ගාසා ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට 'පැහැදිලි' සැලැස්මක් නැතැයි එක්සත් ජනපදය කනස්සල්ලෙන් - නිව්යෝක් ටයිම්ස් පුවත් පත
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ගාසා තීරයට ගොඩබිම් හමුදා යැවීම සඳහා ඊශ්‍රායලයට ක්‍රියාකාරී සැලැස්මක් නොමැති බවට එක්සත් ජනපද නිලධාරීන් කනස්සල්ල පළ කර තිබේ.
එලෙසම නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව ඊශ්‍රායලය ආරක්ෂක හමුදා වලට හමාස් සටන්කාමී කණ්ඩායම සමූලඝාතනය කිරීමේ ඉලක්කය සපුරා ගත හැකිද යන්න සම්බන්ධයෙන් එක්සත් ජනපද නිලධාරින් ප්‍රශ්න කරති.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගේ ඊශ්‍රායල සහකරු Yoav Gallant සමඟ මෑතකාලීනව කළ සාකච්ඡා වලදී, ජනාකීර්ණ භූමි ප්‍රදේශයේ ආරක්ෂක මෙහෙයුම් දියත් කිරීමට පෙර “ප්‍රවේශමෙන් සලකා බැලීමේ” අවශ්‍යතාවය අවධාරණය කර ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත ඊයේ(24) වාර්තා කළේය.
“එක්සත් ජනපද පරිපාලනය,අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ "හමාස් සංවිධානය" මුලිනුපුටා දැමීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට තවමත් පැහැදිලි යුදමය මෙහෙයුම් මාවතක් නොමැති බව” නිව්යෝක් පුවත්පත පැවසුවේ, “හමාස් ප්‍රහාර එල්ල වූ ඔක්තෝබර් 7 වෙනිදා සිට ඊශ්‍රායල නිලධාරීන් සමඟ ඇමරිකානු නිලධාරීන් කළ සංවාදවලදී කියා සිටියේ තමන් තවමත් සාක්ෂාත් කරගත හැකි ක්‍රියාකාරී සැලැස්මක් දැක නැති බව" අවධාරණය කළ බවද පවසමිනි.
ඇමරිකානු නිලධාරීන් ඊශ්‍රායලය වෙනුවෙන් තීරණ නොගන්නා බව ධවල මන්දිරය ප්‍රකාශ කළද, පෙන්ටගනය නාගරික මෙහෙයුම් සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට (IDF) උපදෙස් දීමට තරු තුනේ මැරීන් ලුතිනන් ජෙනරාල් ජේම්ස් ග්ලින් යවා ඇති බව වාර්තා වේ. මෙම නිලධාරියා මීට පෙර ඉස්ලාමීය රාජ්‍යයට (IS, කලින් ISIS) එරෙහිව සටන් කිරීමේ වගකීම පැවරී ඇති එක්සත් ජනපද විශේෂ ක්‍රියාකරුවන්ට නායකත්වය දුන් අතර ඊට පෙර 2003 වර්ෂයේදී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණයෙන් පසුව සිදු වූ දරුණුතම ගෙයින් ගෙට ගොස් කරන සටන්වලදී ඉරාකයේ ෆලූජාහි සේවය කළේය.
නම් නොකළ එක්සත් ජනපද නිලධාරියෙකු උපුටා දක්වන ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්පතට අනුව, “නාගරික සටන්වලදී සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කරන්නේ කෙසේද” යන්න පිළිබඳව ග්ලින් ඊශ්‍රායල හමුදාවන්ට උපදෙස් දෙනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත්, ජාතික ආරක්ෂක කවුන්සිලයේ සම්බන්ධීකාරක ජෝන් කර්බි ඊයේ(24) වාර්තාකරුවන්ට පැවසුවේ ඇමරිකානු උපදේශකයින් සටන් භූමිකාවක් ඉටු නොකරන බවත්, හුදෙක් ඊශ්‍රායල අණ දෙන නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බවත්ය. තවත් නම් නොකළ නිලධාරියෙක් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, භූමි ආක්‍රමණයක් ආරම්භ වුවහොත් ග්ලින් ඊශ්‍රායල භූමියේ නොසිටින බවයි.
ඊයේ(24) Yoav Gallant සමඟ කරන ලද දුරකතන සාකච්ඡාවකදී, ආරක්ෂක ලේකම් ඔස්ටින් "සිවිල් ආරක්ෂාවේ වැදගත්කම" අවධාරණය කර ඇති අතර, "යුද නීතියට අනුකූලව ඔවුන්ගේ මෙහෙයුම් සිදු කිරීමට" ඊශ්‍රායල හමුදාවට "දිරිමත්" කළ බව වාර්තා විය.
ප්‍රාදේශීය නිලධාරීන්ට අනුව අවම වශයෙන් පලස්තීනුවන් 5,000ක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා ඇති ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ ගොඩනැගිලි වලට අවිචාරශීලී ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා දැනටමත් සමහර මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්ව ඇත. හමාස් සංවිධානය මෑත කාලීනව මේ දක්වා එල්ල කළ සතුරුකම් වටයේ විශාලතම ත්‍රස්තවාදී ප්‍රහාරය දියත් කළ ඔක්තෝබර් 7දා, සිට ඊශ්‍රායල වැසියන් 1,400ක් පමණ මිය ගොස් ඇත.
ගාසා තීරයේ ලක්ෂ සංඛ්‍යාත පදිංචිකරුවන් ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ අවතැන් වී තිබේ. බොහෝ දෙනෙකුට දැඩි ආධාර අවශ්‍යව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ අනෙකුත් සංවිධානවලින් මානුෂීය ව්‍යසනයක් පිළිබඳ අනතුරු ඇඟවීම් ද කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..