News Category
From Date
To Date
Maximum Number of Result

‘ඉරානය පෘථිවියෙන් අතුගා දමනවා’ - ඊශ්‍රායල ආර්ථික අමාත්‍ය නිර් බර්කට්

Oct 23, 2023 at 11:38 AM
|

පලස්තීන සටන්කාමීන් යම් විදියකින් “උතුරු පෙරමුණක්” විවෘත කළහොත් ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා සංවිධානය “තුරන් කර” ඉරානය ඉලක්ක කර පහර දෙන බව ඊශ්‍රායල ආර්ථික අමාත්‍යය නිර් බර්කට් ඊයේ (15) ප්‍රකාශ කළේය.

“ඉරානයේ සැලසුම ඊශ්‍රායලයට සෑම පෙරමුණකින්ම පහර දීමයි. ඔවුන් ඊශ්‍රායලය ඉලක්ක කිරීමට අදහස් කරන බව අපට පෙනී ගියහොත්, අපි එම පෙරමුණුවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පමණක් නවතින්නේ නැහැ. ඒ අනුව අපි ඉරානය නම් සර්පයාගේ හිසටම පහර දෙනවා.” නිර් බර්කට් ඊයේ (22) 'ද මේල්' පුවත් පත වෙත පැවසීය. ඊශ්‍රායලයට එරෙහිව කටයුතු කළහොත් ඉරානයේ අයතුල්ලාවරුන්ට රාත්‍රියේ සුව නින්දක් නොලැබෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පුවත් පත වෙත අවධාරණය කළේය.

ලෙබනනයට සහ පලස්තීනයට ගැති සටන්කාමී කන්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයටද "හමාස් සංවිධානයට ගෙවීමට යන මිලට සමාන විශාල මිලක් ගෙවීමට ඊශ්‍රායල සූදානම්" බවට නිර් බර්කට් අනතුරු ඇඟවීය.

අවශ්‍ය නම් ඊශ්‍රායලය “ඉරානයේ ප්‍රධානීන් පසුපස” හඹා යන බවටද ඇමතිවරයා අනතුරු ඇඟවීය. “ ඊශ්‍රායලයේ සතුරන්ට අපි ඉතා පැහැදිලි පණිවිඩයක් දී  තිබෙනවා. අපි ඔවුන්ට කියනවා, බලන්න ගාසාවේ සිදුවන දේ - ඔබ අපට පහර දුන්නොත් ඔබටත් එම ඉරණමම අත්වෙනු ඇති.අපි ඔබව පෘථිවියෙන් අතුගා දමනවා. ”

ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය ඉතා ඉක්මනින් නරක අතට හැරිය හැකි බව ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් පසුගිය(9) වනදා ප්‍රකාශ කිරීමෙන් පසුව ඊශ්‍රායලය මෙම ප්‍රකාශය සිදු කරනු ලැබීය. "පලස්තීනුවන්ට එරෙහි යුද අපරාධ වහාම නතර නොකළහොත් වෙනත් බහු පෙරමුණු විවෘත වීම නොවැළැක්විය හැකියි." ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඔහුගේ තර්ජනාත්මක වදන් දෙගුණ තෙගුණ ලෙස තීව්ර කරමින් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය. " ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය පලස්තීනුවන්ට අයුතු ලෙස සැලකීම නතර නොකළහොත්, “ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකි අතර කළාපය පාලනයෙන් තොර වනු ඇත.” යනුවෙන් තර්ජනය කළ අමීර්-අබ්දුල්ලාහියන් පලස්තීනයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීම “දුරදිග යන ප්‍රතිවිපාක” ඇති කරන බවද අවධාරණය කළේය.

මෙම මස මුලදී ඊශ්‍රායල හමුදා සහ හමාස් සංවිධානය අතර සටන් ඇවිලුනු දා සිට ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ හිස්බුල්ලා සංවිධානය නැවත නැවතත් වෙඩි හුවමාරු කර ගෙන ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ(22) ප්‍රකාශ කළේ හිස්බුල්ලා සංවිධානය යුදෙව් රාජ්‍යයට එරෙහි යුද්ධයට නිල වශයෙන් සම්බන්ධ වුවහොත් “පෙර නොවූ විරූ විනාශයකට” ලක්වනු ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීම සඳහා විශාල පරිමාණයේ ආක්‍රමණ කිහිපයක් පසුගිය කාලයේ සිදු කළේය. ආසන්නතම ආක්‍රමණය 2006 දී සිදු විය.

ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ සහ මිත්‍ර පලස්තීන කණ්ඩායම් ඊශ්‍රායල ජනාවාස කිහිපයකට ප්‍රහාර එල්ල කරනු ලැබීය. එම ප්‍රහාර ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර ආරම්භ කිරීමට පොළඹවන ලදී. දෙපාර්ශවයේම නිලධාරීන්ට අනුව ඊශ්‍රායල ජාතිකයින් 1,400 කට වැඩි ප්‍රමාණයක් සහ පලස්තීනුවන් 4,300 කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත.

බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනින් ආධාර දුන්නා - හිටපු ඊශ්‍රායල් අගමැති එහුඩ් ඔල්මෙට්


සම්බන්ධිත පුවත් | Related News

ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි 'තම රට කිසිවිටෙකත් යටත් නොවන බව' පවසා තිබේ.
මේ වනවිටත් ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය අතරතුර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කර ඇත.
දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.
නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.