
චීන ආයෝජන තුළින් බංග්ලාදේශයේ ආර්ථිකය ගොඩනැගීමට එරෙහිව බංග්ලාදේශ රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා කුමන්ත්‍රණයක් සිදු වුනාද?
මේ වන විට බංගලාදේශ අගමැතිනි ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රට හැරගොස් ඇති අතර, රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
ඇදිරි නීතිය පනවා ඇතත් විරෝධතාකරුවන් නිදහසේ වීදි තුළ සැරිසරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන අතර, එරට පාර්ලිමේන්තුවද විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන ඇති අතර ඩකා ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබේ.
මේ වන විට බංගලාදේශ හමුදා ප්‍රධානියා විසින් එරට අන්තර්වාර පාලනයක් පත් කරන තෙක් හමුදා පාලනයක් පවතින බව ප්‍රකාශයට පත් කර තිබේ.
බංග්ලාදේශයේ මෙවැනි වාතාවරණයක් නිර්මාණය වීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුවූ බවට දේශපාලන විචාරකයන් නොයෙක් අදහස් දැක්වීම් ද සිදුකර ඇති පසුබිමක මෑත කාලයේ චීන - බංග්ලාදේශ ආර්ථික සහයෝගීතාවයේ වර්ධනය වීමක් ද සිදුව තිබූ බව එරට ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවූ පරිවර්තනය සාක්ෂි දරයි.
චීනය බංග්ලාදේශයට සමීප වීම අධිරාජවාදී බටහිර ආදිපත්‍යයට දැඩි පහරක් වූ බව සනාථ කෙරෙන සාක්ෂිද එරට ක්‍රියාත්මක වන අරගලය තුළින් සොයාගැනීමට අපහසු නැත.
පසුගිය කාලයේ බලශක්ති ක්ෂේත්‍රයේ චීනයේ මැදිහත්වීම පුළුල් කිරීමට බංග්ලාදේශය දැඩි උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වේ.
විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් රාජ්‍ය අමාත්‍ය නස්රුල් හමීඩ් බංග්ලාදේශයේ චීන තානාපති යාඕ වෙන් සමඟ පැවති හමුවකදී මෙම උපායමාර්ගික දැක්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 30ක ආයෝජනයක අවශ්‍යතාවය අවධාරණය කරමිනි.
එහිදී දෙරට අතර ගැඹුරු සහයෝගීතාව සඳහා අඩිතාලම දමමින්, අන්‍යෝන්‍ය අවශ්‍යතා රාශියක් ආවරණය කර තිබේ.
විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය සඳහා චීන සමාගම් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති අතර, සහයෝගීතාවයේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා දෙරටටම එක්වීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ඉදිරි වසර පහ තුළ බංග්ලාදේශය වඩාත් සමෘද්ධිමත්, ශක්තිමත් සහ සංවර්ධිත රාජ්‍යයක් වනු ඇතැයි චීන තනාපත්වරයා එහිදී පවසා ඇති අතර, චීන අරමුදල් සහිත ව්‍යාපෘති, ලිතියම් බැටරි කර්මාන්තශාලාව, අර්ධ සන්නායක කර්මාන්තශාලාව, විදුලි වාහන, බැටරි ගබඩා පද්ධතිය, ස්මාර්ට් මීටරය, සූර්ය හා සුළං බල ව්‍යාපෘතිය, අපද්‍රව්‍යවලින් විදුලිය, ගෑස් නිස්සාරණය ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද ඔවුහු එහිදී සාකච්ඡාකොට තිබේ.
මෙවැනි ආර්ථික පරිවර්තනයකට එළෙඹෙමින් තිබිය දී එරට තුළ ඇතිවූ මෙම අරගලය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවා දැයි අද වන විට දේශපාලන විචාරකයන් සැක පහළකරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
