News Category
From Date
To Date
Maximum Number of Result

ආගමන විගමන කාර්‍යාල නිලයිනි! ගුවන් බලපතක් නිකුත් කිරීම යනු ඔබලාට අවශ්‍ය ඉන්ධන සහ බෙහෙත් ආදිය ගෙන්වීමට අවශ්‍ය විදේශ විණිමය ගෙන ඒමේ පළමු පියවරයි!

Jul 24, 2024 at 09:44 AM
|

පසුගිය 19 වෙනිදින සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් පාස්පෝර්ට් නිකුත් කිරීම "ඔන්ලයින්" ක්‍රමයට හරවා ඇති බැවින් පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින්  "සුහුරු" ක්‍රමයෙන් පාස්පෝර්ට් එකක් ගැනීමට "හදිසි සේවය" යටතේ අයදුම් කරා. ඇත්ත වශයෙන්ම අවශ්‍යව තිබුනේ "එක්දින සේවය" යටතේ පාස්පෝර්ට් එක ලබා ගැනීමටයි. නමුත් "ඔප්ෂන්" ලෙස තිබුනේ "සාමාන්‍ය සේවය"  සහ "හදිසි සේවය" යන ක්‍රම දෙක පමණි. ක්‍රමයේ අසාර්ථක භාවයේ පළමු ප්‍රදර්ශණය වූවේ රුපියල් 15 දහස් ගනනක් ගෙවීමෙන් පසුව "ඇඟිලි සළකුණු" ගැනීම සඳහා සති තුනකට පසු දිනයක් ලැබීමයි. "සුහුරු" ක්‍රමයේ ඇති "වෙනස්කිරීම්" සඳහා දිගුවෙන් වෙනත් දිනයක් ලබාගැනීමට හැකිද කියා සුහුරුවේ ඉහල පහල ගොස් බැලුවද වෙනස්කිරීමට හැකියාව ලබාදී ඇත්තේ සේවය ලබන්නාවූ ස්ථානය පමණයි. දිනය වෙනස්කර ගැනීම සඳහා අවස්ථාවක් නොමැත. එබැවින් ලබාදී ඇති "හොට් ලයින්" එකට කතාකිරීමට උත්සාහ කරත් "හොට් ලයිනය" දිගටම ගොළුයි. "සුහුරුව" තවම ප්‍රසූත අවස්ථාවේ පසුවීම මීට හේතු විය හැකි යැයි සිතා ඊළඟ පියවර ගැනීමට යොමුවුනි.

එබැවින් ඉක්බිතිව කළයුත්තේ කුමක්දැයි "සුහුරුවේ" සඳහන් නොවුනිද, සහජ ඉවෙන් කටයුතු කරමින්, තවත් දන්න කිහිප දෙනෙකුට කතාකිරීමෙන්ද අනතුරුව, බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන කාර්‍යාලයට සපැමිණියෙමි. හිතේ දෙගිඩියාවෙන් යුක්තව පැමිණියමුත් ඉදිරි ආරක්ෂක වලල්ලේ නොව ඉදිරි දොරටුවේ සේවයේ නියුතු නිලධාරී මහත්වරුන්ගේ කාරුණික මගපෙන්වීම යටතේ පහල තට්ටුවේ "විමසීම්" අංශය වෙත පැමිණීමට හැකිවිය. එහි මහත්මියගේ කාරුණික මගපෙන්වීම මත පලවන මහලේ 15 වන කාමරය වෙත අප සපැමුනෙමු. 

15 වෙනි කාමරයේ කිහිප දෙනෙක් රැඳී සිටි බැවින් හා කවුළු කිහිපයක් තිබුනිද කවුළු දෙකකින් පමණක් සර්විස් එක දෙන බැවින් ඔවුන්ට කතාකිරීම සදාචාර නොවුන බැවින් කාමර 15 හා 14 අතර හිටිය "ආරක්ෂක" මහතෙකුට අවශ්‍යතාවය පවසන ලදී. එතුමා පවසා සිටියේ "ඇඟිලි සළකුණු" ගැනීම සඳහා 14 වන කවුලුවට එන ලෙසයි. මෙහිදී පසක් උන ප්‍රථම කාරණය වූයේ "විමසීම්" අංශයේ නිලධාරිනිය හට නිසි දැනුම නොමැති බවයි. ඉන් පසුව 14 වන කව්ළුව වෙත පිවිසුනෙමු. පැය භාගයක පමණ කාලයකට පසුව කව්ලුවේ නිලධාරිනිය වෙත ළඟාවීමට හැකිවිය. එහිදී ලැබුන පිළිතුර වූයේ "ඔන්ලයින් ක්‍රමයෙන්" ඇඟිලි සලකුණු ලබා ගැනීමට දිනයක් දී ඇති නිසා ඇඟිලි සලකුණු දැන් ලබාගත නොහැකි බවත් දෙවන මහලේ 1 වන කාමරයට ගොස් "වෙනස්කිරීමක්" ලබාගන්නා ලෙසත් උපදෙස් ලැබුණි. එසේම "අමතර තොරතුරක්" ලෙස පවසා හිටියේ සියල්ල "සුහුරු" කර ඇති බැවින් අද දින (එනම් 24/07/23 දින) සිට එසේ "වෙනස් කිරීම්" සිදුනොකිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේවුවද උත්සාහය අතනොහරිමි, පාරේ අලියෙක් ගියත් ඉල්ලිය යුතුයි යන්න කුඩාකල සිට ප්‍රගුණ කල ඇති බැවින් හා "පාස්පෝටය" "කඩිනම් සේවය" යටතේ ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇති බැවින්, ඉෂ්ඨදේවතාවුන් සිහිකර, දෙවන මහලේ 1 මු කාමරය වෙත පිවිසුනෙමු. එහි 20-30 ක පමණ පිරිසක් හිටිය බැවින් අපිදු පෝලිමේ අගට එකතු උනෙමු. පෝලිම ඉදිරියන් කෙටි නොවන බැවින් හා පිටුපසින් පමණක් දිගුවෙන බැවින් හේතුව සොයා බැලීමට පෝලිමේ ඉදිරියට ගොස් කාර්යාලය වෙත හිස යොමුකලෙමි. එහිදී දකින්නට ලැබුනේ ඉතා ගාම්භීර "කිං සයිස්" කාර්‍යාලයකි. මේසයක් සුවපහසු ආසනයක්, අවශේෂ ආසන කිහිපයක් සහ අනෙකුත් කබඩ් ආදී ලෙයිය පෙයිය තිබුනිද "පාලක" මහතා ආසනයේ නොමැති බවයි. එතුමා කුමණ අවස්ථාවක හෝ ප්‍රාදූර්භූත විය හැකිය යන විශ්වාසයෙන් යුක්තව "දිනය වෙනස්කර ගත හැකිවේදෝ නොවේදෝයි" දෙගිඩියාවෙන් යුක්තව තවත් හෝරා භාගයක් පමණ ගෙවුණි.

විවිධ පුද්ගලයින් එමින් යමින් "පෝලිම" ද දිග්ගැසෙමින් පවතින අතරේ "පාලකතුමාගේ" කාර්‍යාලයට අනුබද්ධව ඊට පෙරමුණේ ඇති කාර්‍යාලයේ නිලධාරිනියක් පැමිණ "පෝලිමුන්ගෙන්" මෙසේ පෝලිම් ගැසීමට හේතු හා කරුණු මොනවාදැයි විමසන්නට යෙදුනි. ඇය පෝලිමේ ඉදිරියේ හිටි කිහිප දෙනෙක්ගෙන් පෝලිමේ පසුපසින් හිටි අපටද ඇසෙන ලෙස ප්‍රශ්ණ කල නමුදු පිලිතුරුදුන් කිසිවෙකුගේ කෙඳිරිලි හඬක්වත් නොඇසුන බැවින් අපේ වේලාව එන තෙක් රැඳෙමියි සිතා අප තවදුරටත් පෝලිමේ එකත්පස්ව පසු උනෙමු. එහිදී "නිලධාරිණියගේ" ස්ථිරසාරවූ ගාම්බීරවූ කටහඬ නැවත පිළිරැව් දුනි. එවිට ඇය ප්‍රශ්ණකර හිටියේ "තව කීදෙනෙක් ඇඟිලි සලකුණු දිනය වෙනස්කර ගැනීම සඳහා පැමිණ ඇතිද" යන්නයි. එම පැනයෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය අප පෝලිමේ සිටම අත් ඔසොවා නිලධාරියට පෙන්වන්නට යෙදුණි. ඇයගේ කාරුණික ඉල්ලීම අනුව අප ඇය වෙත පෝලිමෙන් බැහැරව අවතීර්ණ උනෙමු.

එහිදී ඇය පවසා හිටියේ "ඔප්ෂන්" දෙකක් පවතින බවයි. පලමු "ඔප්ෂන්" එක වූයේ දැනට "සුහුරුවෙන්" දමා ඇති "ඇප්ලිකේෂන්" එක "කැන්සල්" කර පහතමාලයට ගොස් නැවත ඉල්ලුම් කලයුතු බවත් එහිදී පෙර ගෙවා ඇති රුපියල් 15 දාස් ගනන නැවත නොගෙවන බවත් එය රාජසන්තක වන බවත් වේ. මේ "එක්දින සේවය" ලබා ගැනීම සඳහා පවතින්නාවූ ක්‍රමයයි.  අඳෝමැයි, මෙවන් ක්‍රමයක් පවතින බව "සුහුරුවේ" සඳහන්ව නැත. එහි ඇත්තේ "සාමාන්‍ය" සේවය හා "හදිසි" සේවය යනුවෙන් සේවා දෙකක් පමණි. "එක්දින සේවය සඳහා කාර්‍යාලයට පැමිනෙන්න" යැයි සටහනක් "සුහුරුවේ" තිබුනේනම් අප "සුහුරුවෙන්" අයදුම් කරන්නේ නැත. ප්‍රසූතය පහව ගොස් උඩබැල්ලෙන් ඉන්නාවූ කාලය ගෙවන "සුහුරට" මෙම වචන කිහිපයද එකතු කිරීමට තවමත් අවස්ථාව ඇත. 

කෙසේ වුවද දැන් අප ප්‍රමාද වැඩිය. පාලොස්දාහස් ගනනක් රජයට දන් දීමට තරම් පිං සිතක් පහල නොවුනි. එහෙත් ඊට ගෙවීමටවන වන්දිය පිළිබඳව අදහසක් තිබුනි නම් මා පලමු "ඔප්ෂන්" එකට එකඟවන්නට ඉඩ තිබුනි. අඳෝමැයි අප දෙවන "ඔප්ෂන්" එක ලබාගතිමි. එනම් "තෙදිනක් ඇතුලත පාස්පෝර්ට් එක ලබාගත හැකි" "ඔප්ෂන්" එකයි. ඒ සඳහා "අභියාචනා ලිපියක්" පාලකගේ අභිප්‍රේරිත කාර්‍යාලයට ලබාදිය යුතුයි. එවිට පාලකගේ අභිප්‍රේරිත කාර්‍යාලයෙන් පලමු මහලේ 14 වන කාමරයට ඇඟිලි සලකුණු ගැනීම සඳහා අවශ්‍ය අවසරය ලබා දෙයි. අපට කරගත යුත්තේ එය බැවින් පස්වනක් ප්‍රීතියෙන් යුක්තව එම "ඔප්ෂන්" එක ලබා ගැනීම පිළිබඳව මා පසුවිය. මේ වනතෙක් ඉදිරියේ මුහුණ දෙන්නට සිදුවන මහා තරඟය පිළිබඳව, එනම් මේ "ඔප්ෂනයේ" ඇති අවසාන පියවර පිළිබඳව මාගේ දියණිය විසින් මා දැනුවත් නොකරන ලදී.

ඉක්බිතිව පලමු මහලේ 14 වන කාමරයට ගොස් නැවත අප එහි පෝලිමට එක්උනි. එහිදී එක් තැනැත්තියක් පෝලිමේ නොසිට හදිසියේම පැමින සේවය ලබාගත් නමුදු දෙවනමහලයේ පලමු කාමරය අසලදී සිදුවුන ආතතියේ "ක්වොන්ටම් ලීපය" මාගේ දුවණියගේ අප්‍රසාදයට පත් උන බැවින් එම පෝලිම් පැනීමේ ක්‍රියාව ඉවසා වදාරන්නට විය. පසුකල්පනාවේදී එය "එක්දින සේවයට" අදාලව ක්‍රියාවක් වන්නට ඇති බවට හිතන්නට පෙළඹුණි.

තවත් පැයක පමණ කාලයකට පසුව14 කාමරයෙන් ඇඟිලි සලකුණු ලබා ගැනීම සහ පිංතූරය ලබා ගැනීම අවසන් විය. මේ වනවිට වේලාව දහවල් 1.30 ද පසුව තිබුණි. අප පැමිණියේ උදේ 9ටයි.

හොඳම කොටස එන්නේ දැන්. දෙවන මහලේ පාලකගේ කාර්‍යාලයෙන් පාස්පෝටය ලබාගත හැකි දිනය දින දෙකකට පසුව එළඹෙන දින ලෙස දියණියට දන්වා තිබුනි. එනම් එය ඇයගේ ගණනය අනුව එළඹෙන සිකුරාදා දිනයයි. (මටනම් ෂුවර් නෑ. එය ඊළඟ සඳුදා දිනය විය හැකියි). එය කෙසේ වුවද පාලකගේ අන්තේවාසික කාර්‍යාලයේ නිලධාරිනිය පවසා ඇත්තේ "දිනකට නිකුත්කරනු ලබන්නේ පාස්පොර්ට් 50 ක් පමණ" බවත් එසේ නිකුත් කරනු ලබන පාස්පෝට් ලබා දෙන්නේ පෝලිමේ ඉන්න පලමු පනස්දෙනාට බවත් පෝලිමට උදේ හතර වෙන විටවත් පැමිණිය යුතු බවයි.

අඳෝමැයි, සුහුරුව සහ පෙරක්‍රමය "හයිබ්‍රිඩ්" කර සුහුරුවේ හදිසි සේවය පජාත කර ඇත. මා දැන් පසුවන්නේ දින කීයක් මා හට පලමු පනහට ඉඳීමේ තරඟයට සහභාගී වන්නට සිදුවේද? කියන උභතෝකෝටිකයට මුහුණ දීලාය.

කටුනායක ගුවන්තොටුපලේ වීඑෆ්එස් සේවය ඉන්දියාවට ටෙන්ඩර් කිරීමකින් තොරවම දුන්නාසේ මේ ආගමන විගමන ඔෆිස් එකත් ඉන්දියාවේ කොම්පැණියකට දෙන්නවෙන තවත් වැල්පාලමක යවන්නේද යන සැකයක් මතුඋනි.

ආගමන විගමනයේ සේවක මහතුනි මැතිණියනි! අවදියෙන් ඉන්න. ඔබගෙන් අප සේවය ලබාගන්න එන්නේ නොමිලේ නොවෙයි. ඔබලාගේ අනුකම්පාවක් අපට අවශ්‍ය නැත. පාස්පෝර්ට් එකක් නිකුත් කිරීම යනු තවත් කෙනෙක් ඔබලාට අවශ්‍ය ඉන්ධන හා බෙහෙත් වර්ග ගෙන ඒම සඳහා අවශ්‍ය විදේශ විණිමය එවීමේ පළමු අදියරයි. ඒ සඳහා නිවැරදි හා පහසු ක්‍රම සැළසීම ඔබලාගේ වගකීම වේ.

දැනට, උදේ 4ට මා වෙනුවෙන් ආගමන විගමන කාර්‍යාලයේ පලමු මහලේ 15 වන කාමරයට යා හැකි අයගෙන් "එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ටරෙස්ට්" කැඳවනු ලැබේ. මිළගණන් සහ අවශ්‍ය කොන්දේසි සමග ලංසුව මා වෙත එවන්න. 

මීට,
ආගමන විගමන කාර්‍යාලයෙ සේවාලාභියෙක්
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.