මැද පෙරදිග කලාපයේ ‘යුද භූමිකම්පාවක්’ ඇති වීමට නියමිතයි - ඊශ්‍රායලය ඉරානයට අනතුරු අඟවයි
ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමීර්-අබ්දුල්ලාහියන් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර අවසන් කරන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊශ්‍රායලය ගොඩබිම් හමුදාවන් යවා ප්‍රදේශය අල්ලා ගැනීමට කටයුතු කර හමාස් සංවිධානය සමඟ ගැටුම වර්ධනය කර ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සටන්කාමීන්ද සටනට පිවිසියහොත් කලාපය පුරා ගැටුම් පැතිර යා හැකි බවට ඉරාන විදේශ අමාත්‍යවරයා අනතුරු ඇඟවූ බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය 14 වනදා බීරූට් හිදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමීර් - අබ්දුල්ලාහියන් පැවසුවේ “හිස්බුල්ලා සංවිධානය නිර්මානය කර ඇති තත්වයන් පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. "හමාස් ප්‍රතිරෝධය වැලැක්වීමට ගන්නා ඕනෑම පියවරක් ඊශ්‍රායලයට විශාල භූමිකම්පාවක් ඇති කරනු ඇති." යනුවෙනි.
මේ අතර Axios පුවත් සේවය විසින් උපුටා දක්වන ලද රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර දෙකකට අනුව, ඉරානය යුද්ධය පැතිරීම වැළැක්වීමට උත්සාහ කරන අතරම ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල සිවිල් ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමටද උදව් කිරීමට උත්සාහ කරමින් සිටී.
කෙසේ වුවද හමුදා මෙහෙයුම දිගටම පවත්වාගනිමින් ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ගියහොත් ඉරානයට ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇත.
"කලාපයේ පුළුල්ව පැතිරුනු අර්බුදයක් වැලැක්වීමට තවමත් දේශපාලන අවස්ථාවක් තිබෙන්වා සමහර විට, ඉදිරි පැය කිහිපය තුළ තත්වයන් තීවර වුවහොත් අර්බූදය වැලැක්වීමේ අවස්ථාවන් අහිමි වනු ඇත." ඉරාන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.
ඉරානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා පසුගිය සතියේ ඉරාකයේ, සිරියාවේ සහ ලෙබනනයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු හිස්බුල්ලා නායක සෙයිද් හසන් නස්‍රල්ලා මෙන්ම ලෙබනන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවී ඇතිවී තිබෙන යුද්ධයේ “විභව ප්‍රතිඵලය” සහ “ගත යුතු ස්ථාවරයන්” පිළිබඳව සාකච්ඡා කළේය.
ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දල්ලා බූ හබීබ් සමඟ පැවති සාකච්ඡාවකදී අමීර්-අබ්දුල්ලාහියන් ඊශ්‍රායලයට ගාසා තීරයේ ජනතාවට එරෙහිව “යුද අපරාධ” චෝදනා කළ අතර ඊශ්‍රායලය නතර නොකළහොත් “ඕනෑම ආකාරයේ තත්වයක් උදාවීමේ හැකියාවක් වර්ධනය වනු ඇතැයි සිතිය හැකි” බවට ඔහු කළ අනතුරු ඇඟවීම නැවතත් අවධාරණය කළේය.
ලෙබනනයට "කිසිවිටෙක යුද්ධයක් අවශ්‍ය වී හෝ යුද්ධයකට උත්සාහ කර නැති" බව පවසමින් බූ හබීබ් ඉරාන විදෙශ ඇමතිවරයාට සපථ කරණු ලැබීය. එසේ වුවද තවදුරටත් ඊශ්‍රායලය මෙහෙයුම් තීව්‍ර කිරීම "කලාපය අවුළුවන අතර එහි ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක් වනු ඇති" බවට බූ හබීබ් අනතුරු ඇඟවීය.
"අපි අපගේ පලස්තීන සහෝදරයන් සමඟ සහයෝගයෙන් සිටින අතර වටලෑම අවසන් කිරීමට සහ ගාසා තීරයට ආධාර ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු," බූ හබීබ් අවධාරණය කළේය.
හිස්බුල්ලා සටන්කාමීන් ලෙබනනයේ දේශසීමාවේ පූර්ණ සෝදිසියෙන් සිටින අතර, අවම වශයෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 1,300ක් මිය ගිය පසුගිය 7 වනදා සිදුවූ හමාස් ආක්‍රමණයෙන් පසු ඊශ්‍රායලය සමඟ වරින් වර වෙඩි හුවමාරු කර ගනිමින් සිටිති.
ඊශ්‍රායලයේ ඕනෑම තැනකට ළඟා විය හැකි නිරවද්‍ය මාර්ගෝපදේශක මිසයිල මෙන්ම දහස් ගණන් යුධ අවි දරුණු ප්‍රහාරක යානා සහ විවිධ වර්ගයේ හමුදා ඩ්‍රෝන යානා ඇතුළු රොකට් සහ මිසයිල 150,000ක් පමණ ඇති බැවින් ඉරාන පිටුබලය ලබන කණ්ඩායම ඊශ්‍රායලයට ප්‍රධාන තර්ජනයක් වන බව සැලකේ.
ඉරානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා පසුගිය 14 වනදා සවස කටාර්හිදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකු වන ඉස්මයිල් හනියේ හමුවූ නමුත් එම හමුව පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්