
එක්සත් ජනපදයේ ජාතික ණය කන්ද ඩොලර් ට්‍රිලියන 35 පසුකරයි
එක්සත් ජනපදය එහි ජාතික ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 35 ඉක්මවීමත් සමඟ “තවත් සැක සහිත සන්ධිස්ථානයකට” ළඟා වී ඇති බව එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුව ඊයේ(29) නිවේදනය කළේය.
කමිටුවේ ප්‍රධානී, ජෝඩි අරිග්න්ටන් ජාතික ණය ප්‍රමානයේ මෙම සංවර්ධනය "භයානක සන්ධිස්ථානයක්" ලෙස නම් කර ඇති අතර, බැලුනයක් මෙන් පිම්බෙමින් තිබෙන ජාතික ණය වර්ධනය නිවැරදි කිරීම සඳහා වැඩි මූල්‍ය හා වියදම් වගකීමක් ඉල්ලා සිටියේය.
"ඉතිහාසයේ බලවත්ම සහ සමෘද්ධිමත් ජාතියේ මූල්‍ය පරිහානියේ තවත් සැක සහිත සන්ධිස්ථානයක් පසු කිරීම හේතුවෙන් අද අපි ශෝකයට පත්වෙනවා." යනුවෙන් ප්‍රකාශ කළ අරින්ග්ටන් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් රිපබ්ලිකන් පක්ෂයට කෙසේ හෝ තත්වය සමනය කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ජෝ බයිඩන්ගේ නායකත්වය යටතේ අමෙරිකා එක්සත් ජනපද ණය කන්ද අහස් උසට නැග තිබෙනු දක්නට ලැබේ. කෙසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ 2016 මැතිවරණ වේදිකාවේදී දිගින් දිගටම ප්‍රතිඥ දුන්නේ එක්සත් ජනපදයේ ජාතික ණය ප්‍රමානය අඩු කිරීමටය.
කෙසේ වුවද ට්‍රම්ප් ධූරයෙන් ඉවත් වන විට, එක්සත් ජනපද ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 8.4 කින් ඉහළ ගොස් ඩොලර් ට්‍රිලියන 27.7 දක්වා වර්ධනය වී තිබුණි. ඔහුගේ ණය ගැනීම් වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කෝවිඩ් ආශ්‍රිතව පැන නැගුණු අර්බූද විසඳීමේ ක්‍රියාමාර්ගවලට සම්බන්ධවූ ඒවා විය. බයිඩන්ගේ කාලයේදීද ජාතික ණය ප්‍රමානය ඉහළ යාම දිගටම පැවතුණු අතර වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය මේ වන විට එක්සත් ජනපද ණය කන්ද ඩොලර් ට්‍රිලියන 35 සීමාව පසුකිරීමට සමත්ව තිබේ. ට්‍රම්ප් යුගයට සාපේක්ෂව බයිඩන්ගේ පාලන සමයේ පළමු භාගය තුළ ණය ගැනීම් අනුපාතය තරමක් මන්දගාමී වූ අතර, එක්සත් ජනපදය මේ වසරේ පමණක් තවත් ඩොලර් ට්‍රිලියන 1 ක් ජාතික ණය ගොන්නට එකතු කිරීමත් සමඟ රාජ්‍ය ණය ගැනීමේ වේගය දැන් වේගවත් වී ඇත.
එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුවේ ගණනය කිරීම්වලට අනුව,එක්සත් ජනපද රාජ්‍ය ණය දැන් එක් අමෙරිකානු පුරවැසියෙකුට ඩොලර් 104,497 ක් බවට පත්ව තිබේ. එය එක් අමෙරිකානු කුටුම්භයකට ඩොලර් 266,275 ක අගයකට ළඟා වී තිබේ. දෙනෙතට කඳුලු උනන කාරණය නම් එක් ඇමරිකානු ළමයෙකුගේ රාජ්‍ය ණය බර ඩොලර් 483,889 ට සමාන වීමය. පසුගිය මාස 12 තුළ, අමෙරිකානු රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 2.35 කින් වැඩි වූ අතර, ණය වැඩිවීමේ අනුපාතය තත්පරයට නව ණය ඩොලර් 74,401 ට සමාන වේ.
එක්සත් ජනපද මූල්‍ය ප්‍රතිපත්තියේ නොනවතින “නොගැලපීම” පසුගිය මාසයේ අගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැඩි ලෙස විවේචනයට ලක් කරන ලද අතර, වොෂින්ටනයේ අයවැය හිඟය සහ ණය අනුපාත සමස්ත ගෝලීය ආර්ථික ශරීරය සඳහා “වර්ධනය වන අවදානමක්” ලෙස හැඳින්වීය.
“මෙවැනි ඉහළ හිඟයන් සහ ණය එක්සත් ජනපදයට සහ ගෝලීය ආර්ථිකයට වර්ධනය වන අවදානමක් ඇති කරයි, ඉහළ මූල්‍ය මූල්‍ය පිරිවැයට පෝෂණය විය හැකි අතර කල් පිරෙන වගකීම් සුමට ලෙස පෙරළීමේ අවදානම වැඩි කරයි” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "මෙම නිදන්ගත මූල්‍ය හිඟයන් කෙරෙහි වහා අවධානය යොමු කළ යුතු අතර සැලකිය යුතු නොනැසී පවතින ප්‍රතිපත්තිමය නොගැලපීම නියෝජනය කරයි." යනුවෙන් අවධාරණය කරමිනි.
US national debt tops $35 trillion
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
