News Category
From Date
To Date
Maximum Number of Result

නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් 13 ඉක්මවා යන බලයක් පළාත් සභාවලට ලැබෙනවාද?

Oct 17, 2023 at 11:32 AM
|

නව ව්‍යවස්ථාවක් හෝ නීතියක් හෝ පවතින රාමුවක සංශෝධනයක් අවශ්‍ය වන්නේ කුමන හෝ දේශපාලන අරමුණක් සඳහාය. ඒ අනුව අදාළ ප්‍රතිපාදන සලකා බැලිය යුත්තේ එම දේශපාලන අරමුණට සාපේක්ෂවය. ලෝකයේ මේ වන විට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උපායමාර්ගික උවමනාවන් සඳහා රටවල් 26ක් බෙදා වෙන්කර ඇත. යටත් විජිත වලට නිදහස ලබාදීමේ දී මෙන්ම ඉන් පසුව දේශපාලන ගැටුම් ඇවිලවීම සහ යම් අවස්ථාවල කිසිදු ගැටුමකින් තොරව එම බෙදා වෙන් කිරීම් සිදු කර ඇත.  උදාහරණයක් ලෙස පැපුවා නිව්ගිනියාවෙන් බටහිර පැපුවා රාජ්‍ය වෙන්කර එම කොටස ඉන්දුනීසියාවට ඈඳා ගැනීමට ඉඩ සලසන්නේ චීනයට එරෙහිව ඉන්දුනීසියාව ශක්තිමත් කිරීම  සඳහාය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව බටහිර පැපුවා සහ පැපුවා නිව්ගිනියාව අතර දේශ සීමාව සලකුණු කරන්නේ සිතියම මත කෝදුවක් තබා ඉරක් ගැසීමෙනි. එම නිසා එම දේශසීමාවන් මගින් කඳු සහ ගංගා ආදී ස්වාභාවික මායිම්ද ජේදනය වේ.

ජාත්‍යන්තර මැදිහත්වීම් මත රටවල් බෙදා වෙන් කිරීමේදී කිසිදු රටක් දෙපාර්ශ්වය අතර යුද්ධයක් මගින් දේශ සීමා සලකුණු කර නැත. යුද්ධය යොදාගනු ලබන්නේ නීත්‍යානුකූලව දේශ සීමා සලකුණු කිරීම සඳහා බලපෑම් කිරීම සඳහාය. එසේ දේශ සීමා සලකුණු කිරීම සඳහා යම් රටවල ව්‍යවස්ථාව යොදාගෙන ඇති අතර තවත් රටවල දී ජාත්‍යන්තර ගිවිසුම් යොදාගෙන ඇත. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේදී 13 වැනි සංශෝධනය මගින් අනාගතය ඊළාම් රාජ්‍යයේ දේශසීමා සලකනු  කරනු ලැබීය. සුඩානයේ දී දකුණු සුඩාන රාජ්‍යයේ දේශසීමා සලකුණු කරනු ලැබුවේ සටන් විරාම ගිවිසුම නම් වූ ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තාවකාලික ස්වයංපාලන ආණ්ඩුවක් නිර්මාණය කිරීම මගිනි. ශ්‍රී ලංකාවේ දී 2002 දී වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා ලෙස එම ක්‍රමවේද දෙකම දෙමුහුන් කර වඩා ශක්තිමත් කිරීමට උත්සාහ කළ ද ජාතික බලවේග විසින් එම උත්සාහය පරාජය කරනු ලැබීය. එවැනි ජාතික බලවේගයක් නොතිබූ සුඩානය අද වනවිට දෙකඩ වී මළවුන්ගේ දේශයක් බවට පත්වී ඇත.

ශ්‍රී ලංකාවට අදාළව ඉන්දියාව විසින් උතුරේ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කරනු ලබන්නේ 1932 දී ඉදිරිපත් කළ සර්දාර් පනික්කාර් න්‍යාය අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන්කර ඈඳා ගැනීමේ උපාය මාර්ගික වුවමනාවට අනුව ය. ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම මගින් ඉන්දියාව දුර්වල කෙරෙන බවට සහ ඉන්දියාව කැබලි කිරීමට අවකාශය සැලසෙන බවට වැරදි න්‍යායාත්මක මත සකස් කරනු ලබන්නේ ඉන්දියානු ඔත්තු සේවා ඒජන්තයින් විසින්මය. ඉන්දියාවේ බලවත් ආරක්ෂක යාන්ත්‍රණය තුළ කිසිදු බෙදුම්වාදී ව්‍යාපාරයකට හිස් එසවීමට ඉඩ ලැබී නැත. ඒ අනුව සන්නද්ධ ක්‍රියාවලිය යොදා ගනිමින් දේශපාලන විසඳුමක් නාමයෙන් 13වැනි සංශෝධනය යෝජනා වන්නේ පූර්ණ පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම මගින් ඊළාම් කළලය පිළිසිඳ ගැනීමට ඉඩ සැලසීම සඳහා බව ඉතා පැහැදිලිය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලබන්නේ 1987 ජුලි 29වැනිදා වුවද බලය බෙදීමට හෙවත් අනාගතයේදී බෙදා වෙන් කළ හැකි පෙඩරල් රාජ්‍යයක් තුළ ඊළාම් රාජ්‍යයේ දේශ සීමා සලකුණු කිරීමට අදාළ සාකච්ඡා ආරම්භ වන්නේ වන්නේ 1985 දීය. 

තිම්පු සාකච්ඡාවල දී ඊට අදාළ මූලික දේශපාලන න්‍යායාත්මක කොන්දේසි ත්‍රිත්වයකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එකඟ වීමට සිදුවිය. එනම් දෙමළ ජාතිකත්වය ජාතියක් ලෙස පිළිගැනීම, ඔවුන්ගේ ඓතිහාසික වාසභූමිය උතුරු සහ නැගෙනහිර පළාත් බව පිළිගැනීම සහ ඔවුන්ගේ අභ්‍යන්තර ස්වයංපාලන අයිතිය පිළිගැනීම ය. තිම්පු සාකච්ඡා මගින් ඉදිරිපත් වූ බලය බෙදීමේ යෝජනාවලට ජේ.ආර්. ජයවර්ධන මහතා වරින්වර ප්‍රසිද්ධියේම විරෝධය පළ කරනු ලැබුවේ ඒ මගින් බෙදුම්වාදී අරමුණු ඉටුවන බව සඳහන් කරමිනි. උදාහරණයක් ලෙස එතුමා 1987 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුව අමතමින් එවැනි දීර්ඝ ප්‍රකාශයක් සිදු කළ අතර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව නොවැම්බර් මාසයේදී 13 වැනි සංශෝධනය සම්මත කිරීමට පෙර ද  පාර්ලිමේන්තුවේ දීම එවැනි ප්‍රකාශ කරනු ලැබීය. විශේෂයෙන් ඔහු තම සහෝදරයා වූ එච්.ඩබ්. ජයවර්ධන හරහා පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම වැළැක්වීම සඳහා යම් ව්‍යවස්ථාමය බාධක පැන වීමට උත්සාහ කරනු ලැබීය. ඉන්දියාව දිගින් දිගටම සමගමී ලැයිස්තුවක් නොතිබිය යුතු බවට බලපෑම් කරන තත්ත්වයක් යටතේ පවා ඔහු එය අවශ්‍ය බවට දැඩි මතයක සිටි බව එළිදරව් විය. එක් අවස්ථාවක ඔහු ඉන්දියානු ව්‍යවස්තාවේ තිබෙන දෙයක් ශ්‍රී ලංකාවට සුදුසු නොවන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත. 

ඒ අනුව එදා පැවැති මහජන විරෝධය යොදා ගනිමින් ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි බව තහවුරු කර පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට නොහැකි වන ලෙස යම් වස්ථාව බාධක ප්‍රමාණයක් පැනවීමට ඔහු සමත් විය. එම බාධක අතරින් පළමුවැන්න සමගාමී ලයිස්තුව වේ. ඒ මගින් එම පළාතේ ජනතාවට අනන්‍ය වූ පරමාධිපත්‍යයේ බලයක් තිබෙන බව හෙවත් පරමාධිපත්‍ය බලය බෙදී යන බවට ඉදිරිපත් කළ හැකි න්‍යායාත්මක තර්කය යම් පමණකට දුර්වල වේ. එනම් පළාතේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයට අදාළ විෂයයන් පිළිබඳව මධ්‍යම රජය පාර්ලිමේන්තුවට ද නීති පැනවීමේ බලය ඇත. නමුත් පාර්ලිමේන්තුවට පරිබාහිරව නීති හැදීමේ බලය සහිත ආයතනයක් පිහිටුවීම ඒ මගින් වලකින්නේ නැත. ඊට හේතුව පළාත් ලැයිස්තුව මගින් පළාත් සභාවට අනන්‍ය වූ බලයක් ලබාදී තිබීමය. පළාත් ලැයිස්තුවට අදාළව පාර්ලිමේන්තුවට නීති සැදීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය වන විශේෂ බහුතර බලය අවශ්‍ය වේ.

එසේ පනවන ලද සෙසු බාධක අතර දෙවැනි බාධකය ආණ්ඩුකාරවරයාගේ බලතල වන අතර ආණ්ඩුකාරවරයාට පළාත් ප්‍රඥප්තියක් සම්මත කිරීම වැළැක්වීම සඳහා සදහා බලයක් ඇත. එසේම එමගින් අදාල ප්‍රඥප්තිය ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳව ජනාධිපතිවරයා මාර්ගයෙන් අධිකරනයෙන් විමසීමේ හැකියාව ඇත. තුන්වන බාධකය වන්නේ ජාතික ප්‍රතිපත්ති සැදීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වීම සහ පළාත් වලට ප්‍රතිපත්ති හැදිමේ බලය ලබා නොදීම ය. හතරවන බාධකය වන්නේ මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම ලබා නොදීම වන අතර පස්වැන්න ලෙස හඳුනාගත හැක්කේ ඉඩම් අන්සතු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වීම ය. එහෙත් ඉඩම් ප්‍රඥප්තියක් සම්මත කිරීම මගින් බදු පදනමින් ඉඩම් ලබාදීමේ හැකියාව ඇත. අවසාන වශයෙන් අයිතිය පැවරීම සිදු වන්නේ ඊළාම් රාජ්‍යයේ නායකයා විසින් බව බෙදුම්වාදීහු ඉතා හොඳින් දනිති. එම බාධක ඉවත් කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් මගිනි. බෙදුම්වාදයට පක්ෂපාතී ආණ්ඩුවක් බලයේ සිටීන තත්වයක් තුළ එම බාධක පරිපාලන වශයෙන් බොහෝ දුරට අතික්‍රමණය කිරීමේ හැකියාව ඇත.

උදාහරණයක් ලෙස මහ ඇමති අරමුදල් ප්‍රඥප්තියක් මගින් මූල්‍ය බලය ශක්තිමත් කරගත හැක. ඒ සඳහා සී.වී. විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා විසින් උත්සාහ කළ ද එවකට ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා විසින් එය අත්හිටුවනු ලැබීය. ඊට අමතරව ජනාධිපතිවරයා විසින් මහ ඇමතිට පක්ෂපාති ආණ්ඩුකාරවරයෙකු පත් කරන්නේ නම් ඉඩම්, පොලිස්, මහ ඇමති අරමුදල්, ආදී ප්‍රඥප්ති  එකක් පසුපස එකක් ලෙස මාස කීපයක් තුළ සම්මත කිරීමෙන් පසුව මධ්‍යම ආණ්ඩුව සමග ගැටුම නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත. ජාත්‍යන්තර අධිකරණයේ පෘතුගාලය එදිරිව ඕස්fටි්‍රලියාව නඩු තීන්දුව සහ කොසෝවෝ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර අධිකරණයෙන් ලබාගත් පැහැදිලි කිරීම මෙන්ම මොන්ටිවීඩියෝ සම්මුතිය ආදිය හැදෑරීමේ දී පැහැදිලි වන්නේ පරමාධිපත්‍ය බලය බෙදී යන ආකාරයට බලතල ලබා ගැනීමෙන් පසුව ජාත්‍යන්තර මැදිහත්වීම සඳහා ගැටුමක් නිර්මාණය කරගත යුතු බවය. 

ඊට හේතුව ජාත්‍යන්තර සම්මුතින්ට අනුව පරමාධිපත්‍යයේ බලය බෙදී යන ලෙස යම් නිශ්චිත භූමි ප්‍රදේශයක ජනතාවට ස්වයං පාලන බලය ලබාදී ඇති අවස්ථාවක එම බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ ලබා නොදෙන්නම් ඔවුන්ට වෙන් වී යාමේ අයිතිය හෙවත් බාහිර ස්වයං පාලන බලය ප්‍රකාශයට පත් කිරීමේ අයිතිය තිබීමය. එය සිදුවන්නේ ගැටුම තුළ ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහාය. පරමාධිපත්‍ය බලය බෙදී ගොස් ඇත්ද යන පරීක්ෂණය සමත්වීම සඳහා අවශ්‍ය වන්නේ කුමන හෝ බලතල ප්‍රමාණයකට අදාළව ව්‍යවස්ථාදායක බලය පළාතේ ජනතාවට ලබාදී ඇත්ද යන්න පමණි. ඊට පොලිස් බලතල හෝ ඉඩම් බලතල අයත් වන්නේ ද නැද්ද යන්න වැදගත් නොවේ. එසේ එම බලතල ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා හෝ ඊට අදාලව පාර්ලිමේන්තුවට නීති පැනවීම සඳහා ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට යම් බලයක් ලබා දීම මගින් ව්‍යවස්ථාව මගින් පරමාධිපත්‍යයේ බලය බෙදී යන ලෙස ලබාදී ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාව ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් වන්නේ නැත. 

උදාහරණයක් ලෙස නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් සමගාමී ලැයිස්තුව අහෝසි කර මධ්‍යම රජයේ බලතල ලැයිස්තුව ඉවත් කර පළාත් බලතල ලැයිස්තුව විෂයන් 67ක් දක්වා පුළුල් කර ඇත. එම බලතල වලට අදාළව ද පාර්ලිමේන්තුවට නීති පැනවිය හැකි බව සඳහන් වුව ද පළාතක් විසින් එම බලතල වලට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම ඒ මගින් වැළැක්විය නොහැක. නමුත් 13 වැනි සංශෝධනය යටතේ ප්‍රඥප්තියක් සම්මත කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ. නව ව්‍යවස්ථා කෙටුම්පත තුළ එම ප්‍රතිපාදන ඉවත් කර ඇති අතර පළාත් සභාවකට ස්වාධීනව තම ප්‍රඥප්ති සම්මත කර ගැසට් කිරීමේ බලතල ලබාදී ඇත. ඒ අනුව ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව පවතින නීතියට පටහැණි නම් හෝ ජාතික ප්‍රතිපත්තියට පටහැනි නම් එය නිවැරදි කරන ලෙස නියෝග කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුවද එම බලය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ලබා දී ඇත. නමුත් 13 වැනි සංශෝධනය මගින් ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ බලතල දුර්වල කිරීමක් සිදු කර නැත. නව කෙටුම්පත අනුව මධ්‍යම රජය විසින් යම් විෂයකට අදාලව නීතියක් හෝ ප්‍රතිපත්තියක් සම්පාදනය කර නොමැති තත්වයක් යටතේ පළාත් සභාවකට එම විෂයට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා විශේෂ අවකාශයක් ලැබේ. ඊට අමතරව සමගාමී ලැයිස්තුවට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතින ව්‍යවස්ථාව මගින් දක්වා ඇත. එම නිසා පළාත් ප්‍රඥප්තියක් සම්මත කරන අවස්ථාව හෝ කාල වකවානුව අනුව ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලින් රිංගායෑමේ හැකියාවක් නොලැබේ. 

එසේම ඉඩම් බලතල ලබා දී නැති වුවදී කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය යොදා ගනිමින් එම ප්‍රඥප්තිය යටතේ ආයෝජකයන්ට බදු පදනම යටතේ ඉඩම් ලබාදීමේ හැකියාව ඇත. නව කෙටුම්පත මගින් යම් පළාතකට යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් අදාළ අමාත්‍යවරයාගෙන් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර නැත. ඒ අනුව බෙදුම්වාදයට පක්ෂපාතී ආණ්ඩුවක් යටතේ මහවැලි පනත අහෝසි කිරීම මගින් එම ඉඩම් පළාත් කෘෂිකර්ම ප්‍රඥප්තියක් යටතේ පළාත් මගින් මඟින් ආයෝජකයන්ට බෙදා දීමේ හැකියාව ලැබේ. පොලිස් බලතල ලබාදී නැතත් පළාත් රාජ්‍ය ආයතන සහ අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා රුසියාවේ වැග්නර් වැනි මහා පරිමාණ ආරක්ෂක සමාගමක් නිර්මාණය කිරීමේ හැකියාව ද නව කෙටුම්පත මගින් ලබාදී ඇත. එසේම ඉහත සඳහන් කළ ආකාරයට යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් මධ්‍යම රජයේ අමාත්‍යවරයාගේ කැමැත්ත මත පළාත් මහ ඇමතිවරයාට පොලිසිය වක්‍ර ලෙස තම ආධිපත්‍යයට යටත් කර ගැනීමේ හැකියාව ඇත. 

එහිදී ප්‍රඥප්ති මධ්‍යම රජයේ ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව විය යුතු බවට ප්‍රතිපාදන පනවා ඇතත් එක් පැත්තකින් පළාත් ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය ව්‍යවස්ථාව මගින් පළාත් බලතල ලයිස්තුවට ඇතුළත් කර ඇති බැවින්  ඊට අදාලව ගැටලුවක් පැන නගියි. එය විසඳීමේ බලය ඇත්තේ අධිකරණයට ය.  ඊට අමතරව සෑම විෂයකටම අදාලව මධ්‍යම රජය මගින් ප්‍රතිපත්ති සකස් කිරීමට යම් කාලයක් ගත වුවද බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන පළාත් සභාවකට කඩිනමින් පළාත් ප්‍රතිපත්ති සහ අදාළ ප්‍රඥප්ති සම්මත කිරීමේ හැකියාව ඇත. ඒ අනුව බෙදුම්වාදි න්‍යාය පත්‍රයට අනුව පළාතට ලබාදී ඇති පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදී බාධා කරන බවට ගැටුම් නිර්මාණය කිරීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් බෙදුම්වාදයට පක්ෂපාතී ආණ්ඩුවක් තිබේ නම් යම් ගැටුමක් නිර්මාණය වන අවස්ථාව වන විට බෙදුම්වාදයට බොහෝ දුරක් ඉදිරියට යාමේ හැකියාව ඇත. 

විශේෂයෙන්ම නව කෙටුම්පත මගින් පළාතට ලබා දෙන මූල්‍ය බලතල ශක්තිමත් කෙරෙන බැවින් සහ ආයෝජන සහ රාජ්‍ය ව්‍යවසායක නාමයෙන් පෞද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමේ හැකියාව ඇත. එසේම ඉන්දියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල ශාඛා පිහිටුවීමේ හැකියාව ද ඇත. ඒ අනුව පළාත් සභා පිහිටුවීම සඳහා විශේෂිත මැතිවරණයක් නොපැවැත්වූ ද නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් 13 වැනි සංශෝධනයට වඩා බෙදුම්වාදී අරමුණට සාපේක්ෂව වැඩි බලතල ප්‍රමාණයක් පළාත් වලට ලැබෙන බව ඉතා පැහැදිලිය. ඒ අනුව පවතින 13 එසේම තිබියදී ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වඩා වර්තමාන ආණ්ඩුව හෝ අනාගත ආණ්ඩුවක් විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති කෙටුම්පත සම්මත කිරීම මගින් නව පළාත් සභා ක්‍රමය පිහිටුවීම බෙදුම්වාදීන්ට වඩා වාසිසහගත වේ. එම නිසා බෙදුම්වාදීන්ට කාසියේ කුමන පැත්තක් පෙරලුනද වාසිය අත්වන තත්වයක් නිර්මාණය වේ. ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයා පරාජය කළද නව ජනාධිපතිවරයා යටතේ එම කෙටුම්පත සම්මත වුවහොත් බෙදුම්වාදීන්ට පවතින තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් ලැබේ. තිබෙන ව්‍යවස්ථාව යටතේ  වත්මන් ජනාධිපති නැවත බලයට පත් වූවොත් ඒ මගින් ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව වුවද 13 පරිපාලන වශයෙන් බලාත්මක කිරීමේ හැකියාව ලැබේ. 

කෙසේ වෙතත් නව කෙටුම්පත වර්තමාන ජනාධිපති විසින් පිළගතහොත් සහ එය ක්‍රියාත්මක කළහොත් බෙදුම්වාදීන්ට වඩා වාසිදායක තත්ත්වයක් නිර්මාණය වේ. ඊට හේතුව වර්තමාන ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් ජේ.ආර්. ජයවර්ධනට වඩා බෙදුම්වාදීන් සතුටු කිරීමට උත්සාහ කරන අයෙකුවීමය. එම නිසා පවතින ආණ්ඩුව විසින් මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත ‘හයිජැක්’ කර  උතුම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට මුවාවී ජනාධිපතිවරණයේදී බෙදුම්වාදීන් සතුටු කිරීමේ හැකියාව බැහැර කළ නොහැක. එහිදී බෙදුම්වාදීන් විසින් නව කෙටුම්පතට ව්‍යාජ ලෙස විරෝධය පළකර පසුව යටින් එකඟතාවය පළකිරීමේ හැකියාව ඇත. ඒ මගින් ජාතික බලවේග ගොනාට ඇන්දවීමේ හැකියාක් තිබෙන බවද අප අමතක නොකළ යුතුය. අවසාන වශයෙන් නව කෙටුම්පතේ බොහෝ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇතුල් කර තිබෙන බව පැහැදිලිව දැකගත හැක. එසේම නව කෙටුම්පත සම්පාදනය කළ විද්වතුන් තමාට භාරදුන් කාර්යය ඉතා සද්භාවයෙන් සිදුකළ බවටද විවාදයක් නැත. එම නිසා ජාතිකවාදී බලවේග අතර ධනාත්මක හැගීම්  ඇතිවේ. එම තත්වය ඉදිරි ජනාධිපතිවරණයේදී කූඨ අරමුණු සහිත බලවේගවලට වාසිදායක වන  බව ඉතා පැහැදිලිය. එවැනි තත්වයක් වැළැක්විය හැක්කේ නව කෙටුම්පත මගින් ඉදිරිපත් කර ඇති යහපත් දේ පිලිගන්නා අතර පළාත් සභාවලට අදාලව ඉදිරිපත් කර ඇති අයහපත් දේ නැවත සලකා බැලීම තුළින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම මගින් බව පිළිගැනීමට සිදුවේ. 

- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර -

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.