News Category
From Date
To Date
Maximum Number of Result

නව ව්‍යවස්ථා කෙටුම්පත: මනෝහාර මැතිතුමාගේ ආරක්ෂාකාරී ප්‍රතිපාදන වලින් සැබෑ ආරක්ෂාව නොලැබෙන බව පෙන්වා දීම

Oct 25, 2023 at 06:03 AM
|

1987 සිට අද දක්වා මා විසින් 13 වැනි  සංශෝධනයට එරෙහිව  විවිධ සංවාද මතු වූ අවස්ථාවල පුවත්පත් සහ සඟරා වලට සපයා ලිපි ප්‍රමාණය 20කට අධික වන අතර සකස් කරන ලද අත් පත්‍රිකා ප්‍රමාණය 10 ඉක්මවා යයි. එහෙත් මා මෙම ලිපිය ලියන්නේ නොලියාම බැරි නිසාය. කමිටුවේ සාමාජික වූ මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා විසින් අදාල ප්‍රතිපාදන පිළිබඳව විරෝධය පළ කරන තත්ත්වයක් තුළ සහ ජනාධිපති නීතිඥ මාරපන මහතා විසින් තමා මෙම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රචලිත කිරීමට ඉදිරිපත් නොවන බව සඳහන් කරද්දී ජාතිකවාදී කඳවුරේ ගෞරවනීය චරිතයක් වන මනෝහාර මහතා නව කෙටුම්පතේ පළාත් සභා වලට අදාල ප්‍රතිපාදන වෙනුවෙන් 100% කොන්දේසි විරහිතව පෙනී සිටීම පුද්ගලිකව කණගාටුවට කරුණකි.

මනෝහාර මැතිතුමා සඳහන් කරන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් ආරක්ෂාව ලැබෙන්නේ බෙදුම්වාදයට අදාළව ආණ්ඩුවේ ප්‍රතිපත්ත සහ ඊට එරෙහිව පවතින මහජන මතය අනුව ය. නව කෙටුම්පත මගින් ආණ්ඩුකාරවරයාගේ බලය අහෝසි කිරීම මගින් දැන් තිබෙන ආරක්ෂාව පවා දුර්වල කෙරෙන තත්ත්වයක් තුළ ආණ්ඩුවට ප්‍රායෝගිකව බෙදුම්වාදීන්ගේ උත්සාහයනට ඉඩ සලසමින් කටයුතු කිරීමට වැඩි ඉඩක් ලැබේ. නීතීඥයෙක් ලෙස එතුමා වගන්තිවල අඩංගු ප්‍රතිපාදන තුළින් අවසන් ප්‍රතිඵලය විනිශ්චය කිරීම පිළිබඳව මාගේ විරෝධයක් නැත. එහෙත් මාගේ ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන විග්‍රහ කරගත යුත්තේ ඊට අදාළ දේශපාලන අරමුණු සහ ඒ කරා ළඟාවීම සඳහා යොදාගන්නා දේශපාලන උපාය මාර්ග වලට සහ මාර්ග සිතියමට සාපේක්ෂව ය.

1985 සිට තම්පු සාකච්ඡා මගින් මඟින් අපේක්ෂා කරනු ලැබුවේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමය. එහි අවසන් අරමුණ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමය. ඉන්දියාව ඊට මැදිහත් වන්නේ 1932 සර්ධාර් පනික්කාර් න්‍යාය අනුව ඊළාම් රාජ්‍යය ගිවිසුම් මගින් අර්ධ යටත් විජිතයක් ලෙස ඈඳා ගැනීම සඳහා බවට සාක්ෂි ඇත. ඉන්දු ලංකා ගිවිසුම තුළ 13 වැනි සංශෝධනයක් හෝ පළාත් සභා පිළිබඳව සඳහන් නොවුණද ඒකාබද්ධ උතුරු සහ නැගෙනහිර පළාත් වලට අසම්මිතික බලය බෙදීමක් පිළිබඳ සඳහන් වේ. ඒ අනුව ඉන්දියාව ප්‍රභාකරන්ට පොරොන්දු වන්නේ අනාගතයේ දී බෙදී වෙන්වී යාමට ඉඩ සලසන ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කරන බවටය. (විවිධ රටවල් බෙදා වෙන් කළ ආකාරය සහ ජාත්‍යන්තර අධිකරණ තීන්දු හුවාදක්වමින් මා විසින් සඳහන් කරන්නට යෙදුනේ එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අනාගත රාජ්‍යයේ දේශ සීමා සලකුනු කුල යුතු අතර පරමාධිපත්‍ය බලය බෙදී යන ආකාරයට ව්‍යවස්ථාව මගින් එම ජනතාවට යම් බලතල ප්‍රමාණයක් ලබාදීම එවැනි ක්‍රියාවලියක ප්‍රධාන අංග වන බවය) එහිදී අසම්මිතික බලය බෙදීම වෙනුවට රට පුරා පළාත් සභා පිහිටුවීමට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩු එකඟ වන්නේ මහජනයා ගොනාට ඇන්දවීම සඳහා බව ඉතා පැහැදිලිය.

කෙසේ වෙතත් තිම්පු සාකච්ඡා මගින් යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාවට යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් හෙවත් ආරක්ෂාකාරී වගන්ති කිහිපයක් ඇතුල් කිරීමට ඉන්දියාව එකඟ වන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ගේ බලපෑම නිසා බවට සාක්ෂි ඇත. එතුමා එදා 1987 පෙබරවාරි සහ නොවැම්බර් මාසවලදී පාර්ලිමේන්තුවට කරන ලද ප්‍රකාශ මගින් පූර්ණ ෆෙඩරල් පාලනයක් ලබා දුනහොත් රට බෙදීම වැළැක්විය නොහැකි බවට ඉතා පැහැදිලි ව සඳහන් කරනු ලැබීය. (මෑතකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ද අයිලන්ඩ් පුවත්පත මගින් ප්‍රකාශයට පත් කළ 13 බලාත්මක කිරීමේ අනතුර පිළිබඳව ලියන ලද ලිපි පෙළ මඟින් ඒ බව දීර්ඝලෙස අනාවරණය කරනු ලැබීය. මනෝහාර මැතිතුමා ඒවා ගැඹුරින් හදාරන්නට ඇතැයි කල්පනා කරමි.) ඉන්දියාවට වුවමනා ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකර ඊට ව්‍යස්ථාමය බාධක පැනවීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතාට අවකාශය ලැබෙන්නේ එදා පැවැති ප්‍රබල මහජන විරෝධය තුළ ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි වීම නිසාය. 

බහුතර සිංහල ජනතාවගේ අනුකම්පාව මත ඊළාම දිනාගැනීමට බෙදුම්වාදීන් සැලසුම් නොකරන බව ඉතා පැහැදිලිය. මනෝහාර මැතිතුමාලාට “ඔරුමිත්ත නාඩු’ මුල් කරගෙන පොත් ලිවීමට සිදුවන්නේ ජනමත විචාරණයකින් සිදු කළ යුතු සංශෝධන සිදුකිරීමට බෙදුම්වාදීන් ඉදිරිපත් නොවන බව වටහාගැනීමට නොහැකිවීම නිසාය. ව්‍යවස්තා ප්‍රතිපාදන ඊට අදාල දේශපාලන අරමුණ සහ ඒ කරා ළඟාවන උපායමාර්ගික මාර්ග සිතියම අනුව කියවා ගත යුතු බවට අවධාරණය කරනු ලබන්නේ බෙදුම්වාදීන් අප නොමග යැවීම සඳහා හෝ ගොනාට ඇන්දවීම සඳහා රඟපාන නාට්‍යවල සැබෑ පිටපත තේරුම් ගැනීම සඳහාය. 

කෙසේ වෙතත් 1987 ජූලි මාසයේදී ආයුධ බිම තැබීමට එකඟ වන ප්‍රභාකරන් නොවැම්බර් මාසයේදී 13 වැනි සංශෝධනය සම්මත කිරීමට පෙර නැවත ආයුධ අතට ගන්නේ බෙදුම්වාදයට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය නොවන නිසාය. ඒ අනුව අනාගත සංශෝධනයක් මගින් හෝ පරිපාලන වශයෙන් 13 බලාත්මක කිරීමට නම් කේවල් කිරීමේ බලය අවශ්‍ය වේ. ප්‍රභාකරන් දිගටම යුද්ධ කරන්නේ 13 බලාත්මක කරවා ගැනීමට බව ඉතා පැහැදිලිය. රෝ සංවිධානය විසින් පසුකාලීනව ප්‍රභාකරන් නොමැති ඊලමක් ප්‍රාර්ථනා කිරීම වෙනම කරුණකි. 

ඒ අනුව 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා පනවා ඇති ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා ප්‍රවේශයන් දෙකක් යොදා ගැනීමට හැකියාව ඇත. පළමුවැන්න ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බාධක ඉවත් කිරීමය. නමුත් රටේ පවතින විරෝධය නිසා ජනාධිපතිවරුන් 7 දෙනෙකුට ඒ සඳහා ධෛර්යයක් තිබුණේ නැත. දෙවන ක්‍රමවේදය පරිපාලන වශයෙන් එම බාධක අභිබවා යාම මගින් 13 බලාත්මක කිරීමය. වර්තමාන ජනාධිපතිවරයා එම දෙවන ක්‍රමය ඉතා ඉහළින් ම යොදා ගැනීමට අපේක්ෂා කරන බව පැහැදිලිව දැක ගත හැක. එහෙත් ක්‍රමවේද දෙකම දෙමුහුන් කිරීමේ උත්සාහයන් බැහැර කළ නොහැක. විශේෂයෙන්ම පවතින ආපදා තත්ත්වය යටතේ මහජනයා වික්ෂිප්තව සිටින තත්වයක් තුළ ඒ සඳහා යම් ඉඩක් ඇත.

මා විසින් නැවත නැවතත් අවධාරණය කරනු ලබන්නේ මෙම සමස්ත මහා පින්තූරය තේරුම් නොගෙන වගන්ති තුළින් පමණක් කියවා ගැනීම මගින් අනර්ථයක් සිදු වන බව ය. මාගේ ලිපියේ සඳහන් වූ බාධක 05 පිළිබඳව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව ප්‍රසිද්ධ රැස්වීම්වල පවා අදහස් දක්වා ඇත. ඔහුගේ මතය අනුව 13 යනු ශ්‍රී ලංකාවේ හිසට උඩින් එල්ලා ඇති කඩු තුඩකි. එය රඳවා ඇත්තේ ව්‍යවස්ථාමය බාධක නැමැති සිහින් රැහැන් පට 5ක් මගිනි. ඒ නිසා දිවි හිමියෙන් ඒවා කපා දැමීමට ඉඩ නොදිය යුතු බව ඔහුගේ මතය විය. එපමණක් නොව එම කඩුව සොලවා ගලවා දැමීමට උත්සාහ කළහොත් එය හිස මත මත කඩා වැටිය හැකි බවට ඔහු විසින් අනතුරු ඇඟවීය. එනම් දහතුන්වැනි සංශෝධනය පමණක් ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම මගින් දේශපාලන අර්බුද නිර්මාණය විය හැකි බවය. ඒ අනුව ඔහුගේ අදහස වූයේ රැහැන් පට කැපීමට ඉඩ නොදී ආරක්ෂා කරන අතර 13ක් නැති නව ව්‍යවස්ථාවක් සම්මත කළ යුතු බව සහ බෙදුම්වාදයට ගොදුරු නොවන ආකාරයට බලය විමධ්‍යගත කළ යුතු බවය. 

එහෙත් ඔහු විසින් බි්‍රතාන්‍ය ආදර්ශයක් ගෙන හැර දක්වමින් සඳහන් කළේ ප්‍රකාශන පනතක් මගින් මීට පෙර පාර්ලිමේන්තුව විසින් සිදු කළ වරදක් නිවැරදි කළ හැකි බවය. ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසුව පළාත් සභා පනත සම්මත කිරීම වෙනුවට ඒ දෙකම එකවර සංශෝධනය කිරීමේ පටිපාටිමය වරද එම ක්‍රියාවලියම අහෝසි කිරීමෙන් නිවැරදි කළ හැක. එවිට අවශ්‍ය නම් නිවැරදි ආකාරයට 13 නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක. නමුත් යුද ජග්‍රහණයෙන් පසුව පවා එවැන්නක් සඳහා දේශපාලන ධෛර්යයක් ඇති කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් විය. ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ ප්‍රබලයන් ද පිළිගන්නා ආකාරයට ඉන්දියාව අභියෝග නොකර හෝ ඉන්දියාව උදහසට ලක් නොකර අප රටේ ව්‍යවස්තා සංශෝධන සිදු කළ යුතු බවට මානසික බාධක පනවා ගැනීම ඊට හේතු වූවා විය හැක. 

ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයකින් නොවේ නම් 13 බලාත්මක කලහැකි දෙවන ක්‍රමය පරිපාලන තීන්දු මගින් බලාත්මක වීමට ඉඩ සැලසීමය. වර්තමාන ආණ්ඩුව වැනි බෙදුම්වාදීන් සතුටු කිරීමට සැදී පැහැදී සිටින ආණ්ඩුවකට එය සුළු දෙයකි. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා විසින් මහ ඇමතිට යටත්වන ආණ්ඩුකාරවරයෙකු පත් කළහොත් එම ආණ්ඩුකාරය ප්‍රඥප්ති සම්මත කිරීමේදී ඊට එරෙහිව පියවර ගැනීමෙන් වැළකී සිටිනු ඇත. එවිට අදාළ ප්‍රඥප්තියේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති අවස්ථාවද අහිමි වේ. 

ඊට අදාළ දෙවන ක්‍රමය පළාත් බලය දුර්වල කෙරෙන මධ්‍යම රජයේ පනත් සංශෝධනය කිරීම මගින් දුර්වල කිරීමය. උදාහරණ ලෙස මහවැලි අධිකාරිය පනත අහෝසි කිරීම සහ අදාළ ඉඩම් ප්‍රාදේශීය ලේකම් යටතට පත් කිරීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත, පුරාවිද්‍යා පනත, වනජීවී සහ වන සංරක්ෂණ පනත සංශෝධනය කිරීම ආදිය දැක්විය හැක. දැනටමත් එම ක්‍රියාවලිය ආරම්භ වී ඇති බව රහසක් නොවේ. එවැනි තත්ත්වයක් තුළ නව කෙටුම්පතක් තුළ දැනට පවතින බාධක දුර්වල කිරීම සාධාරණීකරණය කළ හැකිද? උදාහරණයක් ලෙස නව කෙටුම්පත මගින් ආණ්ඩුකාර බලතල ඉවත් කර ඇති බැවින් මීට පෙර සම්මත කිරීමට උත්සාහ කළ ඒත් නොහැකි වූ මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය වැනි භයානක ප්‍රඥප්ති ඉතා පහසුවෙන් සම්මත කර කර ගැනීමට ඉඩ ලැබේ. 

නව කෙටුම්පතට අනුව මගින් පළාත් සභාවකට විෂයන් 67කට අදාලව ඕනෑම ප්‍රඥප්තියක් සම්මත කර ගැසට් කළ හැක. ඊට එරෙහිව ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්විය හැක්කේ ප්‍රඥප්තිය සම්මත කිරීමෙන් පසු ව ය. එම අවස්ථාවද අධිකරණයේ අනුකම්පාවට යටත් කිරීම සාධාරණීකරණය කෙරෙන්නේ කෙසේද? සුමනිතිරන් මහතා විසින් සකස් කළ බවට පිළිගත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ 22ක ලෙස නම් කළ 21 වැනි සංශෝධනය මගින් ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කිරීම සඳහා වගන්ති දෙකක් ඇතුල් කර තිබුණි. ඒ අනුව නව කෙටුම්පත පිළිබඳව සුමන්දිරන් මහතා කෙතරම් සතුටු වනු ඇද්ද.

මනෝහරන් මහතා විසින් වගන්ති දක්වමින් පළාත් ප්‍රඥප්ති අභිබවා මධ්‍යම රජයට නීති සම්පාදනය සිදු කළ හැකි බව සඳහන් කළ ද එසේ සිදුවන්නේ ප්‍රායෝගිකව බෙදුම්වාදීන් සමග ආණ්ඩුව සිදුකරන ගනුදෙනු වලට සාපේක්ෂවය. 13වැනි සංශෝධනය තුළ අඩංගු වූ ප්‍රධාන බාධකයක් වූයේ ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම රජයට පමණක් ලබාදීමය. නව කෙටුම්පත මගින් එය තවදුරටත් විස්තීරණ ලෙස දක්වා ඇතත් පළාත් සැලසුම්කරණය නැමැති බලතල යටතේ යම් සැලසුමකට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත. සැලසුම්කරණ යනු හුදු භෞතික සැලසුම් සකස් කිරීම පමණක් නොවේ. සැළසුමක් පදනම්වන ප්‍රතිපත්තියද සැලුසුමේ කොටසක් බවට පත්වේ. 

කෘෂිකාර්මික බලතල ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සැලසුමක් සකස් කිරීමේදී කෙටි කාලීනව ආයෝජකයන්ට ඉඩ ලබාදීම පළාත් ප්‍රතිපත්තියක් බවට පත්වේ. එවිට ඉඩම් ප්‍රඥප්තියක් නොමැතිව වුවද ජනාධිපතිවරයා විසින් විසින් ඉඩම් ප්‍රමාණයක් බදු පදනමෙන් නිකුත් කිරීම සඳහා නිදහස් කරන්නේ නම් කෘෂිකර්ම ප්‍රඥප්තිය යටතේ එය සිදුකල හැක. ඊට අමතරව අමාත්‍යවරයාට යම් යෝජනා ඉදිරිපත් කිරීම සහ අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීම මගින් අදාල ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා නව කෙටුම්පත මගින් ප්‍රතිපාදන පනවා ඇත. එවැනි සැලසුම් මගින් මහජනයාට යහපතක් සිදුවී නම් ඊට එරෙහි වීමට මධ්‍යම රජයේ අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට පහසු වන්නේ නැත. විශේෂයෙන්ම පළාත්තුල ආයෝජන ප්‍රවර්ධනය සඳහා බලතල ලබා දී ඇති බැවින් රටට ආර්ථික ප්‍රතිලාභ ලබා දීමේ මුවාවෙන් ඩයස්පෝරාව ද මැදිහත්කර ගනිමින් එවැනි ප්‍රඥප්ති සාධාරණීකරණය කිරීමේ හැකියාව ලැබේ. ආයෝජන දිරිමත් කිරීම සහ වෙළඳාම දිරිමත් කිරීම සහ වානිජ ආයතන පිහිටුවීම සඳහා ලබා දී ඇති බලතල සීමා කිරීම සඳහා නව කෙටුම්පත තුළ වෙනත් විශේෂිත ප්‍රතිපාදන පනවා නැත. 

පළාත් සභා වලට වාණිජ බැංකු හැර වෙනත් ඕනෑම වාණිජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලය ලබා දී ඇති තත්ත්වයක් තුළ සහ ආයෝජන දිරිගැන්වීම සඳහා බලය ලබාදී ඇති තත්ත්වයක් තුළ මහා පරිමාණ ආරක්ෂක සමාගමක් පිහිටුවීම වැළැක්වීම සඳහා වෙනත් ව්‍යවස්ථාමය  ප්‍රතිපාදනයක් ඇතුළු කර නැත. එසේ ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පනත සංශෝධනය කරන තත්ත්වයක් තුළ රජයේ විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා පළාත්වලට බලය ලබාදී නැතත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වැළැක්වීම සඳහා ප්‍රතිපාදනයක් නොමැත. වානිජ ආයතන පිහිටුවීම සහ ආයෝජන දිරිගැන්වීම යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල පමණක් නොව ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල ශාඛා පිහිටුවීම හෝ පුද්ගලික පාසල් පිහිටුවීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් නැත. මනෝහාර මැතිතුමා වගන්ති ගැන කියමින් එම තත්ත්වයන් ප්‍රතික්ෂේප කළද ප්‍රායෝගිකව සිදුවන දේ තේරුම් ගැනීමට මහා දැනුමක් අවශ්‍ය නොවන බව මගේ අදහස වේ. 

නව කෙටුම්පතට අනුව ප්‍රඥප්තියක් සම්මත කිරීමට පෙර කිසිවක් කළ නොහැකි බැවින් ඊට පසුව ගනු ලබන තීරණ දේශීය අධිකරණය ඉදිරියේ පමණක් නොව ජාත්‍යන්තර අධිකරණය හමුවේ පවා අභියෝගයට ලක්විය හැක. නැගෙනහිර ටිමෝරයට අදාළ ජාත්‍යන්තර අධිකරණ නඩු තීන්දුව මෙන්ම කොසෝවෝ වලට අදාළව එම අධිකරණයෙන් ලබාගත් මත විමසුම් අනුව පරමාධිපත්‍ය බලය බෙදී යන ලෙස බලය බෙදා ඇති අවස්ථාවක එය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදේනම් එම ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ ඉඩක් විවර වේ. එවැන්නක් සිදුවීම සඳහා ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීමට අදාළව ගැටුමක් නිර්මාණය කරගත යුතුය. 13 යටතේ ප්‍රඥප්තියක් සම්මත කිරීමට පෙර පවතින බාධක නිසා එවැනි ගැටුමක් නිර්මාණය කිරීමේ අවස්ථාව සීමාසහිත වුවද නව කෙටුම්පත මගින් ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව නීත්‍යානුකූලව ගැටුමක් නිර්මාණය කර ගැනීමේ ඉඩකඩ වැඩිවේ.

එම ගැටුම මේ වන විට මධ්‍යම රජයේ නීතියක් හෝ ප්‍රතිපත්තියක් සම්මත කර නොමැති කරුණකට අයත් ප්‍රඥප්තියකට  අදාලව ඇති කරගත් විට බෙදුම්වාදීන්ගේ මාර්ග සිතීම දිගහැරීම වඩා පහසු වේ. එම නිසා යම් වගන්ති වලට කළ හැකි දේ මාර්ග සිතියමේ කාල වකවානු අනුව වෙනස් වේ. 13 සම්මත කිරීමෙන් පසුව ඉඩම්, පොලිස්, මහ ඇමති අරමුදල් ආදී ප්‍රඥප්ති සකස් කළ ද ඒවා සම්මත කිරීමට බෙදුම්වාදීන් ධෛර්යමත් නොවන්නේ ජාත්‍යන්තර නීතියට අනුව පරමාධිපත්‍ය බලය බෙදීයාම නැමැති පූර්ව කොන්දේසිය වඩා හොඳින් සපුරා ගැනීම සඳහා 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කර ගැනීම අවශ්‍ය වන බැවිනි. බාධක ඉවත් කර ගැනීමට පෙර ගැටුම හදා ගැනීම ඔවුන්ට අවාසිදායක වේ. නමුත් නව කෙටුම්පත මගින් යම් බාධක ඉවත් කරන තත්ත්වයක් තුළ ගැටුම ඉක්මන් කිරීමේ හැකියාව ඇත. එවිට යම් පිරිස් විසින් ජේ.ආර්. ජයවර්ධනටත් වඩා මරාගෙන මැරෙන ස්වරයෙන් ආරක්ෂා කරන විධායක ජනාධිපතිට ජාත්‍යන්තර මැදිහත්වීම් හමුවේ නිවටයෙකු සේ බලා සිටීමට සිදුවනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට අදාලව ඉතා ප්‍රභල පූර්වාදර්ශයක් ලබාදී ඇත. 

තවද මනෝහාර මහතාගේ මතය අනුව පළාත්සභාවලට විෂයන් 67කට අදාලව බලතල ලබාදී ඇතත් ප්‍රායෝගික එම ලැයිස්තුව සමගාමී ලැයිස්තුවකි. ඊට හේතුව එමස ෑම විෂයකටම අදාලව පාර්ලිමේන්තුවට නිති පැනවිය හැකි වීමය. නමුත් 13 යටතේ පළාත් සභාවක් සමගාමී ලැයිස්ුවට අයත් විෂයකට අදාල ප්‍රප්‍රඥප්තියක් පැනවීමට පෙර පාර්ලිමේන්තුවේ එකඟතාවය ලබාගත යුතු බවට පූර්ව කොන්දේසියක් ව්‍යවස්ථාව මගින් පනවා ඇත. නමුත් මෙම ඊනියා සමගාමී ලැයිස්තුවේ විෂයන්ට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීමට පෙර කිසිදු පූර්වකොන්දේසියක් නව කෙටුම්පත මගින් පනවා නැත. 

මනෝහාර මැතිතුමා සඳහන් කරන ආකාරයට ප්‍රඥප්ති බලය ප්‍රඥප්ති සභාවක අතුරු නීතියකට සමාන වන්නේ නම් ව්‍යවස්ථාව මගින් බලතල ලබා නොදී නීතිය මගින් ලබාදීමේ බාධාවක් නැත. පරමාධිපත්‍යය බලය බෙදීයන බව තහවුරු කෙරෙන්නේ ව්‍යවස්ථාව මගින් පළාත් සභාවකට බලතල පැවරීම මගිනි. එසේම පළාත් පාලන ආයතන වලට මෙන් නීතිය මගින් අදාළ බලතල ලබාදීමට යෝජනා නොකර ව්‍යවස්ථාව මගින් බලතල ලබාදීම සාධාරණීකරණය කරන්නේ කෙසේද? නව ව්‍යවස්ථාවක 13ක් නැත. දේශපාලන හේතු මත කුමක් හෝ සංවර්ධනය නාමයෙන් කුමන හෝ පළාත් සභා ව්‍යුහයක් නිර්මාණය කිරීම අවශ්‍ය නම් බෙදුම්වාදීන්ට රට ගොදුරු නොවන ආකාරයට ඊනියා බලතල පළාත් සංවර්ධන සභා පනතක් මඟින් ලගින් ලබාදිය නොහැක්කේ කුමක් නිසාද? කාගේ බලපෑම මතද? කවුරුන් සතුටු කිරීම සඳහා ද?

- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 


සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.