අධිකරණය කුඩු දමා කුඩ්ඩන් අල්ලන ට්‍රැෆික් පොලිස්කාරයෙක්ගෙ ගනයට හෙළන්න එපා!
අධිකරණයේ තීරණ වලට ව්‍යවස්ථාදායකයෙන් බලපෑම් නොකරමියි ශපථකලවුන්ට අද ඊට හාත්පසින් කටයුතු කිරීමට සිදුවෙලා. "කාලා ඉන්නම නොහැකි තීන්දු" දෙනවිට එසේ අධිකරණය සමග එකඟ නොවන අවස්ථා විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට ඇතිවිය හැකියි. මේ තත්ත්වය පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව දුන් තීන්දුව නොසළකා හැරීම පලමු අවස්ථාව නොවන අතර මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද හැම පනත් කෙටුම් පතක්ම වාගේ සම්මත කිරීමේදී මෙය දක්නට ලැබුණු ලක්ෂණයක්. මේ මෑතකදි සම්මත කරපු පණතක් එය අධිකරණයෙන් උපදෙස් දුන් ආකාරයට නොකරයි කියා නැවත අධිකරණයට ගියවිට අධිකරණයෙන් තීන්දු කරේ පාර්ලිමේන්තුවේ දැන් එය සම්මත කර ඇති බැවින් අධිකරණයට කිරීමට කිසිවක් නොවෙන බවයි. මේකෙන් පෙනෙන්නෙ අධිකරණයටත් යම් කිසි සීමා තිබෙන බවයි.
ඒ කෙසේඋවද මීට සමාන අධිකරණ තීන්දුවක් ප්‍රතික්ෂේප කිරීම සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දූර කාලයේ. එනම් සරත් එන් සිල්වා මහතා ප්‍රධාන විනිසුරු ලෙස සිටිය කාලයේදී ඉන්ධන මිළ පිළිබඳව දෙන ලද තීන්දුවක්. එහිදී රජය ප්‍රකාෂකර සිටියේ රාජ්‍යයේ පැවැත්ම සඳහා ඉන්ධන මිළ වැඩිකළ යුතු බවයි. ඒ අනුව අධිකරණයෙන් ඉන්ධන මිළ අඩුකිරීමට දෙනලද ස්ථිර තීන්දුව නොසළකා හරින ළදී. එසේනම්, පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව දෙන ලද මේ තාවකාලික තහනම ක්‍රියාත්මක නොකර සිටීමට ව්‍යවස්ථාදායකයට නොහැකි වේයැයි සිතිය නොහැකියි.
මෙහිදී සළකා බැලිය යුතු වෙනත් කාරණා හා අධිකරණ තීන්දු කිහිපයක් ඇතිමුත් ප්‍රධාන වශයෙන් සැළකිල්ල යොමු කිරීමට සුදුසු අධිකරණ තීන්දුවක් වන්නේ රාජපක්ෂවරුන් හා කබ්‍රාල් ආදීන්‍ට එරෙහිව රට බංකොලොත් කිරීම පිළිබඳව දෙනු ලැබූ තීන්දුව හා එය චූදිතයින් විසින් පිලිගන්නා ලද ආකාරයයි. මෙම නඩු තීන්දුව මා ඉහත සඳහන් කල ආකාරයේ "කාල ඉන්නම බැරි තීන්දු" ගනයට නොවැටෙන ඉන් පරිභාහිර වර්ගයේ නඩු තීන්දුවක්. මෙහි විරෝධාභාසය වන්නේ පවතින රජයේම ප්‍රධාන කොටස්කරුවන්ට එරෙහිව නඩු තීන්දුව ලැබුණත් ඔවුන් මීමින්නන්ටත් අන්ත අසරණ කොට්ඨාසයක් ලෙස තීන්දුව පිළිගැනීමයි. මෙහිදී විපක්ෂයේ අය ඇහැට ඇඟිල්ලෙන් අනින තෙක් බලාගෙන හිටිය ලෙස මෙයින් අවස්ථාව ගෙන රාජපක්ෂ කබ්‍රාල් ආදීන්ගේ හිස මතින් සියලු ආර්ථික දෝස දෙහි ගෙඩි තුනම කපාහරින්න නිර්ලජ්ජිත උත්සාහයක නිරත උනා.
නීතිඥයින්ගේ වෘතීය සමිතියත් පාර්ලිමේන්තු තීරණයෙන් ෆෝම් වෙලා ඉන්න බව පෙනෙනව. ඔවුන්ගෙත් ඉතිහාසය සුදු නැහැ. අරගල කාලයේදි අපි දුටුව ඔවුන් අනීතිය පැත්තෙ නිර්ලජ්ජිතව හිටගෙන ඉන්න ආකාරය. ඒ ගැන විශේෂ සඳහනක් අවශ්‍ය නෑ. හැමෝටම තාම අමතක නැතුව ඇති සුවිශේෂ කාරණා කිහිපයක්ම.
ඒ කෙස්වුවද අද වෙනවිට තහවුරුව තිබෙනව රාජපක්ෂ කබ්‍රාල් ආදීන්ව ආර්ථික ඝාතකයින් ලෙස තීන්දු කල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නොයෑම කෙතරම් අනුචිතද කියල. එසේනම් අධිකරණයේ එම තීන්දුවද ක්‍රියාත්මක කිරීමට පෙර ඔය කියන පාර්ලිමේන්තු කොමිටියකට යොමු කිරීමට ඉඩ නොතිබුනේද? බ්‍රිතාන්‍යයේ ආණ්ඩුක්‍රමය අනුව අධිකරණයට යෑමේදී "ඉක්විටි" යන්න මූලිකව සළකන බව ඉගැන්වෙනව. එහිදී බලන්නෙ "ක්ලීන් හෑන්ඩ්" වලින් යුක්තව අධිකරණයට පැමිණ තිබේද හා "වේල් එක යටින් ඇත්තේ කුමක්ද" යන්න පිළිබඳවයි. අපේ අධිකරණයේ ඒ උත්තම ගුණාංගය නැත්ද? රෝමානු ලන්දේසි නීතියේ ඒ උත්තම ගුණාංගය නැත්ද? අධිකරණයට ඉදිරිපත්වූ කරුණු ගැන පමණක් අවධානය යොමුකර තීන්දු දීම "ඉක්විටි" වලට වැඩිය ඉහල තත්ත්වයක්ද? පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් නොවන මේ ප්‍රශ්ණකිරීම ට්‍රැෆික් පොලිස් විසින් වාහනයට කුඩු දමා කුඩ්ඩන් ඇල්ලීමකට සමාන වෙයිද?
- වටගොඩ බලනගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..