News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයින් කවුද?

Jul 12, 2024 at 12:17 PM
|

Who are the real winners of the French parliamentary elections?උමතු දේශපාලන විද්‍යාඥ එම්මානුවෙල් මැක්‍රොන්ගේ කුඩා අත්හදාබැලීමක් ඔහුගේ මුහුණ ඉදිරියේදීම පුපුරා ගියේය.  මැක්‍රොන්ගේ රසායනාගාර සහකරු ප්‍රංශ වාමාංශික නායකයාගේ ඉල්ලීම්වලට අනුකූල වීමට මැක්‍රොන් අපොහොසත් වන්නේ නම් ඉල්ලා අස්වන ලෙස දැනටමත් දන්වා යවා ඇත. මැක්‍රොන් දැන් සිටින්නේ ඔහු විසින්ම නිර්මානය කරගත් ප්‍රාණ ඇපකරු තත්වයකය.

මම උපන් නගරය වන කැනඩාවේ වැන්කුවර් හි මගේ කුඩා කාලයේ සිටම මා තුළ හැඟීමක් ඇති කළ පිළිමයක් තිබේ. "ආශ්චර්යමත් සැතපුම" ලෙස හැඳින්වෙන එය 1954 දී වැන්කුවර් එම්පයර් ක්‍රීඩාංගනයේ දී "මිනිත්තු හතරෙන් සැතපුම බිඳීම" ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ වූ මිනිසුන් දෙදෙනා වන එංගලන්තයේ රොජර් බැනිස්ටර් සහ ඕස්ට්‍රේලියාවේ ජෝන් ලැන්ඩි අතර පැවති පුරාවෘත්ත තරඟය සිහිපත් ක්කිරීමට ඉදි වූවකි. තරඟය අවසානයේ, ඉදිරියෙන් සිටි ලැන්ඩි, ඔහුගේ ප්‍රතිවාදියා දෙස උරහිසට උඩින් බැලූ අතර, රොජර් බැනිස්ටර් අනෙක් පැත්තෙන් ඔහුව පසුකර ජයග්‍රහණය ලබාගැනීමට ඉදිරියට ගියේය. “සෑම විටම අවසානය දක්වාම ඔබේ ධාවන තරඟය  ඔබ ධාවනය කරන්න,” ගේ නැසීගිය, ක්‍රීඩා විශේෂඥ පියා මම ස්මාරකය දෙස බලා සිටින විට මට කීවේය. "මක්නිසාද ඔබට සැබවින්ම පාලනය කළ හැකි එකම දෙය එයයි." මැක්‍රොන් එම පාඩම ඉගෙන නොගැනීම කනගාටුවට කරුණකි.

ඒ වෙනුවට, මැක්‍රොන්ගේ සංස්ථාපිත කණ්ඩායම නිර්මානය කළ පක්ෂයට තුන්වන ස්ථානය හිමිවීමත් සමඟ  ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයේදී ප්‍රංශ ඡන්දදායකයින් පොළඹවා ගැනීමට අපොහොසත් වූ ඔහු තමාගේම ධාවන තරඟය නතර කර වේදිකාවේ සිට වටපිට බැලීමට පටන් ගත්තේය.

මැක්‍රොන් සහ ඔහුගේ අගමැති ගේබ්‍රියෙල් ඇටල් තීරණය කළේ ප්‍රථම වටයේ මහජන ඡන්දයෙන් ආධිපත්‍යය දැරූ, සම්ප්‍රදාය විරෝධීන්, දක්ෂිණාංශික "ජාතික රැලි පක්ෂය"  දෙවන වටයේ දී ඕනෑම මිලක් ගෙවා බහුතරය ප්‍රතික්ෂේප කිරීමට මෙහෙය විය යුතු බවයි.  එබැවින්, සම්ප්‍රදාය විරෝධීන්, වම සහ එහි පාර්ලිමේන්තු නායිකා මැරීන් ල පෙන්ට බාධකයක් වීමට ජාතික රැලිය සඳහා ආසනයක් අත්පත් කර ගත හැකි දිස්ත්‍රික්කවල අපේක්ෂකයින් දිරිමත් කිරීමෙන් හැකි බව ඔවුහු කල්පනා කළහ. සම්ප්‍රදාය විරෝධීන්, වාමාංශික නව ජනතා පෙරමුණේ සභාගය සහ එහි තථ්‍ය නායක ජීන්-ලූක් මෙලෙන්චොන් එම ක්‍රියා මාර්ගයම අනුගමනය කිරීමට කටයුතු කළේය.

ඔවුන් ඉදිරියෙන් සිටින තරඟකරු පරාජය කිරීම සඳහා පරාජිතයන්ගේ සන්ධානයකට එකතු වනු ඇත. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස අගදී පැවැත්වීමට නියමිතය.  කාන්තා ජිම්නාස්ටික් ඉසව්වේ පරාජිතයන් සියල්ලන්ම සිමෝන් බයිල්ස්ට එරෙහිව එක් පරාජිතයෙකු තෝරා ගැනීමට තීරණය කිරීමට ඉඩ දුන්නේ නම් , ඇයව පරාජය කිරීම සඳහා ඔවුන්ගේ පරාජිත ලකුණු සියල්ල එම පුද්ගලයාට ලබා දීමට සමාන බව ප්‍රංශ මැතිවරණය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි.

නමුත් අවසානයේ සිදු වූ දෙය නම්, මෙම උපාය මාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස, ඡන්දදායකයින්ට තේරීමක් ලබා දුන් දිස්ත්‍රික්කවලට වඩා ප්‍රංශයේ අනෙකුත් දිස්ත්‍රික්කවල - සම්ප්‍රදාය විරෝධී අපේක්ෂකයින් දෙදෙනා අතර තරඟයක් වීම පමණක් ඉතිරිව තිබියදී  මැක්‍රොන්ගේ කණ්ඩායම සහ  ල පෙන් කණ්ඩායම අතර තරඟයක් ගොඩ නැගුනි.

මෙම උපක්‍රමයේ ප්‍රතිඵලය; ආසන 289 ක බහුතර බලයක් නොමැති තනි පක්ෂයක් නොමැති එල්ලෙන ප්‍රංශ පාර්ලිමේන්තුවක් බිහිවීමයි. නව ජනතා පෙරමුණේ වාමාංශිකයින්ට 182ක්, මැක්‍රොන්ගේ කණ්ඩායමට 168ක් සහ ජාතික රැලියට 143ක් ලෙස ප්‍රංශ පාර්ලිමේන්තුවේ අසුන් බෙදී ගියේය. යම් කණ්ඩායමක් යම් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් භක්ෂණය කළ හැකි යැයි සිතුවහොත්, එම ඕනෑම කණ්ඩායමකට පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී එම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම ගල උඩ සටනක් බවට පත් වනු ඇත. කඳු නැගීම කෙතරම් තද බෑවුමකින් අවසන් විය හැකිද යන්න පිළිබඳව පාඨකයාට අදහසක් ලබා ගැනීම සඳහා, මැක්‍රොන් කණ්ඩායමේ සාමාජිකයින් මේ වන විටත් ඔවුන්ගේ වාමාංශික සහෝදරයන්ගේ වමේ අවස්ථාවාදය සම්බන්ධයෙන් අගතිගාමී ලෙස අදහස් දක්වමින් සිටින අතර, නිල ප්‍රතිඵල පැමිණීමට පෙරම ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර තිබීම උදාහරණ ලෙස දැක්විය හැක.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුගත වෙමින්, මැක්‍රොන්ගේ අගමැති ගේබ්‍රියෙල් ඇටල් දැනටමත් සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇත. නමුත් නව ආණ්ඩුවක් පිහිටවන තුරු ඔහුට ධූරයේ රැඳී සිටිය හැක.

 මතු වී තිබෙන ස්වභාවය සහ එයට බල පෑ නායකත්වය විසින් ලබා දී ඇති දෙයක් නොවන්නේ යෝජිත දේශපාලන සහවාසයට තුඩු දෙන මංමුලා සහගතභාවයෙන් උපත ලබන සබඳතා හෝ කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් ඡන්දයක් ලබා ගැනීම සඳහා එක් රාත්‍රියක් තුළ  සකසන ලද ස්ථාවරයන්  වේගවත් සාර්ථකත්වයක් උදා කරගනීදැයි  හරියටම නොදන්නා බැවිනි.

දැනටමත්, නව ජනප්‍රිය පෙරමුණ තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති කණ්ඩායමේ නායකයා වන ජීන්-ලූක් මෙලෙන්චොන්, තම කණ්ඩායමට අගමැතිකම ලබා දෙන ලෙස මැක්‍රොන්ගෙන් ඉල්ලා ඇති අතර එසේත් කළ නොහැකිනම් ඉල්ලා අස්වන ලෙසද දන්වා ඇත. මැක්‍රොන්ගේ උපාය මාර්ගයෙන් සවිබල ගන්වා ඇති මෙලෙන්චොන් දැනටමත් කතා කරන්නේ  අටල්ගේ ගෘහභාණ්ඩ ට්‍රක් රථයේ පටවා ඔහුගේ ඇඳුම් තණකොළ මත විසි කරනු දැකීමට අවශ්‍ය ආකාරයටය.

මේ සියල්ල මහජන ඡන්දය දිනා ගැනීමට සමත් වූ දක්ෂිණාංශික සම්ප්‍රදාය විරෝධීන්  පරාජය කිරීමට පමණි. ප්‍රංශ ජාතිකයන් එක කාරණයක් අරබයා ඡන්දය ලබා දුන් අතර ඔවුන්ට ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය ලැබුණි. ඔව්, ඔබ පාඨකයෙකු ලෙස ඔබ  එය නිවැරදිව කියවා ගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සහ රජය ජනතා කැමැත්ත නියෝජනය කරන බව ප්‍රකාශ කරනු ලබන අතර එයින් අදහස් කරන්නේ කුමක්දැයි සිතා බැලීම පාඨකයාට භාර කරමි. අප දෙවන වටයේ ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂනය කරන විට  එක් එක් ප්‍රංශ ඡන්ද පත්‍රිකාවේ එකතුව සැබවින්ම ඡන්ද මිලියන 10 කට වඩා වැඩියෙන් ජාතික රැලිය පක්ෂයට ජයග්‍රහණයක් අත්පත් කර දෙන්නක් බවට පත්ව තිබේ. නව ජනප්‍රිය පෙරමුණ සහ මැක්‍රෝන්ගේ එකමුතුව එක්ව ඡන්ද මිලියන 6 බැගින් පැමිණ අහිමි කරගෙන තිබුණි. 

මේ වන විටත් ප්‍රංශයේ අවකාශයේ බොහෝ දේ පාවෙමින් තිබේ. නමුත් ප්‍රංශ ජාතිකයන් විසින් සාක්ෂාත් කර ගත් එක් දෙයක් නම්, ඔවුන් මැක්‍රොන්ට සහ ඔහුගේ සංස්ථාපිතයට ලබා දී තිබූ හිස් චෙක්පත අවලංගු කිරීමයි. එබැවින් මැක්‍රෝන්ගේ පාලනයට තවදුරටත් බහුතරයේ අනුමැතියෙන් ප්‍රංශ පාර්ලිමේන්තුව හරහා ඔහුට අවශ්‍ය දේ කිරීමට නොහැකි වීමයි. ප්‍රංශ ජාතිකයන් මැක්‍රේන්ගේ සංස්ථාපිතය ඔවුන්ට එපා වී ඇති බව ප්‍රකාශ කරමින් කම්පනයක් ලබා දී ඇත. කෙනෙකු එය නොසලකා හැරියත් එය දැන් පැහැදිලිව තහවුරු වී ඇත. එබැවින් තම උරහිසට ඉහළින් බලා සිටි මැක්‍රොන්ට එය විශාල පාඩුවක් වන අතර  සම්ප්‍රදාය විරෝධී වම ඔහු පසුකර ගොස් තිබේ.

Who are the real winners of the French parliamentary elections?

මෙම ලිපිය ලියූ Rachel Marsden යනු ජාත්‍යන්තර දේශපාලනයේ දශක දෙකකට අධික විශේෂඥ දැනුමක් ඇති මාධ්‍ය වෘත්තිකයෙකි. ඇයගේ පුළුල් වෘත්තීය ජීවිතයට බහුභාෂා සත්කාරකත්වය, ඉදිරිපත් කිරීම, නිෂ්පාදනය කිරීම සහ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ඩිජිටල් වේදිකා හරහා විවාද කිරීම ආදිය ඇතුළත් වේ. ඇය 2011 වසරේ සිට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්පත් කරගත් තීරු ලිපි රචිකාවියක් වන අතර, ගෝලීය වශයෙන් ප්‍රධාන පුවත්පත්  100 කට අධික සංඛ්‍යාවකට දායකත්වය සපයා ඇත. ජාත්‍යන්තර දේශපාලන සහ ව්‍යාපාර අවදානම් උපදේශන සමාගමක් වන Global Corporation හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වසර 20 කට අධික ව්‍යාපාරික පළපුරුද්දක් ඇයගේ මාධ්‍ය පසුබිමට අනුපූරක ලෙස එකතුවේ. ඇය ප්‍රංශයේ පැරිස් පිහිටි Sciences Po උසස් අධ්‍යාපන ආයතනයේදී ජනමාධ්‍යවේදය සහ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් පශ්චාත් උපාධියද හදාරා ඇත.

පරිවර්තනය: ජිවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
බංග්ලාදේශයේ චිතගෝන් කඳුකරයේ බෞද්ධයන්ගේ නිවාස බංග්ලාදේශ රජයේ හමුදාව මගින් පරීක්ෂාවට ලක්කරන බවත්, එම බෞද්ධයන්ගේ භූමියට වැඩි වැඩියෙන් හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.