දේශපාලන වේදිකාවල නැවතත් ඇසෙන කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමේ ඇත්ත කතාව
මේ දිනවල ඇතැම් පක්ෂ පුද්ගලයන් කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඡන්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මැරුණු මළමිනී නැවතත් ගොඩදාමින් සිටින බව පෙනේ.
එහෙත් අප සත්‍යය දැනගත යුතුව ඇත
කොවිඩ් වැළදී මියයන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ 2020.04.11 දින හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහත්මා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ කොවිඩ් වැළඳී මියයන පුද්ගලයෙකුගේ දේහය ආදාහනය පමණක් කළ යුතු බවටත්, එම ආදාහන කටයුතු කළයුතු නිසි ක්‍රමවේදයක් දක්වා තිබේ. එම නියෝගය 2021.02. 25 දින දක්වා වලංගු වන අතර, 2021. 02.25 දින වර්තමාන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් වැළඳී මියයන පුද්ගලයන්ගේ දේහයන් නියමිත සෞඛ්‍ය පිළිවෙත් වලට අනුව ආදාහනය හෝ භූමිදානයට ඉඩ ලබාදෙන බවට සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
එම තීන්දුව සෞඛ්‍ය අංශවල උපදෙස් මත පදනම්ව ගත් තීන්දුවක් නොව දේශපාලනික අවශ්‍යතාවයන් මත හා ජාත්‍යන්තර බලපෑම් මත සෞඛ්‍ය අංශයන්වලට සිදු කළ බලපෑම් මත ගනුලැබූ තීරණයක් බවට එකලද චෝදනා එල්ල විය.
අනතුරුව 2021.03. 16 දින මඩකලපුව, කෝරලේපත්තු, ඔට්ටමාවඩි ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටුවක දී අදහස් දක්වමින් මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් විසින් කොවිඩ් මරණ භූමිදානය පිළිබඳ කළ ප්‍රකාශය 2021.04.16 දින සිරස TVරාත්‍රී 7:00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය තුළ විකාශනය වේ. එය මෙසේය,
"මිනී පෙට්ටි භූමදානය කෙරුණා එච්චරයි. මට කියන්න පුළුවන් පෙට්ටි 182ක් භූමදානය කළා. මම එතනින් නවතිනවා. මේ ගැන නිල තොරතුරු තියනවා. සැඟවුණු තොරතුරුත් තියෙනවා. මේ සෑම දෙයකටම එහා ආණ්ඩුව මේ පිළිබඳව අපට උදව් කළා. ඔවුන්ගේ ගැටලු අපි තේරුම් අරගෙන තියෙනවා. අපේ ගැටළු ඔවුන් තේරුම් අරගෙන තියෙනවා. කොහොමද හදිසියේම මෘතදේහය 39 ගෙනාවේ කියලා ඕගොල්ලෝ හිතන්න හොඳ නෑ. මේකට තමයි අපි වැඩ කළේ"
එහෙත් ඊට පෙර කොවිඩ් මෘත දේහ ආදාහනය පමණක් යන තීරණයෙන් මුස්ලිම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට කරුණු දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ SCFR 103/2020 නැමැති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අංශවල තීරණ දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට නියෝග කර තිබුනි.
ඒ අනුව සෞඛ්‍යංශ වල තීරණය ගරු අධිකරණය විසින් පවා තහවුරු කර ඇත.
එසේම මෙරට වෙසෙන කතෝලික ප්‍රජාවද ඔවුන්ගේ ආගමේ අදහස් අනුව මළ සිරුරු ආදාහනය නොකරන අතර භූමදානය පමණක් සිදු කරනු ලබයි.
එසේම මෙරට වෙසෙන සිංහල සහ හින්දු ජනතාවද ඔවුන්ගේ වැඩිමහල් අය ජීවත්ව සිටියදී බාල අය මියගියහොත් ඔවුන් ද ආදාහනය නොකරන අතර භූමදානය පමණක් සිදු කරනු ලබයි.
එපමණක් නොව කොවිඩ් මළසිරුරු භූමදානය කළ ඔඩ්ඩ මාවඩි සුසාන භූමියේ මුස්ලිම් නොවන වෙනත් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් ඒ බව වඩාත් තහවුරු වේ.
මෙයින් අප අදහස් කළේ කොවිඩ් සමයේ මළසිරුරු ආදාහනය කිරීම එක ජාතියකට එරෙහිව සිදුකරන ලද්දක් නොව රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලැබූ තීරණයක් බවයි.
එය ගරු අධිකරණය විසින් ද තහවුරු කර ඇත.
ඒත් අපේ රටේ ඇතැම් අම්බරුවන් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් නැවත නැවතත් පැරණි මළකඳන් අවුස්සමින් අන්ත ජාතිවාදීන්ට ඇවැසි පහසුකම් ලබා දෙන බව පෙනී යයි.
ජාතිවාදී නොවන මොළේ ඇත්තන්ගේ දැනගැනීම සඳහාම පමණි.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..