News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපදයේ වැඩෙන ආර්ථික අවදානම් මධ්‍යයේ චීනය සහ ජපානය මැයි මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර කප්පාදු කරයි - විශේෂඥයෝ පවසති

Jul 20, 2024 at 03:47 PM
|

එක්සත් ජනපදයේ ආර්ථික අවදානම් සම්බන්ධයෙන් වැඩෙන කනස්සල්ල පිළිබිඹු කරන තවත් පියවරක් ලෙස චීනය සහ ජපානය මැයි මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල ඔවුන්ගේ ආයෝජන කොටස් කප්පාදු කිරීමට කටයුතු කර ඇත.

පසුගිය 18 වනදා ප්‍රාදේශීය වේලාවෙන් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, චීනය මේ වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රථම වරට එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල ඔවුන්ගේ කොටස් ආයෝජනය වැඩි කිරීමෙන් පසු තවත් අඩුවීමක් සනිටුහන් කරමින් එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර මැයි මාසයේදී ඩොලර් බිලියන 2.4 කින් හෙවත් ඩොලර් බිලියන 768.3 දක්වා අඩු කළේය.

එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල දෙවන විශාලතම විදේශීය හිමිකරු ලෙස සිටි චීනය, 2022 අප්‍රේල් මාසයේ සිට සිය ආයෝජන වත්කම් ඩොලර් ට්‍රිලියන 1 ට වඩා අඩු කර ඇති අතර එම ප්‍රමාන්ය ක්‍රමයෙන් අඩු කරමින් සිටී.

2024 ජනවාරි මාසයේදී චීනය එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර ආයෙඔජන ඩොලර් බිලියන 18.6කින් අඩු කළේය. පෙබරවාරි සහ මාර්තු මාසවලදී පිළිවෙළින් ඩොලර් බිලියන 22.7 ක් සහ ඩොලර් බිලියන 7.6 ක් තවදුරටත් අඩු කිරීම් කරණු ලැබීය.

එක්සත් ජනපදයේ  විශාලතම ණය හිමියා වන ජපානය ද මැයි මාසයේදී එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර ඇති සිය සමස්ථ වත්කම වන ඩොලර් ට්‍රිලියන 1.1283 කින් ඩොලර් බිලියන 22 ක්  අඩු කිරීමට කළේය.

ආර්ථික විශේෂඥයන් විශ්වාස කරන්නේ එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල හිමිකාරීත්වය අඩු කිරීම එක්සත් ජනපදයේ ආර්ථිකය හා සම්බන්ධ අවදානම් පිළිබඳව වන විදෙශ රටවල කනස්සල්ල පිළිබිඹු කරන බවයි. විදේශ ආයෝජකයින් එක්සත් ජනපද ආර්ථිකයේ මන්දගාමිත්වය එක්සත් ජනපද බැඳුම්කරවල ඔවුන්ගේ ආයෝජනවල ප්‍රතිලාභ වලට බලපානු ඇතැයි කනස්සල්ලට පත්ව සිටින බවයි.

පසුගිය 17 වනදා නිකුත් කරන ලද ෆෙඩරල් සංචිතයේ බීජ් පොත් වාර්තාවට අනුව, ඉදිරි මාස හය තුළ එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ඉදිරි මැතිවරණය, දේශීය ප්‍රතිපත්ති, භූ දේශපාලන ගැටුම් සහ උද්ධමනය පිළිබඳ අවිනිශ්චිතතාවය හේතුවෙන් ඉදිරි මාස හය තුළ ආර්ථිකයේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන් මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කරන බව වාර්තාව වැඩිදුරටත් පවසයි.

වාර්තාව පදනම් වී ඇත්තේ ෆෙඩරල් රිසර්ව් බැංකුව එහි දිස්ත්‍රික්ක වල වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව නිකුත් කරන තොරතුරු මතය.

දිස්ත්‍රික්ක හතක් ආර්ථික ක්‍රියාකාරකම්වල යම් මට්ටමක වැඩිවීමක් වාර්තා කළ අතර, පහක් පැතලි හෝ අඩුවන ක්‍රියාකාරකම් සටහන් කර ඇති අතර දිස්ත්‍රික්ක තුනක් මැයි මාසයේ පූර්ව වාර්තාකරණ කාලයට වඩා වර්ධනයක් වාර්තා කර ඇත.

China, Japan trim US treasury bonds in May amid growing US economic risks: experts

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.
දැනට රට තුළ පවතින වාතාවරණය අනුව ව්‍යාපාරයක් පවත්වාගෙන යාම දැඩි අසීරු බවත්, රජයේ නව අයවැයෙන් ව්‍යාපාරිකයන් වෙත පැනවුනු බදු හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවත් ව්‍යාපාරික ටානියා අබේසුන්දර මහත්මිය පවසයි.
2025 අප්‍රේල් මාසයේදීත් ජංගම ගිනුමේ අතිරික්තයක් පෙන්නුම් කලත් මාර්තු මස ඩොලර් මිලියන 459 ක් ලෙස වාර්ථා වු ජංගම ගිනුමේ ශේෂය අප්‍රේල් වන විට ඩොලර් මිලියන 178 ක් දක්වා ඩොලර් මිලියන 281 සැලකිය යුතු අන්දමෙන් පහත වැටී ඇත .
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.
සුදු හඳුන් වගාවේ ඇති වැදගත්කම පිළිබඳව රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැහැදිලි කරයි.
2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.