News Category
From Date
To Date
Maximum Number of Result

නව ව්‍යවස්ථාවකට විරුද්ධ වන්නේ රනිල් හෝ සජිත් ආවොත් සිදුවන දේ සැඟවීමටයි - ජාතික සංවිධාන කියයි

Aug 9, 2024 at 09:30 AM
|

පවතින ව්‍යවස්ථාවේ අපලය කුමක්දැයි ලංකා ලීඩර් සමග සාකච්ඡාවකට සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ නව ව්‍යවස්ථාවකට විරුද්ධව කතාකරන පිරිස් පවතින ව්‍යවස්ථාව සමග 13 ආරක්ෂා කිරීමට කැපවන කණ්ඩායමක් බවයි.

ඒ මගින් ඔවුන් රනිල් හෝ සජිත් යන අපේක්ෂකයන්ගෙන් කවුරු බලයට පත්වුවත් විධායක බලය අයුතු ලෙස යොදාගනිමින් 13 බලාත්මක කිරීමේ අනතුර සැඟවීමට ක්‍රියාකරන බවද ඔහු චෝදනා කරයි.

විධායක ජනාධිපති ක්‍රමය සහ 13 ආරක්ෂා කිරීම මගින් එම පිරිස් එම බලතල නිසා රටට සිදුවන විපත පිළිබඳ සංවාදය ජනගත කිරීම වළක්වන බව ද ඔහු සඳහන් කරයි.

සංවාදය පහළින්...

ව්‍යවස්ථාවේ අපලය කුමක්ද?

1. ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුද රාශියකට වගකිවයුතු මූල හේතුව 1978 ව්‍යවස්ථාව බවට ප්‍රබල මතයක් ඔබලා ඉදිරිපත් කරනවා නේද? මොනවද ඔය කියන ව්‍යවස්ථාවේ අඩංගු භයානක ප්‍රතිපාදන.

1978 ව්‍යවස්ථාව සමස්තයක් ලෙස ගත්විට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය බලහත්කාරයෙන් සමාජය මත පැටවීම සඳහා අත්තනෝමතික ඒකාධිපති බලයක් ජනාධිපතිවරයාගේ අතට ගැනීම මුල් කරගෙන සකස් කළ එකක්. ඒ මගින් නිර්මාණය කළ ආර්ථික මොඩලය තමයි අද අර්බුදයට ලක්වෙලා තිබෙන්නේ. ඒ දූෂිත මොඩලය, ඒ කියන්නේ වර්තමාන ව්‍යවස්ථාව එසේම තිබියදී දූෂණ වංචා වැළැක්වීම ගැන හෝ හොරු ඇල්ලීම ගැන කතා කිරීම විහිළුවක් වන්නේ ඒ නිසයි. නමුත් රටේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජාතික සමගිය පැත්තෙන් ගත්විට භයානකම ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළු කරන්නේ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්. ඊට පසුව 16 වැනි සංශෝධනය මගින් ඒ ප්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කරනු ලැබුවා.

2. එහෙමනම් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ විරෝධය කුමක්ද?

ඊට අදාළ විරෝධය පළමුවෙන්ම ආරම්භ වන්නේ 1978 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. නමුත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ “ධර්මිෂ්ට සමාජය” ලේබලය යටතේ පවත්වාගෙන ගිය මර්දනකාරී රාජ්‍ය තන්ත්‍රය තුළ එම සටන් පාඨයට ඉඩක් ලැබුණේ නැහැ. ඇමෙරිකාව වගේ ෆෙඩරල් රාජ්‍යයක ජනාධිපතිගේ බලය බරපතල ලෙස ප්‍රාන්තවල බලය සහ කොංග්‍රසයේ බලය මගින් යම් පාලනයකට යටත් කෙරෙනවා. ඒ වගේම ඉන්දියාව වගේ මහා ෆෙඩරල් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ වගේ මහා බලගතු ජනාධිපතිවරයකු නැතුව  ආරක්ෂාකාරීව ශක්තිමත්ව පවතිනවා. නමුත් අප රටේ රාජාණ්ඩු පිළිබඳව පවතින යම් ධනාත්මක මතවාද පටු අර්ථයෙන් විග්‍රහ කරන යම් පිරිස් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනී සිටිනවා. එහිදී ඔවුන් අමතක කරනවා අප රටේ රාජාණ්ඩු ක්‍රමය තුළ රජු, ජනතාව සහ මහා සංඝරත්නය යන බල ත්‍රිකෝණය තුළ මහා සංඝරත්නය සතු බලය මගින් රජු පාලනයට යටත් කළ බව, අප රටේ රජුට ව්‍යවස්ථාව පැනවූයේ මහා සංඝරත්නය.

3. වර්තමාන ව්‍යවස්ථාව එහෙම නැතිනම් විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරන්න ඉදිරිපත් වන්නේ ඒ රාජාණ්ඩු මනෝභාවයේ සිටින පිරිස පමණද?

නැහැ. පසුකාලීනව විධායක ජනාධිපති බලයට වටිනාකමක් ලැබුණා 1987 දි  13වැනි සංශෝධනය සම්මත කිරීමේදී ඊට අදාළව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව නිසා. සරලව ගත්විට එම සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ හේතු දෙකක් මත. පළමුවැන්න ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම සඳහා ජයවර්ධන ජනාධිපතිවරයා විසින් එම සංශෝධනයට යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පැනවීමයි. දෙවැන්න ජනාධිපතිවරයාගේ බලතල අනුව වෙනම රාජ්‍යයක ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීම සඳහා යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් තිබීමයි. ඒ නිසා13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකළ යුතුයි කියන මතය සාධාරණ තර්කානුකූල මතයක්. 

4. ඒ මගින් අදහස් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන තුරු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ නොහැකි බවද?

නැහැ. කොහෙත්ම නැහැ. 13වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැන්න, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉහත සඳහන් කළ ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීමයි. එවැනි බාධක ප්‍රධාන වශයෙන් 5ක් තිබෙනවා. නමුත් ඒ අතරින් සමගාමී ලැයිස්තුව ඉවත් කරලා ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කිරීම පමණක් වුවත් බොහෝ විට සෑහෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ 22 වැනි සංශෝධනය මගින් ආණ්ඩුකාරයාගේ බලය දුර්වල කරනවා. ඒ අතර රොමේෂ සිල්වා මහතාගේ කමිටුවෙන් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතේ සමගාමී ලැයිස්තු ඉවත් කරනවා.  ඒ ආකාරයට ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයකින් ඉවත් කළොත් ජනාධිපතිවරයා කවුරු වුණත්, ඔහු 13ට විරුද්ධ වුණත්, එය බලාත්මක කිරීමේ හැකියාව ලැබෙනවා. දෙවැනි ක්‍රමය පරිපාලන වශයෙන් බලාත්මක කිරීමයි. බෙදුම්වාදී පක්ෂවලට පක්ෂපාතී ජනාධිපතිවරයකු බලයේ සිටින විට ව්‍යවස්ථා සංශෝධනයක් නොමැතිව 13 බලාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. 

5. කොහොමද ඒක කරන්නේ? 

මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයකු පත් කරල ඊට පසුව ප්‍රඥප්ති එකින් එක සම්මත කරන විට ඒවා ව්‍යවස්ථාවට අනුකූලද යන්න විභාග කිරීම සඳහා ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකර සිටීම පමණක් හොඳටම සෑහෙනවා. එවිට පොලිස් ප්‍රඥප්ති, ඉඩම් ප්‍රඥප්ති ආදිය මධ්‍යම ආණ්ඩුවේ නීති වලට පටහැනිව සහ ව්‍යවස්ථාවට පටහැනිව සම්මත කරන්න හැකියාව ලැබෙනවා. සම්මත කළාට පසුව ක්‍රියාත්මක නොකර සිටීමට බලපෑම් කලොත් ගැටුමක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒ ගැටුම් යොදාගෙන ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපෙනවා. ඒ අවස්ථාව ඊළාම් මාර්ග සිතීමේ අවසන් සැතපුම බව ඉතා පැහැදිලියි. 

6. ඒ අනුව ඔබ කියන්නේ විධායක ජනාධිපතිවරයා සතු බලතල වලින් 13 වැනි සංශෝධනය  බලාත්මක කිරීම වළක්වන්න බැහැ කියලද?

මා කියන්නේ ජනාධිපතිවරයාගේ පුද්ගලික ප්‍රතිපත්තිය මත එය තීරණය වන බවයි. ඒ බව 13ට අදාළ නඩු තීන්දුවේ විනිසුරුවරයෙකු වූ හිටපු අග විනිසුරු රාජා වනසුන්දර මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව සඳහන් කළා. ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා බෙදුම්වාදයට පක්ෂපාතී නම් තත්ත්වය ඉතා බරපතල වන බවයි. ඒ නිසා විධායක ජනාධිපති බලතල දෙස බලා නොසිට 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව තමයි ඔහුගේ අදහස. 

7. කොහොමද ඒක කරන්නේ? - ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාවෙන් 13 වෙනි සංශෝධන ඉවත් කරන්නේ? 

රාජා වනසුන්දර හිටපු අගවිනිසුරුතුමාට අනුව 13වැනි සංශෝධනය කියන්නේ ව්‍යවස්ථාමය බාධක නැමති සිහින් නූල් පටවලින් ගැටගසා ශ්‍රී ලංකාවේ හිසට උඩින් එල්ලා ඇති කඩු තුඩක්. ඒක සදාකාලික මාරාන්තික අනතුරක්. ඔහුට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ඒ නූල්පොට කපා දැමීමෙන් ශ්‍රී ලංකාව දෙපළු වෙනවා. ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනයකින් 13 ඉවත් කරන්න හැදුවොත් එහෙම නැත්නම් කඩුව හොලවල ගලවන්න හැදුවොත් ඒක බරපතල අර්බුදයක් වෙනවා. ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග මහා අවුලක් නිර්මාණය කරනවා. එතකොට 13 තවදුරටත් තහවුරු වෙනවා.

8. බාධක ඉවත් කරන්නත් එපා නම්, සම්පූර්ණයෙන් ඉවත් කරන්නත් එපා නම් මොකක්ද කරන්නේ?

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම තමයි 13න් ගැලවෙන්න තිබෙන එකම මාවත. නව ව්‍යවස්ථාවක 13ත් නැහැ. ඒ වගේම 16ත් නැහැ. රටක නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අයත් දෙයක් කාටවත් ඒකට විරුද්ධ වෙන්න බැහැ. 

9. කොහොමද නව ව්‍යවස්ථාවක් සාධාරණීකරණය කරන්නේ?

13ක් නැති නව ව්‍යවස්ථාවක ප්‍රාදේශීය මට්ටමට විධායක බලය විමධ්‍යගත කෙරෙන සහ බෙදුම්වාදයට ගොදුරු නොවන ලෙස සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමින් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුයි. ඒ මගින් බෙදුම්වාදීන්ගේ විරෝධය යටපත් කර පොදු මහජනතාවගේ සහය දිනාගත යුතුයි. එහෙම නැතුව ජනමත විචාරණයකින් නව ව්‍යවස්ථාව සම්මත කරන්න මහජන සහය ලබාගන්න බැහැ. එම ව්‍යුහය බෙදුම්වාදයට ගොදුරු නොවීම සඳහා මූලික කොන්දේසි දෙකක් තිබෙනවා. පළමුවැන්න පළාත් සභා මැතිවරණය අහෝසි කර සම්බන්ධීකරණ ව්‍යුහයට අදාළ නියෝජිතයින් පළාත් පාලන ආයතනවලින් තෝරා ගැනීමයි. දෙවැන්න පරමාධිපත්‍ය බලය බෙදීයෑම යන සංකල්පයට යටත් නොවන ලෙස එනම් පාර්ලිමේන්තුවෙන් පනවන නීතියෙන් ලබා දෙන ප්‍රමාණයට පමණක් ව්‍යවස්ථාදායක බලය ලබාදීමය. 

10. නව ව්‍යවස්ථාවක අඩංගු විය යුතු වෙනත් මූලික ප්‍රතිපාදන මොනවාද?

13නෙන් ගැලවීමට අමතරව ජාත්‍යන්තර බලපෑම් වලට මුහුණ දීම සඳහා ප්‍රතිපාදන ඇතුල් කළ යුතුයි. ඒක අනිවාරයෙන්ම කළ යුතු දෙයක්. එහෙම නැතුව කවුරු ජනාධිපති වුණත් ඉන්දු ඇමරිකානු න්‍යාය පත්‍රයට යටත් වීමට සිදුවෙනවා. ඊට එරෙහිව ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබෙන තත්ත්වයක් යටතේ බලපෑම් එල්ල වන අවස්ථාවල ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට සහ යටත් නොවී සිටීමට ශක්තිය ලැබෙනවා. 

11. මොනවද ඒ ප්‍රතිපාදන

පළමුවැන්න, එක්සත් ජාතීන්ගේ 1971 /2832 යෝජනාව අනුව ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත් කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය විසින් ඉටු කළ යුතු බවට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන පැනවීමයි. ඒ අනුව ඉන්දියානු සාගර කලාපයේ රටවලට යුදමය හෝ ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීම කළ නොහැකි ආකාරයට ලෝකයේ මහා බලවතුන්ට ප්‍රබල බලපෑමක් එල්ල වෙනවා. දෙවැන්න ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා නීතියක් පැනවිය යුතු බවට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන පැනවීමයි. එම නීතිය මඟින් අමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට අත්තනෝමතික තීන්දු ගත නොහැකි ආකාරයට ප්‍රතිපාදන පැනවිය යුතුයි.

12. අවසාන වශයෙන් මූලික මාතෘකාව වන විධායක ජනාධිපති ක්‍රමයට මොකද කරන්නේ? 

නව ව්‍යවස්ථාවක් මගින් ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණය අහෝසි කළ යුතුයි. ඒ මගින් තමයි බෙදුම්වාදීන්ට, ජාතිවාදීන්ට සහ විවිධ ආගමික අන්තවාදී කල්ලිවලට ඡන්ද ලක්ෂයක් අතේ තිබ්බත් ජනාධිපතිවරයා නටවන්න හැකි වෙන්නේ. ඔහු එම බලවේගවලට විවිධ පොරොන්දු දීලා යටත් වෙලා බලයට පැමිණි විට ව්‍යවස්ථාවෙන් ලැබෙන අසීමිත බලය භාවිතා කරන්නේ ඒ පොරොන්දු ඉටු කරන්න. පසුගිය කාලයේදී රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධන සියල්ල සම්මත කෙරෙන්නේ මහා බල ගතු ජනාධිපති සුළුතරයට යටත් වීම නිසා තමයි. පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් පනවන මන්ත්‍රීවරුන් අතුරින් ව්‍යවස්ථාව මගින් පත්වන සුදුසුකම් වලට යටත්ව බහුතර ඡන්දයෙන් තෝරාගන්නා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව මගින් ලබාදෙන විධායක බලය තවදුරටත් ශක්තිමත් කරන්න බාධාවක් නැහැ. ඉන්දියාව වගේ ෆෙඩරල් රාජ්‍යයක් ආරක්ෂා වෙලා තියෙන්නේ ඒ වගේ ක්‍රමයක් මගින් තමයි. ඉන්දියාවේ ඕනෑම ප්‍රාන්ත නීතියක් අත්හිටුවීමට ඒ ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එහෙත් අපේ රටේ මහජන ඡන්දයෙන් පත්වන බලගතු ජනාධිපතිට එවැනි බලයක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන්නේ 1994 සිට ජනප්‍රිය සටන් පාඨයක්. රාජාණ්ඩු සිහිනයේ සිටින ඉතා සුළු පිරිසක් හැර සෙසු දේශපාලන බලවේග වලට ඊට විරුද්ධ වීමට සාදාචාරාමය හැකියාවක් නැහැ. ඒ නිසා ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම සඳහා එම සාධකයත් වැදගත්. 

13. මේ නිශ්චිත මොහොතේදී, ඒ කියන්නේ ජනාධිපතිවරණයක් අභියස නව ව්‍යවස්ථාවක් පිළිබඳව සහ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම පිළිබඳව කතා කරන්නේ ඇයි? 

පළමු හේතුව පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් තොරව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හෝ බෙදුම්වාදය පරාජය කිරීමට නොහැකි බව අවධාරණය කිරීමේ උවමනාවයි. දෙවැන්න, විධායක ජනාධිපති බලය යොදාගනිමින් අනාගත ජනාධිපතිවරයාට රටට සිදුකළ හැකි විපත පෙන්වාදීමයි. ඒ අනුව 13 වැනි සංශෝධනය කැමැත්තෙන් බලාත්මක කිරීමට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු බලයට පත්වුවහොත් රටට සිදුවන විපත මහජනයාට අවධාරණය කිරීම සඳහා මෙම සංවාදය ඉතා වැදගත් වෙනවා. 

14. ඒ කියන්නේ ඊට විරුද්ධ වෙන අය අනාගත ජනාධිපතිවරුන් විසින් රට විපතට හෙලීම අනුමත කරන අයද? 

එහෙම කියන එක සාධාරණයි කියලා තර්ක කරන්න පුළුවන්. ඒ අය රටට සිදුවන විපත අනුමත කරන අය වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් එම ක්‍රියාවලියට අදාල සංවාදය ජනගත කිරීම වැළැක්වීම සඳහා උවමනාවක් තිබෙන අය වෙන්නත් පුළුවන්. 

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.