රනිල්ට අවශ්‍ය කුමක්ද?
හැමෝම වගේ හිතන්නේ, රනිල් කාලයක් තිස්සේ දේශපාලන කරලියේ ඔට්ටුවෙලා ලබාගත්ත ජනාධිපතිකම කොහොමහරි තව කාලයක් රැකගන්න තමයි මේ වෙලාවේ එක එක උප්පරවැට්ටි දාලා බලන්නෙ කියලා. හැබැයි ඔහු මේ කරන්ඩ යන්නෙ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්ඩ නම් රනිල් කියන්නේ කවුද කියලා හරියටම කියවා ගත යුතුමයි.
2009-2010 කාලයේ Wikileaks හරහා අනාවරණය වූ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‍ය වාර්තාවලට අනූව ශ්‍රීලංකාව තුල ඇමරිකානු උපායමාර්ගික අවශ්‍යතාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන දිගුකාලීනම ඒජන්තයා තමයි රනිල් වික්‍රමසිංහ.
ඒ නිසා රනිල්ව කියවා ගත යුත්තේ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක හුදකලා දේශපාලන චරිතයක් ලෙස නොව ඇමරිකාව ප්‍රමුඛ භූදේශපාලන බලවේගයන්ගේ කෲර අරමුණු වෙනුවෙන් මෙහෙයවෙන ප්‍රධානතම දේශපාලන තැරුව්කරුවා ලෙසයි. 2001 අගමැති ධූරය දැරූ සමයේ Regaining Sri Lanka වැඩපිළිවෙළ හරහා ක්‍රියාත්මක කරවීමට උත්සහ දැරුවේත් එම විජාතික බලවේගවල උපායමාර්ගික අවශ්‍යතාවන්ය. පසුගිය ඊනියා යහපාලන ආණ්ඩු සමයේ ජාතික භෞතික සැලැස්ම (National Physical Plan) නමින් ජනතාව මුලා කරවමින් ගැසට් කරන ලද ඇමරිකානු MCC වැඩසටහන, පසුගිය වසරේ නැවතත් යාවත්කාලීන ලදුව මේ මොහොත වන විටත්, ඒ වෙනුවෙන් අප රටේ භූමිය, වරාය හා සම්පත් අත්පත් කරගැනීම සඳහා කටයුතු, රනිල්-පොහොට්ටු රෙජිමය මඟින් සුදානම් කරවමින් පවතිනවා. ඉන් ඔබ්බට, එම ජාතික භෞතික සැලැස්ම සිතියම යථාවත් කරගැනීමට යාමේදී ප්‍රබල ජන විරෝධතා එල්ල විය හැකි බැවින්, එය ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන රාමුවක් තුල යථාර්ථයක් කර ගැනීමට අපහසුය. ඒ වෙනුවෙන් හමුදාපාලනයක් වැනි ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී පාලනයකට ඊලඟට යෂ්ටිය භාරදීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවට දැනටමත් ඉඟි පලකර හමාරය.
ඒ සඳහා රට තුල ප්‍රබල ජන කැලඹීමක් ඇති කර ගැනීමට ජනාධිපතිවරණයක් නොපවත්වා ජන කැරැල්ලක් නිර්මාණය කරගැනීමට මෙන්ම පාස්කු ප්‍රහාරය වැනි යම් ආගම්වාදී ජාතිවාදී මහා ලේ වැඟිරීමක් සිදුකිරීමට සැරසෙන බව අප කලකට ඉහත සිටම පුරෝකථනය කර ඇත.
ඒ අනූව අප කල යුතුව ඇත්තේ, කිසිඳු තත්වයක් යටතේ ප්‍රචණ්ඩත්වයට කැරලිකාරී බවට පත් නොවී, ඉතා ඉවසීමෙන්, ප්‍රජාත්‍රන්ත්‍රවාදී නෛතික ක්‍රමවේදයන් ඔස්සේ පමණක් ඊලඟ මොහොතේ රට තුල ඇතිවිය හැකි ඕනෑම අර්බුදයකට පිලියම් සෙවීම විනා, අපගේ ප්‍රචණ්ඩත්වය හා කැරලි කාරීත්වය හරහා සිදුවන්නේ විජාතික බලවේගවල අනුග්‍රහය ලබන, ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී මිලිටරි පාලනයකට ඉඩ සැලසීමත්, ඒ හරහා හමුදා මැර බලය භාවිතා කරමින්, විජාතික බලවේගවලට රිසිසේ අපේ රට ඔවුන්ගේ මිලිටරි හා ආර්ථික කොලනියක් බවට පත් කරගැනීමට ඉඩ සැලසීමත්ය.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..