හසීනාගේ අත් සුදු ද?
බංගලිදේස කුලප්පුවට අදාළ ආර්ථික පසුබිම පැහැදිළි කරන ලිපි දෙකක් මම ලිව්වා. "හසීනා කියන්නේ සුද්දවන්තියක් නෙවෙයි" කියලා ඒ ලිපි කියවපු මහත්තයෙක් කමෙන්ට් එකක් දැම්මා. ඒ කමෙන්ට් එක සභ්‍ය විදිහට ලියලා නොතිබුණු හින්දා මම ඒක මකලා දැම්මා. හැබැයි ඒ මහත්තයා ඉස්මතු කරපු කාරණය ගැන කතා කරන්න ඕන.
මම කිව්වේ හසීනා නෝනාගේ ආණ්ඩුවේ ආර්ථික සාධනය ගැන මිසක් ඒකට සම්බන්ධ වෙච්ච අයගේ අත් සුදු ද කළු ද කියන කාරණය නෙවෙයි. හසීනා නෝනා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වැඩ කරලා ඇති. දූෂණවලටත් සම්බන්ධ ඇති. මට ඒ කරුණු කාරණා ගැන උනන්දුවක් නෑ. මම කිව්වේ හසීනා නෝනාගේ ආණ්ඩුව බංගලිදේසේ කර්මාන්ත අංශය වර්ධනය කරන්න වැඩ කළා කියන එක විතරයි. ඒ වගේ ම, මම අවධාරණය කළේ එහෙම කර්මාන්ත දියුණුවක් ඇති කරන්න බටහිර ප්‍රාග්ධන මුදලාලිලා ඉඩදෙන්නේ නෑ කියන කාරණය.
රටක ආර්ථික සාධනය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී, කිරි සුදු පාලනයක් මූලික වෙනවා නම් බොහොම හොඳයි. ඒත් ඒ පාරිශුද්ධභාවය ගෑවිලාවත් නැති අයත් ආර්ථික හපන්කම් කරලා තියෙනවා.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාක් චුං-හී (Park Chung Hee) කියන්නේ එහෙම කෙනෙක්. පාක් චුං-හී 1961 දී දකුණු කොරියාවේ බලය අල්ලාගෙන ඊ ළඟ අවුරුද්දේ ජනාධිපති ධුරයට පත්වුණාම කර්මාන්ත විප්ලවයකට මුලපිරුවා. ඒ වෙනුවෙන් පස් අවුරුදු සැලසුම් ක්‍රමයකුත් හඳුන්වලා දුන්නා. පාක් චුං-හී තමන්ගේ පාලන කාලය තුළ දකුණු කොරියාව මුළුමනින්ම හමුදාකරණයකට ලක් කළා.
දකුණු කොරියාවේ කර්මාන්ත විප්ලවය වෙනුවෙන් පාක් චුං-හී ඒ රටේ ධනපති පිරිස යෙදෙව්වේ තමන්ගේ හමුදා බලහත්කාරකම පාවිච්චි කරලා. ධනපතියෝ කියන්නේ තමන්ගේ ආයෝජනවලට ඉක්මන් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන පිරිසක්. මහ දැවැන්ත ආයෝජන කරලා ප්‍රතිලාභ ලබාගන්න දීර්ඝ කාලයක් බලාගෙන ඉන්න ධනපතියෝ කැමැති නෑ. ඉතින් පාක් චුං-හී හමුදා බලය යොදාගෙන දකුණු කොරියාවේ ධනපතියන්ව ලොකු ආයෝජනවලට තල්ලු කළා.
1972 දී පාර්ලිමේන්තුව විසුරුවපු පාක් චුං-හී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවලා තමන්ගේ ම ව්‍යවස්ථාවකුත් හඳුන්වලා දුන්නා. රට පාලනය කරන්න දිගින් දිගට ම හදිසි නීතියත් සමහර වෙලාවට හමුදා නීතියත් යොදාගත්තා. හැබැයි මේ ඔක්කොම බලහත්කාරකම් මැද්දේ රටේ කර්මාන්ත දියුණු කරන්න පාක් චුං-හී උපරිමයෙන් ම කැපවුණා.
පාක් චුං-හී 1972 - 1976 කාලයට ඉදිරිපත් කරපු පස් අවුරුදු සැලැස්මෙන් තමයි නැව් හැදීමේ කර්මාන්තය දකුණු කොරියාවේ ප්‍රධාන ආර්ථික ඉලක්කයක් බවට පත් කළේ. හැබැයි සෑහෙන කාලෙකට පස්සේ ප්‍රතිලාභ ලබාගන්න පුළුවන් මෙහෙම දැවැන්ත කර්මාන්ත අංශවල ආයෝජන කරන්න ධනපතියෝ කැමැති නෑ. ඉතින් පාක් චුං-හී මේ වෙනුවෙන් ධනපති ආයෝජකයෝ යොමු කළේ තමන්ගේ හමුදා බලය යොදවලා. මේ කර්මාන්තයට තල්ලු කරපු සමාගම් අතර හයි-උන්ඩායි සමාගමත් ඉන්නවා. මේ වෙද්දී ලෝකයේ තියෙන ලොකු ම නැව් හැදීමේ සමාගම බවට හයි-උන්ඩායි බැර කර්මාන්ත සමාගම පත්වෙලා.
මෙහෙම හපන්කම් කරපු පාක් චුං-හී කියන්නේ දෑත් පිරිසිදු කෙනෙක් නෙවෙයි. අන්තිමේ දී ඔහු මැරුම් කෑවේ තමන් ම හදපු කොරියානු CIA සංවිධානයේ ලොක්කා අතින්.
ඉතින් ෂීක් හසීනා නෝනාගේ දෑත් පිරිසිදු ද කියලා හොයලා බලන එක වෙනම වැඩක්. ඒ නෝනා බංගලිදේසේ කර්මාන්ත දියුණු කළා ද කියලා හොයලා බලන එක තවත් වැඩක්.
(රටකට ඒකාධිපති පාලකයෝ ඕන බවක් නෙවෙයි මේ කියන්නේ).
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්