ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියට වෙඩි! ට්‍රම්ප්ට තුවාලයි! (වීඩියෝ )

ඊයේ(13) අමෙරිකාවේ පෙනිසිල්වියාවේ බට්ලර් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කණේ ලේ පැල්ලම් පෙන්නුම් කරන ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් පවතී. ට්‍රම්ප්ට්ගේ ආරක්ෂක නිලධාරීන් ඔහුව ඉක්මනින් වේදිකාවෙන් බිමට බස්සවා ගෙන ගොස් ඇති බවද එම වාර්තා පවසයි.
වෙඩි වැදීමෙන් පසු බිම ඇද වැටුනු ට්‍රම්ප් සුළු මොහොතකට පසු නැඟිට තම දකුණු හස්තය ඔසවා තමා හොඳින් බවත් සටනට සූදානම් බවත් ඇඟවීය. අනතුරුව ඔහුගේ ආරක්ෂක නිලධාරින් විසින් ඔහුව සිද්ධිය වූ ස්ථානයෙන් පිටතට රැගෙන ගියේය.

ඝාතන උත්සාහයෙන් පසු ට්‍රම්ප් පෙනිසිල්වියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පරීක්ෂණයකට භාජනය වෙමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ලේකම් මාධ්‍ය වෙත පැවසීය.
මේ අතර අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වන මාධ්‍ය වාර්තා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කල තුවක්කුකරුවෙකු සහ අවම වශයෙන් එක් ප්‍රේක්ෂකයෙකු මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්ය.

මේ අතරා ට්‍රම්ප් සමාජ මාධ්‍යවලට අදහස් දක්වමින් “මගේ දකුණු කණේ ඉහළ කොටසට” වෙඩි උණ්ඩයක් වැදී ඇතැයි පවසා සිටියේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ “නීච ක්‍රියාවෙන්” පසුව ට්‍රම්ප් “හොඳින්” සිටින බවයි.
බුද්ධි අංශ වලට අනුව වෙඩික්කරු ආරක්ෂක නිළධාරින් විසින් මරා දැමීමට පෙර ඔහුගේ රැළිය පැවැත්වු ස්ථානයට ආසන්නයේ පිහිටි “උස් ස්ථානයක සිට” වෙඩි කිහිපයක් තබා තිබේ. නීතිය බලාත්මක කිරීමේ මූලාශ්‍ර ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසුවේ වෙඩික්කරු රැලිය පැවැත්වු ස්ථානයෙන් පිටත ගොඩනැගිල්ලක වහලක් මත ස්ථානගතව සිට ඇති බවයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අනුව ප්‍රහාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට තැත් කිරීමක් ලෙස හැඟවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ