අපි ජාතිවාදියෝ නෙවෙයි... අපිට ජාතිවාදයක් වත් වර්ගවාදයක්වත් නෑ... සිංහලකම කියන්නේ ජීවන ක්‍රමයක් - නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
ස්වෝත්මාදය යනු හිටලර්ගේ සංකල්පයක් බවත්, සිංහල හා බෞද්ධකම ගැන කතාකරන පුද්ගලයන් ජාතිවාදියෝ නොවන බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ඒ මහතා සටහනක් තබමින් පවසන්නේ සිංහල කම යනු ක්‍රමයක් පමණක් බවත්ය.
අදාළ සටහන පහළින්...
සමහරු අපෙන් අහනවා ඇයි අපි ජාතිවාදි කියලා. අපිට ජාතිවාදයක් වත් වර්ගවාදයක්වත් නෑ. ස්වෝත්මාදය හිටලර්ගේ සංකල්පයක්. ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය අපි කියන්න අමාරුවක් සිංහලයට නෑ. අපේ රටට මුල් බැහැගත්ත මේ පොලවට ඔරොත්තු දෙන ශිෂ්ඨාචාරය සිංහල බෞද්ධකම.
සිංහල බෞද්ධකම ජානවලින් එන දෙයක් නෙමේ. සිංහල කම කියන්නේ ක්‍රමයක්. ඉස්සර තිබුනා ලංකාවට එන විදේශිකයෙක් මේ සමාජයට අනුගත කරන ක්‍රමයක් හූලියන් බද්ද කියලා. ආගන්තුකයා සිංහල ක්‍රමයට ගොවිතැන් කිරිම පුරුදුවීම හූලියන් බද්දේ එක කොන්දේසියක්. ඇමරිකාවේ ස්වභාවිකරණය (Naturalization)කියන්නේ, එංගලන්තයේ කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ අන්තර්ග්‍රහණය (intergration) කියලා කරන්නේ හුලියන් බද්දෙන් කරන දේම තමා. ඒ රටවල පුරවැසිබව ගන්න කොට ඒ සමාජයේ පදනම වෙන ක්‍රිස්තියානි සභ්‍යත්වය, ලිබරල් දේශපාලනය වගේ මුල් බැසගත් සමාජ අගයන් පිළිගන්න ඕනේ. නැත්නම් යන්න ඕනේ.
ඇයි එහෙනම් මේ සිංහල කමට මේ තරම් ගහන්නේ ඇයි. සිංහලකම කියන්නේ ජීව්න ක්‍රමයක්. සිංහල ගොවිතැන, සිංහල වෙදකම, සිංහල වාරි තාක්ෂණය සහ සිංහල විද්‍යාව එකේ අනු කොටස්. විශේෂත්වය තමයි සිංහල දැනුම මේ නිවර්තන කලාපීය රටක් හැටියට මේ පොලවත් එක්ක බද්ධ වෙලා පැවතීම. සිංහල ක්‍රමය මේ පොලවට ආගන්තුක නෑ. බරක් නෑ. පරිසරය එක්ක සහජීවනයෙන් පවතිනවා.
අද රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. සෞඛ්‍ය කේෂේත්‍රයට කොයි තරම් බරක් යෙදෙනවද? කොලොස්ට්‍රෝල්, දියවැඩියාව වගේ බෝනොවන රෝග සඳහා ආනයනික ඖෂධ සඳහා වැයවන මුදල කොපමණද? මේ රෝගවලට සිංහල බෙහෙත් අපමණ තියෙනවා. වෙද මහත්තයෙක් හදන්න medical student කෙනෙක් හදන්න යන වියදම යන්නේ නෑ. වෙද මහත්තයට තීරුබදු රහිත වාහන ඉල්ලන්නේ නෑ. ගොඩනැගිලි පරික්ෂණ යන්ත්‍ර රටින් ගෙන්වන්න ඕනේ නෑ. ඖෂධ හොයා ගන්නේ වට පිටාවෙන්. බුලත් කොලෙක ඔතලා දෙන පඬුරෙන් ජීවකවරු සතුටු වෙනවා. අඩුම ගානේ ඉන්දියාවේ චීනයේ වගේ බටහිර- සිංහල ඒකාබද්ධ ක්‍රමයකට ගිහින් ප්‍රාථමික ප්‍රතිකාර සහ ග්‍රාමීය ප්‍රදේශවල සිංහල වෙදකම ප්‍රතිස්ථාපනය කලොත් රජයේ මූල්‍යබර වගේම ඩොලර් ප්‍රශ්නය්ත් සැහැල්ලු වෙනවා.
ගොවිතැනත් එහෙමයි. ඇල්ෂේෂන් බල්ලන්ට බෙහෙත් ගහනවා වගේ ආනයනික හයිබ්‍රිඩි බිජ්වලට රසායනික පොහොර ඕනෙමයි. රසායනික පොහොර ගහන්න ගහන්න පස මැරෙනවා. එතකොට තව රසායනික පොහොර ඕන වෙනවා. අපේ ගොවියත් වකුගඩු රෝගයට ලක්වෙලා අඩු වයසින් පරලොව යනවා. පවුල් අනාතවෙනවා. රටේ ශ්‍රමබලකාය දුර්වල වෙනවා. සිංහල කර්ණ ක්‍රමයට දේශිය බීජ ව්‍යාප්ත වුනාම මේ ප්‍රශ්නය නෑ. දේශිය ආහාර රටාව නිර්මාණය උනේ බඩ පුරවන්න විතරක් නෙමේ. අපේ ආහාරය ශරිරියට ඖෂධයක්. මුළුතැන්ගේ , අපේ ගෙවත්ත වස විස නැති ඖෂධ ගබඩාවක්.
සිංහල වෙදකම, සිංහල ගොවිතැන, වාරි තාක්ෂණය පදනම් වෙලා තියෙන්නේ සිංහල දැනුම මත. සිංහල දැනුම මත සමාජය ගොඩනැගෙන කොට ඖෂධ මාෆියා කාරයන්ට, පොහොර සමාගම් වලට, බහුජාතික ආහාර සමාගම්වලට වෙළඳ පල අහිමි වෙනවා. ඒ නිසා බටහිර සහ අනෙකුත් විජාතික බලවේග වලට සිංහලකම සිංහල දැනුම් පද්ධතිය කඩා බිඳ වට්ටන්න වාණිජමය උවමනාවක් තියෙනවා. ඒවගේම රට ඇතුලේ ඉන්න ඔය බහුජාතික සමාගම් වල කුලීහේවායන් සහ මානසික වහල් ශ්‍රමිකයන් වුන නිරාගමික සහ දේශපාලන කල්ලි සිංහල කමට ගරහන්නේ ඒ බහුජාතික උවමනාව වෙනුවෙන්.
අපිට තියෙන විසඳුම සිංහලේ දැනුම පදනම් වු රාජ්‍යක් පමණයි.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
මධ්‍ය මණ්ඩල සභික
දේශප්‍රේමි ජාතික පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..