News Category
From Date
To Date
Maximum Number of Result

බංග්ලාදේශයේ අගමැතිනිය බලයෙන් පහකළ "මාර්ච් ටු ඩකා"... රටේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය තවදුරටත්

Aug 6, 2024 at 07:20 AM
|

බංගලාදේශ අගමැති ධුරයෙන් ෂික් හසීනා ඉල්ලා අස්වී රට හැරයාමෙන් පසු රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් තවදුරටත් පවතී.

ඇදිරි නීතිය පනවා ඇතත් විරෝධතාකරුවන් නිදහසේ වීදි තුළ සැරිසරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙති.

එරට පාර්ලිමේන්තුවද විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන ඇති අතර ඩකා ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබේ.

බංගලාදේශයෙක් හිටපු ක්‍රිකට් නායක මෂ්රෆී බින් මෝටර්සාගේ නිවස ද ගිණි තැබීමකට ලක්කර තිබේ.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී බංගලාදේශ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පුද්ගලයෙකි.

මේ වන විට බංගලාදේශ හමුදා ප්‍රධානියා විසින් එරට අන්තර්වාර පාලනයක් පත් කරන තෙක් හමුදා පාලනයක් පවතින බව ප්‍රකාශයට පත් කර ඇත.

බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කළේ රජයේ රැකියා කෝටා ක්‍රමවේදයට විරෝධය පළකරමිනි.

ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන රට පුරා පැතිර ගිය එම විරෝධතා අතරතුරදී 300කට ආසන්න පිරිසක් මරණයට පත්වුණි.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැකියා කෝටාවට එරෙහි විරෝධතාව රජයට එරෙහි දැවැන්ත විරෝධතාවක් බවට පරිවර්තනය කරමින් යළි උද්ඝෝෂණ ආරම්භ කළේ මීට දින කිහිපයකට පෙරාතුවය.

නගර රැසක දී ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙවර විරෝධතාවේ නිරත වූයේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ ද සහාය ඇතිව ය.

ගෙවුණු දෙසතිය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ගණන 10,000ක් පමණ බව විදෙස් මාධ්‍යවල සඳහන්ය.

රටපුරා නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඊයේ පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව රටපුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවීමටත් අන්තර්ජාල සබඳතා අවලංගු කිරීමටත් රජය පියවර ගත්තේය.

ඇඳිරිනීතිය මැද ශිෂ්‍ය ක්‍රියාකාරීන් රජයට එරෙහිව අදත් දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වූයේ "මාර්ච් ටු ඩකා" නමිනි.

එය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළත් අතිශය ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් පාලනයට ආරක්ෂක අංශ සමත් වුණේ නැත.

පසුව විරෝධතාකරුවන් ඩකා අගනුවර අගමැති නිල නිවසට කඩා වැදුණි.

ඔවුන් එහි කඩා වදින විටත් අගමැතිනිය ආරක්ෂිත ස්ථානයක් වෙත ගිය නික්ම ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගමැති නිල නිවස පරිශ්‍රයේ පිහිටා ඇති ශෙයික් මුජිබර් රහුමාන් පිළිරුව විරෝධතාකරුවන් විසින් බිඳ දැමුවේය.

මුජිබර් රහුමාන් යනු බංග්ලාදේශයේ නිදහසේ පුරෝගාමියා සහ නිදහස් බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා වන අතර ඔහු වත්මන් අගමැතිනි ෂෙයික් හසීනාගේ පියාය.

අගමැති නිල නිවසට කඩාවැදුණු විරෝධතාකරුවන් එහි දේපොළවලට හානි කරමින් හැසිරුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇතැමුන් එහි භාණ්ඩ සොරකම් කළ බවත් විදෙස් මාධ්‍යවල සඳහන් වුණි.

විරෝධතාකරුවන් ඩකා අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද කඩාවැදී තිබුණි.

මෙම වාතාවරණය හමුවේ සිය ධුරයෙන්  ඉල්ලා අස් වීමට අගමැතිනිය පියවර ගත් අතර, ආරක්ෂිත ස්ථානයක සිටි ඇය පසුව ඉන්දියාවට පළාගිය  බව වාර්තා විය.

ෂෙයික් හසීනා බංග්ලාදේශ අගමැති ධුරයට පත්වුණේ 2009 වසරේදීය.

ඇයගේ වසර 15ක පාලනය තුළ එරට ආර්ථිකය වේගවත්ව වර්ධනය වූ බව වාර්තාවලින් පෙනී යයි.

15 වසරක පාලන කාලය තුළ ඇය මුහුණදුන් මෙම දැවැන්තම විරෝධතාව නිර්මාණය වන්නේ එවැනි තත්ත්වයක් මතය.

විරෝධතා මැද අගමැතිනිය පළායද්දී හසීනා රජයේ ඉහළ නිලධාරීන් රැසක් ද ඊයේ රටින් පිටවගොස් තිබුණි.

පසුව බංග්ලාදේශයේ පාලනය භාරගත් එරට හමුදා නායකයා ජාතිය අමතමින් කියාසිටියේ කඩිනමින් අන්තර්වාර පාලනයක් පිහිටුවන බවය.

මේ අතර ෂෙයික් හසීනාගේ අනාගත සැලසුම් ගැන අදහස් දක්වමින් ඇයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ, සිය මව නැවත වරක් දේශපාලනය නොකිරීමට ඉඩඇති බවය.


සම්බන්ධිත පුවත් | Related News

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
බංග්ලාදේශයේ චිතගෝන් කඳුකරයේ බෞද්ධයන්ගේ නිවාස බංග්ලාදේශ රජයේ හමුදාව මගින් පරීක්ෂාවට ලක්කරන බවත්, එම බෞද්ධයන්ගේ භූමියට වැඩි වැඩියෙන් හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.