
ට්‍රම්ප් ඝාතනයට උත්සාහ කළ ස්නයිපර් වෙඩික්කරුවාට වහලයට ළඟා වීමට හැකි වූයේ කෙසේද? - එක්සත් ජනපද රහස් සේවය පැහැදිලි කරයි
එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ ප්‍රධානී කිම්බර්ලි චේට්ල් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට උත්සහා ගත් වෙඩික්කරු රැඳී සිටි ගොඩනැගිල්ලේ වහලය මත තම නියෝජිතයන් යෙදවීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම නිසා නොකළ බවයි.
පසුගිය 13 වනදා පෙනිසිල්වේනියාවේ බට්ලර් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියක් අතරතුර හුදකලා තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි වෙඩි ප්‍රහාරයකින් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යන්තමින් මරණයෙන් බේරුණි. ඔහුට ලබා දී තිබූ රහස් ඔත්තු සේවා ප්‍රතිචාර දැක්වූයේ වෙඩි උණ්ඩයක් ඔහුගේ කනට වැදීමෙන් පසුවය. කෙසේ වුවද රැලියට සහභාගි වූ එක් අයකු මිය ගිය අතර තවත් දෙදෙනකු බරපතළ තුවාල ලැබූහ.
“විශේෂයෙන්ම වෙඩික්කරුවා රැඳී සිටි ගොඩනැගිල්ලෙහි උසම ස්ථානයේ බෑවුම් සහිත වහලක් තිබෙනවා. ඒ අනුව, ඔබත් දන්නා පරිදි, ආරක්ෂකයෙකු බෑවුම් සහිත වහලක් මත තැබීම වලක්වන ආරක්ෂිත කොන්දේසියක් හඳුන්වා දී තිබෙන බැවින් එම සාධකය සලකා බලනු ලැබුවා.”චීට්ල් ඊයේ(17) ඒබීසී ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය. "ඒ වගේම, ඔබ දන්නවා, ගොඩනැගිල්ලේ ඇතුළත සිට එය ආරක්ෂ කිරීමට තීරණය කර තිබුණා." චීට්ල් පැවසීය.
තෝමස් මැතිව් කෲක්ස් ලෙස හඳුනාගෙන ඇති වෙඩික්කරුට කර්මාන්තශාලා ගොඩනැගිල්ල මතට නැගීමට හැකි වූ අතර ට්‍රම්ප් රැඳී සිටි ස්ථානයට මීටර් 120 කටත් වඩා අඩු දුරකින් පැහැදිලි ඉලක්කයක් ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසී තිබුණි. අදාළ වහලය රැලිය පැවැත්වූ වේදිකාවට පිටුපසින් ඇති වහලයට වඩා බෙහෙවින් අඩු බෑවුමකින් යුක්ත වූ අතර එම වහලය මත රහස් සේවා ප්‍රති-ස්නයිපර්වරුන් ස්ථානගත කර තිබුණි.
චේට්ල් ගේ පැහැදිලි කිරීම විශේෂඥයින්ගේ කෝපය කුළු ගැන්වූ අතර ඇයව ඔවුන්ගේ අවිශ්වාසයට ලක් විය. මේ වන විට කොන්ග්‍රසයට ඇතුල්වීම සඳහා තරඟ කරන හිටපු හමුදා විශේෂ බලකායේ නිලධාරියෙකු වූ ජෝ කෙන්ට්, රහස් සේවය ගොඩනැගිල්ලට ප්‍රවේශ ස්ථාන සුරක්ෂිත නොකළේ මන්දැයි පුදුමය පළ කළේය.
“ 'කලබල වෙන්න එපා, අපි කෙනෙක්ව වහලය උඩට දැම්මේ නැහැ මොකද ඒක භයානක තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නිසා.’ කියා රහස් සේවා අධ්‍යක්ෂවරයා පවසනවා. මොනවද මේ කතා? කවුරුහරි ඔළුවට වෙඩි තියයිද?" කොන්සර්වේටිව් පාක්ෂිකයෙකු බවට පත් වූ හිටපු රහස් සේවා නියෝජිතයෙකු වන ඩෑන් බොන්ගිනෝ රූපවාහිනී සාකච්ඡාවකදී පැවසුවේය.
ස්වදේශ ආරක්ෂක ලේකම් Alejandro Mayorkas පවසා ඇත්තේ 13 දා සිදුවීම මගින් රහස් සේවයේ "අසාර්ථකත්වය" සම්බන්ධයෙන් යම් කොටසක් හෙළිවන නමුත් ඔහුට චේට්ල් සම්බන්ධයෙන් "100% විශ්වාසය" ඇති බවයි.
ඝාතනයට තැත් කිරීම "පිළිගත නොහැකි" සහ "නැවත සිදු නොවිය යුතු දෙයක්" බව රහස් සේවා අධ්‍යක්ෂකවරිය ඒබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවද, ඇයට ඉල්ලා අස්වීමට අදහසක් නොමැති බව අවධාරණය කළාය.
ට්‍රම්ප්ගේ ආරක්‍ෂාව සඳහා ඔහුට වඩා උසින් ඉතා අඩු කාන්තාවන් තිදෙනෙකු යොදවා ඇති බවට වූ විවේචන වලට චේට්ල් ප්‍රතිචාර දැක්වීමක් නොකළේය. ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරන ලද රහස් සේවා ප්‍රධානියා මීට පෙර පවසා ඇත්තේ තමා වැඩි කාන්තාවන් සහ සුළු ජාතීන් බඳවා ගැනීම වැනි විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම (diversity, equity and inclusion-DEI) යන සිද්ධාන්තය භාවිතය සඳහා ප්‍රමුඛත්වය දෙන බවයි.
බට්ලර් වෙඩි තැබීමෙන් පසු හිටපු FBI සහකාර අධ්‍යක්ෂ Chris Swecker නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට පැවසුවේ DEI යනු එක් දෙයක්, නිපුණතාවය සහ කාර්යක්ෂමතාව තවත් එකක්, ඒ අනුව DEI අදාල වන්නේ නැහැ" යනුවෙනි.
කෙසේ වුවද ට්‍රම්ප් 15 වනදා මිල්වවුකි හිදි රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවට සහභාගි වන විට, ඔහුගේ ආරක්ෂකයන් සම්පූර්ණයෙන්ම සමන්විත වූයේ උසින් ඔහුට සමීප පිරිමි අයවලුන්ගෙනි.
US Secret Service explains failure to secure roof used by Trump sniper
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
