
රනිල්ට අවශ්‍ය කුමක්ද?
හැමෝම වගේ හිතන්නේ, රනිල් කාලයක් තිස්සේ දේශපාලන කරලියේ ඔට්ටුවෙලා ලබාගත්ත ජනාධිපතිකම කොහොමහරි තව කාලයක් රැකගන්න තමයි මේ වෙලාවේ එක එක උප්පරවැට්ටි දාලා බලන්නෙ කියලා. හැබැයි ඔහු මේ කරන්ඩ යන්නෙ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්ඩ නම් රනිල් කියන්නේ කවුද කියලා හරියටම කියවා ගත යුතුමයි.
2009-2010 කාලයේ Wikileaks හරහා අනාවරණය වූ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‍ය වාර්තාවලට අනූව ශ්‍රීලංකාව තුල ඇමරිකානු උපායමාර්ගික අවශ්‍යතාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන දිගුකාලීනම ඒජන්තයා තමයි රනිල් වික්‍රමසිංහ.
ඒ නිසා රනිල්ව කියවා ගත යුත්තේ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක හුදකලා දේශපාලන චරිතයක් ලෙස නොව ඇමරිකාව ප්‍රමුඛ භූදේශපාලන බලවේගයන්ගේ කෲර අරමුණු වෙනුවෙන් මෙහෙයවෙන ප්‍රධානතම දේශපාලන තැරුව්කරුවා ලෙසයි. 2001 අගමැති ධූරය දැරූ සමයේ Regaining Sri Lanka වැඩපිළිවෙළ හරහා ක්‍රියාත්මක කරවීමට උත්සහ දැරුවේත් එම විජාතික බලවේගවල උපායමාර්ගික අවශ්‍යතාවන්ය. පසුගිය ඊනියා යහපාලන ආණ්ඩු සමයේ ජාතික භෞතික සැලැස්ම (National Physical Plan) නමින් ජනතාව මුලා කරවමින් ගැසට් කරන ලද ඇමරිකානු MCC වැඩසටහන, පසුගිය වසරේ නැවතත් යාවත්කාලීන ලදුව මේ මොහොත වන විටත්, ඒ වෙනුවෙන් අප රටේ භූමිය, වරාය හා සම්පත් අත්පත් කරගැනීම සඳහා කටයුතු, රනිල්-පොහොට්ටු රෙජිමය මඟින් සුදානම් කරවමින් පවතිනවා. ඉන් ඔබ්බට, එම ජාතික භෞතික සැලැස්ම සිතියම යථාවත් කරගැනීමට යාමේදී ප්‍රබල ජන විරෝධතා එල්ල විය හැකි බැවින්, එය ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන රාමුවක් තුල යථාර්ථයක් කර ගැනීමට අපහසුය. ඒ වෙනුවෙන් හමුදාපාලනයක් වැනි ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී පාලනයකට ඊලඟට යෂ්ටිය භාරදීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවට දැනටමත් ඉඟි පලකර හමාරය.
ඒ සඳහා රට තුල ප්‍රබල ජන කැලඹීමක් ඇති කර ගැනීමට ජනාධිපතිවරණයක් නොපවත්වා ජන කැරැල්ලක් නිර්මාණය කරගැනීමට මෙන්ම පාස්කු ප්‍රහාරය වැනි යම් ආගම්වාදී ජාතිවාදී මහා ලේ වැඟිරීමක් සිදුකිරීමට සැරසෙන බව අප කලකට ඉහත සිටම පුරෝකථනය කර ඇත.
ඒ අනූව අප කල යුතුව ඇත්තේ, කිසිඳු තත්වයක් යටතේ ප්‍රචණ්ඩත්වයට කැරලිකාරී බවට පත් නොවී, ඉතා ඉවසීමෙන්, ප්‍රජාත්‍රන්ත්‍රවාදී නෛතික ක්‍රමවේදයන් ඔස්සේ පමණක් ඊලඟ මොහොතේ රට තුල ඇතිවිය හැකි ඕනෑම අර්බුදයකට පිලියම් සෙවීම විනා, අපගේ ප්‍රචණ්ඩත්වය හා කැරලි කාරීත්වය හරහා සිදුවන්නේ විජාතික බලවේගවල අනුග්‍රහය ලබන, ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී මිලිටරි පාලනයකට ඉඩ සැලසීමත්, ඒ හරහා හමුදා මැර බලය භාවිතා කරමින්, විජාතික බලවේගවලට රිසිසේ අපේ රට ඔවුන්ගේ මිලිටරි හා ආර්ථික කොලනියක් බවට පත් කරගැනීමට ඉඩ සැලසීමත්ය.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය අත්අඩංගුවට
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
