මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ ඒ හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වී තිබේ.
2022 වසරේ පැවති දැඩි ආර්ථික අර්බුදයෙන් සහ ආර්ථික සංකෝචනයෙන් පසු 2023 සහ 2024 වසරවලදී සියයට 5 ක වර්ධනයක් වාර්තා කිරීමට මෙරට ආර්ථිකය සමත් වූවත්, වත්මන් මැදපෙරදිග අර්බුදයේ ඍජු බලපෑම හේතුවෙන් මෙවර ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.
මෙහි මූලික ලක්ෂණයක් ලෙස මේ වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4.2 දක්වා පහත වැටී ඇති අතර, එය පසුගිය කාර්තු අටක කාලය තුළ වාර්තා වූ අඩුම වර්ධන අගයයි.
කෙසේ වෙතත්, වසරේ දෙවන භාගය ඇතුළුව සමස්තයක් ලෙස මෙවර ආර්ථික වර්ධන වේගය සියයට 4 ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වසරේ දෙවන අඩ තුළ එනම් ඉදිරි කාර්තු දෙකේදී වර්ධනය සියයට 4 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. සමස්ත වාර්ෂික පුරෝකථනය මෙතෙක් අවසන් කර නොමැති වුවද, ඉකුත් ජනවාරි මාසයේදී ප්‍රකාශිත මහ බැංකු ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4 ත් 5 ත් අතර අගයක පවතිනු ඇති බවට උපකල්පනය කර තිබුණි.
අනෙක් අතට, මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම සහ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ පරිභෝජනය පහත වැටී තිබුණද, මෙම වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඉකුත් ජුනි මාසයේදී ප්‍රකාශ කර තිබුණි.
රජයේ මෙම පුරෝකථනය පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, එය රජය සතු තීරණයක් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආර්ථික වර්ධනය සියයට 3.5 ක් ලෙස පුරෝකථනය කර ඇති බවයි.
එසේම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද තමන්ගේම උපකල්පන මත පදනම්ව වෙනස් පුරෝකථන ඉදිරිපත් කර ඇති බවත්, මහ බැංකුවට අදහස් දැක්විය හැක්කේ සිය අභ්‍යන්තර පුරෝකථන සම්බන්ධයෙන් පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි