පුටින් ඔට්ටු අල්ලන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති වනවා කියා නම් ඔහු අවාසනාවන්ත විශ්මයක් අත්පත් කරගණු ලබනවා - හිටපු අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්
පසුගිය ජූලි 11 වනදා එනම් පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් නගරයේ පැවැති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියේදී ඔහුව වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා ගත් දිනයට හරියටම දින දෙක්කට පෙර "ටීවී රේන්" රූපවාහිනි සේවයේ මාධ්‍යවේදිනී Ekaterina Kotrikadze සමඟ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් මෙන්ම නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තනතුර දැරූ වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සම්මුඛ සාකච්ඡාවකට එක් වූවාය. එහිදී මාධ්‍යයවේදිනිය විසින් ඇසූ පැණයකට පිලිතුරු වික්ටෝරියා නූලන්ඩ් මැතිණිය පවසා සිටියේ පුටින් ඔට්ටු අල්ලන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අමෙරිකානු වනවායැයි කියා නම් ඔහු අවාසනාවන්ත විශ්මයක් අත්පත් කරගණු ලබනවා යනුවෙනි. ඇයගේ සම්මුඛ සාකච්ඡාවේ අදාළ කොටස ලංකා ලීඩ් නිව්ස් පාඨකයන්ගේ පරිශීලනය සඳහා මෙසේ පලකරමු.
නිවේදිකාව: වික්ටෝරියා, රුසියානු ප්‍රේක්ෂකයන් ඔබට සවන් දෙන බව මට විශ්වාසයි. නමුත් ඒ සමඟම අපි වොෂින්ටනයේ කැළඹීම් දකිනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවත ධවල මන්දිරයට පැමිණීමට අවස්ථාව ඇතිවාක් මෙන්ම අපි සාම මුලපිරීම් ගැන විධිමත් ලෙස කතා කරන නමුත් ඇත්ත වශයෙන්ම අවසාන වශයෙන් සිදුවන්නේ යුක්රේනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමයි. ට්‍රම්ප් තේරී පත් වුවහොත් යුක්රේනයට කුමක් සිදුවේද යන ප්‍රශ්නය මට ඔබෙන් අසන්නේ නැතිව සිටින්නට බැහැ. පුටින් ඉල්ලා සිටින යුක්‍රේනයේ ප්‍රදේශ ලබා දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වනු ඇතිද ?
වික්ටෝරියා නුලන්ඩ් : පළමුවෙන්ම ඇමරිකානු ජනතාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ඇතැයි මම විශ්වාස කරන්නේ නැහැ. මේ පුද්ගලයා අපරාධකාරයෙක්. ඒ වගේම ඔහු බොරුකාරයෙක්. ඔහු එක්සත් ජනපදයේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ සහ මූලධර්මවල ගැලවුම්කරුවෙකුද නොවේ. ඔහු කතා කරන්නේ ඇමරිකානුවන් හිර කිරීම, සංක්‍රමණිකයන් හිර කිරීම අපේ ආර්ථිකයට හානි කිරීම යනාදිය සම්බන්ධයෙනුයි. එබැවින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වනු ඇතැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඒ අනුව පුටින් ඔට්ටු අල්ලන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වනවායැයි කියා නම් ඔහු අවාසනාවන්ත විශ්මයක් අත්පත් කරගණු ලබනවා. මම හිතන්නේ එය අංක එකට පැමිණෙන කාරණාවයි. අංක දෙකට වැටෙන කාරණය වන්නේ ට්‍රම්ප් තේරී පත් වුවද ඔහු යුක්රේනයට නරක සාමයක් ඇති කිරීමට බල කළහොත් එය එක්සත් ජනපදයට ඉතාමත් අවාසනාවන්ත තත්වයක් උද කරනවා. එය යුරෝපයට සහ අපගේ මිත්‍ර රටවලට ඉතා තත්වයක් උදා කරනවා. මන්ද පුටින් කුමක් කරයිද යන්න අපි හොන්දින් දන්නා නිසා. ඔහු මේ ගනුදෙනුව බේරා ගැනීමට පෙර අපි මෙම චිත්‍රපටය නරඹා තිබෙනවා. ඔහු යුක්රේනයේ භූමි භාගයක වාඩිලා ගන්නවා. ඔහු බලා සිටින බවත්, ඔහු විවේක ගන්නා බවත්, ඔහු නැවත යථා තත්ත්වයට පත් වන බවත්, ඔහු ඉතිරි යුක්රේනය සඳහා පැමිණෙන බවත්, ඔහුට ලැබෙන බවත් පසුව ඔහු නැවතත් බටහිර දෙසට පැමිණ රුසියාවේ මුළු වස්තුවම වැය කරනු ඇති බවත් අපි දන්නවා. රුසියාවේ ආර්ථිකය රුසියාවේ පාසල් සහ රුසියාවේ රෝහල් ගොඩ නැංවීමට වඩා රුසියානු රාජ්‍යය ගොඩනැගීමට වඩා ඔහුගේ භෞමික වපසරිය පුළුල් කිරීමේ අභිලාෂය වෙනුවෙන් රුසියානු තරුණයන් සිය දහස් ගණනක් මරා දමනවා. එබැවින් ට්‍රම්ප් කරණු ලබන දෙය ඉටුවුවහොත් දරුණු අත්වැරැද්දක් වනු ඇතැයි මම සිතනවා. ඒ අනුව මෙම ලේ වැකි කාලය අප සියලු දෙනාම අපගේ පුරවැසියන් සහ අප නැවත ගොඩනැංවිය යුතුයැයි අවධාරණය කරගනිමින් දීර්ඝ කරනු ඇතැයි මම සිතනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.