
චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය මිලියන 100 ආසන්නයටම
චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය මිලියන 100 ආසන්නයටම
මේ වන විට වසර 103ක් පැරණි චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) ලෝකයේ තිබෙන සමෘද්ධිමත් සංවිධානයක් ලෙසත් ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව ඇති සංවිධානයක් ලෙසත් පෙරට විත් තිබේ. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 99.185 අගයට ළඟා වි තිබෙන බව ජුනි 30 ඉදිරිපත් වූ නවතම දත්ත මගින් පෙන්නුම් කරයි. ඒ අනුව අදට(01) යේදී තිබෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වන සංවත්සරය ලෝකයේ තිබෙන දැවැන්තම දේශපාලන පක්ෂ සංවිධානය ලෙස සමරණු ලබන්නේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වයේ වර්ධන වේගය 1.2ක් බව එම පක්ෂයේ සංඛ්‍යාලේඛන වාර්තාවකට අනුව අනාවරණය වේ. 2023 වර්ෂයේ නව සාමාජිකයින් මිලියන 2.408 ක් චීන කොමියුනිස්ට් පක්ෂයට එක්වූ අතර සමස්ථ සාමාජිකය්න්ගෙන් සියයට 53ක් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ උපාධියක් ලබා ඇති අතර සියයට 82.4ක් වයස අවුරුදු 35 හෝ ඊට අඩු අය වෙති.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක අවධියේදී පක්ෂය සතුව සිටියේ සාමාජිකයින් 50කට වඩා වැඩි සංඛ්‍යාවක් පමණි. වසර 103ක කාලය තුළ එම සංඛ්‍යාව මිලියන 99.185 දක්වා වැඩි වීම සමෘද්ධිමත් සංවිධානයක් ලෙස එහි ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරන බව චීන කොමියුනිස්ට් පක්ෂය පාසලේ මහාචාර්ය Zhang Xixian මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
චීනයේ සංවර්ධනයේ ඉල්ලීම් සමඟ පෙළගැස්වීම සහ මාක්ස්වාදී න්‍යායේ මූලික මූලධර්ම එහි මූර්තිමත් කිරීම සඳහා වැඩි වැඩියෙන් ශක්තිමත් සංවිධානාත්මක වර්ධනය අවශ්‍ය බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
චීන කොමියුනිස්ට් පක්ෂය ශක්තියෙන් ශක්තියට වර්ධනය වීමටත්, ජනතා සහයෝගය දිනා ගැනීමටත්, විවිධ අවදානම් සහ පරීක්ෂණ ජයගෙන ජයග්‍රහණ පිට ජයග්‍රහණය ලබා ගැනීමටත් හේතුව චීන කොමියුනිස්ට් පක්ෂය කරනු ලබන දියුණු දේශපාලනය බව Zhang Xixian තවදුරටත් පැවසීය.
ඉදිරිපත් වී ඇති නවතම දත්ත ද මෙම කරුණ සනාථ කරයි. 2023 පුරාවට, නව පක්ෂ සාමාජිකයින් මිලියන 2.408 ක් බඳවා ගත් අතර, එයින් මිලියන 1.276 ක් ඉදිරිගාමී පක්ෂ සාමාජිකයන් වන අතර, ඔවුන්ගේ අගය ප්‍රතිශතාත්මකව සියයට 53 කි.
නව සාමාජිකයින් අතර, සියයට 53 ක් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති අතර එය, මිලියන 1.28 ක් වේ. සමස්ථ සාමාජිකයන්ගෙන් සියයට 82.4 ක් වයස අවුරුදු 35 හෝ ඊට අඩු අය වන අතර, එය මිලියන 1.983 ක සාමාජිකයන් සංඛ්‍යාවකට වග කියනු ලබයි.
සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් මිලියන 99.185 න් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ උපාධියක් ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 55.786 ක් වේ.එය පෙර වසරට වඩා සියයට 1.5 ක වැඩිවීමකි. කම්කරුවන් සහ ගොවීන් පක්ෂයේ ප්‍රධාන සාමාජිකත්වය දරණ කොටස වන අතර , ඔවුහු සමස්තයෙන් සියයට 33ක් නියෝජනය කරති.
පක්‍ෂයේ ව්‍යුහය තවදුරටත් ප්‍රශස්ත මට්ටමක පවතින අතර, පක්‍ෂ සාමාජිකයින්ගෙන් අඩකට වඩා කනිෂ්ඨ විද්‍යාල අධ්‍යාපනය හෝ ඊට වැඩි අධ්‍යාපනයක් ලබා ඇත. ප්‍රශස්ත ව්‍යුහය පක්ෂ සංවිධානයට එහි ජීව ශක්තිය පවත්වා ගැනීමට සහ එම කාලයේ සංවර්ධන කාර්යයන්ට වඩා හොඳින් අනුගත වීමට බලය ලබා දෙන බව පීකිං විශ්ව විද්‍යාලයේ රාජ්‍ය අඛණ්ඩතාව ගොඩනැගීමේ පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhuang Deshui මාධ්‍ය වෙත පැවසීය.
ප්‍රාථමික මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂ සංවිධාන 2023 දී අඛණ්ඩව වර්ධනය විය. වසර අවසානයේදී, චීනයේ ප්‍රාථමික මට්ටමින් පක්ෂ කමිටු 298,000ක්, සාමාන්‍ය පක්ෂ ශාඛා 325,000ක් සහ පක්ෂ ශාඛා මිලියන 4.6ක් පමණ තිබූ බව වාර්තාව පෙන්වා දෙයි.
සංවිධානයේ දියුණු ස්වභාවයක් පවත්වා ගැනීම සඳහා බිම් මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂ සංවිධාන හරහා ජනතාව සමඟ සමීප බැඳීමක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වන බවත් එය ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු විසඳන අතර මිනිසුන්ගේ සතුට අඛණ්ඩව වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කරන බව ෂුවාං පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
