News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපද විකාරරූපී ප්‍රවේශය, BRICS ව්‍යාප්තිය, කියෙව් පාලනයට සිදුවූ 'විශාල' පාඩු සම්බන්ධයෙන් පුටින් චීන මාධ්‍යය වෙත අදහස් දක්වයි

Oct 18, 2023 at 03:20 PM
|

රුසියාව තවදුරටත් එක්සත් ජනපදය සම්බන්ධයෙන් විශ්වාසය නොතබන බවත්  චීනය විශ්වාසවන්තව තම පොරොන්දු ඉටු කරමින් සිටින බවත්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

චීනයේ සංචාරයක යෙදී සිටි රුසියානු ජනාධිපතිවරයා චීන දේශපාලන වාර්තාකරු වැන්ග් ගුවාන් සමඟ පසුගිය 16 වනදා කළ සම්මුඛ සාකච්ඡාවේ ඔහු පළ කළ අදහස් වල සාරාංශය පහත පළවේ.

නීති මත පදනම් වූ  විකාර නියෝග

එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරන ලද 'නීති මත පදනම් වූ නියෝග' යන සංකල්පය යටත් විජිතවාදයේ වෙස්වළාගත් ස්වරූපය   බව පුටින් අවධාරණය කරමින් පවසා සිටියේ එම නීති මොනවාද යන්න පිළිබඳව වොෂින්ටනය එක් එක් සිද්ධිය අනුව තීරණය කරන බවද අවධාරණය කළේය.

“කිසිවෙකු මෙතෙක් දැක නැති නීති රීති මත පදනම්ව පිළිවෙලක් ගැන කතා කරන්නේ කෙසේද? සාමාන්‍ය බුද්ධියට අනුව, එය විකාරයක්. නමුත් මෙම ප්‍රවේශය ප්‍රවර්ධනය කරන අයට එය ප්‍රයෝජනවත්. ” රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අතීතයේ යටත් විජිත බලවතුන් කියා සිටියේ ඔවුන් තමන් සතුව තිබූ ප්‍රදේශ වෙත “සෞභාග්‍යය” සහ “ශිෂ්ටාචාරයේ ප්‍රතිලාභ” ගෙන එන බව යැයි රුසියානු ජනාධිපතිවරයා පැවසීය. එක්සත් ජනපද ව්‍යතිරේකවාදයෙන් ඇඟවෙන්නේ ඇමරිකානුවන් ඉතිහාසයේ විසූ වෙනත් යටත් විජිතවාදීන් මෙන් සෙසු ලෝකය “දෙවන මට්ටමේ මිනිසුන්” ලෙස සලකන බව යැයිද රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මොස්කව් මෙම ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා සියලු ජාතීන් සමාන ලෙස සලකනු ලබන සාධාරණ බහුධ්‍රැව ලෝකයක් බිහි කිරීම  සඳහා රුසියාව උත්සාහ කරන බව අවධාරණය කළේය.

බහු ධ්‍රැවීයතාව වැළැක්විය නොහැකිය

නව ගෝලීය  විධිවිධානයක් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පැමිණෙමින් තිබෙනවා පුටින් අනාවැකි පළ කළේය.

“අපට මෙම ක්‍රියාවලිය වේගවත් කළ හැකියි. එලෙසම යමෙකුට එම ක්‍රියාවලිය මන්දගාමී කිරීමට උත්සාහ කළ හැකියි. ඔවුන්ට සමහර විට බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමේ වේගයෙහි යම් ආකාරයක මන්දගාමී බවක් ඇති කළ හැකියි. එහෙත් බහු ද්‍රැවීය ලෝකය නිර්මාණය වීම කුමන අයුරකින් හෝ වැළැක්විය නොහැකියි."

 මෙම වසරේ BRICS සමූහයේ  ව්‍යාප්තිය බටහිර නොවන ප්‍රමුඛ ආර්ථිකයන්හි එම දිශාවේ ප්‍රධාන පියවරක්ය යන්න ජනාධිපති පුටින්ගේ විශ්වාසයයි. නව සාමාජිකයින් හය දෙනෙකු ඇතුළත් කිරීමත් සමඟ G7 සංවිධානය ආර්ථික ශක්තියෙන් බටහිර  සමාජය අභිබවා ගොස් ඇති බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

“අප කිසිවෙකුටත් පරමාධිපත්‍යයක් අනුනාද කිරීමට අවශ්‍ය නැත. සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් අවශ්‍යයි. නව සාමාජිකයින් BRICS හා සම්බන්ධ වූ විට, අපට මෙම ඉලක්කයන් සපුරා ගත හැකි බව ඔවුන් අවබෝධ කරගෙන සිටිනවා." රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජනපදය විශ්වාස කළ නොහැක

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ බහුපාර්ශ්වික ගිවිසුමෙන් ඉවත් වීමත් සමඟ පෙනෙන පරිදි, දේශපාලන අභිමතය පරිදි පෙර ගිවිසුම් ඉවත දැමීමේ පුරුද්දක් වොෂින්ටනය සතුව ඇති බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන ගැටුම ද වොෂින්ටනයේ එම ආකල්ප  තුළම මුල් බැස ඇති බව පුටින් පැවසීය.

“1991 තරම් ඈත කාලයකදී - එවකට එක්සත් ජනපද පරිපාලනය විසින් - නේටෝව තවදුරටත් නැගෙනහිරට ව්‍යාප්ත නොකරන බව අපට පොරොන්දු වී තිබෙනවා. නමුත් එම පොරොන්දු දුන් දින සිට, නේටෝ ව්‍යාප්තිය රැලි පහක් යොදවා කරනු ලැබ තිබෙනවා." ඔහු පෙන්වා දුන්නේය.

"එක්සත් ජනපදයේ සෑම නව පරිපාලනයක්ම මුල සිටම ආරම්භ කරන්නේ නම්, අපි ඕනෑම දෙයකට එකඟ වන්නේ කෙසේද?"

කියෙව් යුධ පිටියේ පාඩු

2008 වර්ෂයේදී  යුක්‍රේනය නේටෝ  සාමාජිකයෙකු බවට පත්කිරීමේ ප්‍රතිඥාවෙ සිට, බටහිර පිටුබලය ලබන කියෙව් පරිපාලනය 2014 සන්නද්ධ කුමන්ත්‍රණය සහ ඩොන්බාස්හි ගැටුම දක්වා, යුක්‍රේන රජය විසින් මාර්ග සිතියමක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම දක්වා වන රුසියාව සමග තම අසල්වැසියාගේ සතුරුකම්වල ඉතිහාසය රුසියානු ජනාධිපතිවරයා ගෙනහැර දැක්වීය. එලෙසම රුසියානු ජනාධිපතිවරයා කැරලිකරුවන් සමඟ සංහිඳියාව ඇතිකර ගන්නවා වෙනුවට  රුසියාවට එරෙහිව බලාපොරොත්තු වූ මිලිටරි ජයග්‍රහණයක් වෙනුවෙන් කෙටුම්පත් කළ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට කියෙව් පාලනය ගිය වසරේ ගත් තීරණයද විචිත්‍රවත්ව ගෙනහැර දැක්වීය.

"ඔවුන් ජූනි මාසයේදී  ඊනියා ප්‍රති-ප්‍රහාරය නම්  ක්‍රියාකාරී මිලිටරි මෙහෙයුමක් දියත් කළා." යුක්‍රේන-රුසියා ගැටුමේ නවතම අදියර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය. “මෙහෙයුම මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් අත්කර ගෙන නොමැතිවාක් මෙන්ම දැවැන්ත පාඩු පමණක් දැනටමත් අත්පත් කරගෙන හමාරයි. ඔවුන් ලබාගත් පාඩුව ඉතා විශාලයි. පාඩුව  එකේ සිට අට දක්වා අනුපාතයකින් යුක්තයි." පුටින් අවධාරණය කළේය.

රුසියාවට ගැටුම නිරාකරණය කිරීමට අවශ්‍ය වන අතර චීනයේ යෝජනාව පදනමක් ලෙස සැලකිය හැකි බව විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වුවද රුසියානු ජනාධිපති පුටින් සමඟ සාකච්ඡා තහනම් කිරීමේ නීතියක් සම්මත කර ඇති බැවින් සාකච්ඡා කිරීමට මග පාදා ගැනීම යුක්‍රේනයටම පැවරේ.

චීන ජනපති ෂීගේ වචනය ඔහු සමඟ වන බැඳීමයි

සම්මුඛ සාකච්ඡාවේ විශාල කොටසක් රුසියානු-චීන සහයෝගීතාව සඳහා වෙන් කර තිබුණි. චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ රුසියානු ජනාධිපති පුටින්ගේ ඇති මිත්‍රත්වය පසුගිය වසර 15 තුළ ජාතීන් අතර සබඳතා වේගවත් වර්ධනයට දායක වූ බව සාමාන්‍ය පිළිගැනීමයි .

රුසියානු නායකයා තම චීන සගයා හැඳින්වූයේ “ තොරතුරු කෙරෙහි අවධානයෙන් සිටින, සිසිල් මනසකින් යුත්, ව්‍යාපාරික මනසක් ඇති විශ්වාසදායක සහකරුවෙකු” ලෙසයි, ඔහු විශේෂයෙන් ෂීගේ විශ්වාසවන්තභාවය අගය කරන බව අවධාරණය කළේය.

ජාත්‍යන්තර වේදිකාව තුළ චීන ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියේ, කෙටි කාලයකට ජාත්‍යන්තර වේදිකාවේ පෙනී සිටින සමහර නායකයින්ට වඩා  ෂී ගේ උපායමාර්ගික ප්‍රවේශය ඔහුව වෙන්කර හඳුනා ගැනීමට ඇති හොඳ සාධකයක් යනුවෙන් පවසා සිටියේය.

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි 'තම රට කිසිවිටෙකත් යටත් නොවන බව' පවසා තිබේ.
මේ වනවිටත් ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය අතරතුර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කර ඇත.
දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.
නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.