බංග්ලාදේශයේ යළි ගිනි ඇවිලේ... ඇඳිරි නීතියත් දමයි... 76ක් මරුට
බංග්ලාදේශය තුළ යළි මතු වී ඇති විරෝධතා අතරතුර පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම විරෝධතා පැවැත්වෙන්නේ එරට අගමැතිනි ෂෙයික් හසීනාට ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින්.
බංග්ලාදේශයේ ඩකා අගනුවරට රැස්වූ දහස් ගණනක් විරෝධතාකරුවන් එරට අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් විරෝධතා පාගමනේ නිරත වුණා.
විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසන්නේ රැකියා කෝටාවට එරෙහිව වීථි බැස විරෝධතාවය පළකර 200කට වැඩි පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට එරෙහිව දඬුවම් පැමිණවිය යුතු බවයි.
මේ අතර පාලක අවාමි ලීගයේ ක්‍රියාකාරීන් මෙම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වනවා.
විරෝධතාකරුවන් ඩකා හි ෂාබාග් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලක් වන බංගබන්ධු ෂෙයික් මුජිබ් වෛද්‍ය විශ්ව විද්‍යාලයට ප්‍රහාර එල්ල කළ අතර වාහන කිහිපයකට ගිනි තබා තිබෙනවා.
ඩකා හි ප්‍රධාන මාර්ගයක් අවහිර කළ විරෝධතාකරුවන් සිය ගණනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.
විරෝධතාකරුවන් නිවාසවලට ප්‍රහාර එල්ල කරමින් ගොඩනැගිලි රැසකට ගිනි තබා ඇති බව ද වාර්තා වනවා.
ඊයේ පස්වරු 6 සිට නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇඳිරි නීතිය පනවා තිබෙන අතර සියලුම සමාජ ජාලා වෙත පිවිසීම සහ ජංගම දුරකථන අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් එරට රජය තීරණය කර තිබෙනවා.
අගමැති හසීනාගේ පරිපාලනය චෝදනා කරන්නේ බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ තහනමට ලක්ව ඇති දක්ෂිණාංශික ජමාත්-ඊ-ඉස්ලාම් පක්ෂය විසින් සිසුන් නැවත ප්‍රචණ්ඩ වන ආකාරයේ උසිගැන්වීම් සිදුකරන බවටයි.
බංග්ලාදේශ අගමැතිනිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට එකඟත්වය පළ කළ ද ඇය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශිෂ්‍ය ක්‍රියාකාරීන් පවසනවා.
වසර 15කට අධික කාලයක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනාට මෙම විරෝධතා රැල්ල දැඩි පීඩනයක් වනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්