
ඊශ්‍රායල - හමාස් යුද ගැටුමෙන් මියගිය ප්‍රමාණය 3,600 ඉක්මවයි
හමාස් සංවිධානය ඊශ්‍රායලය වන වෙත එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු ඇරඹි යුද ගැටුම් අඛණ්ඩ 10 වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් ඇති අතර, මේ වන විට ඊශ්‍රායල - හමාස් යුද ගැටුම්වලින් මියගිය පිරිස 3,600 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර නිසා මියගිය ගණන 2,300 කට අධික බවත්, ඉන් තුනෙන් එකක්ම දරුවන් බවත් සඳහන් වේ.
උතුරු ගාසා හි වෙසෙන මිලියන 1.1ක ජනතාවට ඉන් ඉවත් යන ලෙස ඊශ්‍රායල පසුගියදා නියෝගය කර තිබූ අතර, එහිදී ජීවිතය රැකගැනීම උදෙසා පළායමින් සිටි කාන්තාවන් සහ ළමයින් රැසක් රැගත් එක් ට්‍රක් රථයකට අවාසනාවන්ත ලෙස ඊශ්‍රායල ප්‍රහාරයට ලක්ව තිබු ආකාරය විදෙස් වාර්තා සඳහන් කළේය.
කෙසේ නමුත් පළා යන සිවිල් වැසියන් ඉලක්ක කළ ප්‍රහාරයක් එල්ල කළ බවට වන චෝදනා ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කර තිබේ.
ජනතාවට ඉවත්ව යන ලෙස කළ නිවේදනය අලුත් කරමින් ඊශ්‍රායල හමුදාව ගාසා වැසියන්ට ඉවත්ව යා හැකි ආරක්ෂිත කොරිඩෝවක් ඊයේ (15) විවෘත කළේය.
ඒ අනුව පැය 3ක කාලයක් ඔවුන්ට ලබාදී ඇති අතර එම කාලසීමාවේදී ප්‍රහාර එල්ල නොකරන බව ද නිවේදනය කළේය.
ඉදිරියේදී උතුරු ගාසා හි දරුණු යුද ක්‍රියාකාරකම් සිදුවීමට නියමිත බව ද ඊශ්‍රායල හමුදාව පවසයි.
මේ අතර උතුරු ගාසා හි රෝහල් සියල්ල ද ඉවත් කරගන්නා ලෙස ද ඊශ්‍රායලය දන්වා තිබේ.
මෙය ඉතා අසීරු කටයුත්තක් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය රෝගීන්ගේ මරණ වරෙන්තුවකට සමාන කළ හැකි බවය.
එම සංවිධානයට අනුව උතුරු ගාසා හි රෝහල් 22ක රෝගීන් 2,000ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අතර ගාසා තීරය වෙත භූමියෙන්, ගුවනින් සහ මුහුදින් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇති අතර, කෙසේ නමුත් ඊට නිශ්චිත කාලරාමුවක් තවමත් ප්‍රකාශයට පත්කර නැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
