පරිවර්තන පනත නමින් ගෙනවිත් ඇති පනතෙන් සිදුවන හානිය වැනි රටට විනාශය ගෙන එන පනත් මගින් සිදුවන හානිය ගැන කිසිඳු අපේක්ෂකයකු කිසිවක් කතා නොකරන බවත් පවසන වසන්ත බන්ඩාර මහතා, සෝෆා හා එට්කා වැනි ගිවිසුම් හරහා රටට එල්ලවන ඉන්දු - අමෙරිකා ආක්‍රමණකාරී තර්ජනය ගැන පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයන් බලයට පත්වූ පසු කරන්නේ මොනවාදැයි යන්න පවා කිසිවක් පවසා නැති බවද සඳහන් කරයි.

විදේශ විනිමය පනත හා මහ බැංකු පනත සංශෝධනය නොකර රටේ මෙම අර්බුදය අවසන් කිරීමට නොහැකි බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.

ජාත්‍යන්තර පීඩනයට මුහුණ දෙන්නේ කෙසේ ද, රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේ ද, රටේ කර්මාන්ත පද්ධතිය ගොඩදමන්නේ කෙසේ ද සහ ජාතික ආරක්ෂව සහ සභ්‍යත්ව රාජ්‍යක් නිර්මාණය කිරීම පිළිබඳව ද කිසිඳු අපේක්ෂකයකු කිසිවක් පවසා නොමැති බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව,  ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතියේ සභාපති ජනක විජයපතිරත්න යන මහත්වරුන් ද  60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීමේ මෙම අවස්ථාවට එක්වෙමින් කරුණු දැක්වීම් සිදු කළහ.






සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.