
බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනින් ආධාර දුන්නා - හිටපු ඊශ්‍රායල් අගමැති එහුඩ් ඔල්මෙට්
ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන එහුඩ් ඔල්මෙට් මහතා කන්ෆ්ලික්ට් සෝන් ( Conflict Zone ) නම් අන්තර්ජාල නාලිකාවකට එක් වෙමින් පවසා සිටියේ ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා වසර ගනනාවක පටන් හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනින් ආධාර කර තිබෙන බවයි.
එසේම ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම මුදල් කටාර් රාජ්‍යයෙන් ලැබුණු ඒවා බවත් එම මුදල් බෙන්ජමින් නෙතන්යාහුගේ පූර්ණ අනුදැනුම සහ පූර්ණ අනුග්‍රහකත්වය යටතේ හමාස් සංවිධානයට ලබාදුන් බවයි.
ඔහුගේ කරුණු දැක්වීමට අනුව බෙන්ජමින් නෙතන්යාහු 2009 දී බලයට පත්වීමට පෙර හමාස් සංවිධානය විනාශ කිරීමට මැදිහත් වනු ඇති බවට ඊශ්‍රායල් ජනයාට පොරොන්දු වී තිබේ. කෙසේ වුවද නෙතන්යාහුගේ පාලන භාවිතය තුළ දිගින් දිගටම හමාස් ත්‍රස්තයන් බලවත් කිරීමට කටයුතු කර ඇතැයි එහුඩ් ඔල්මෙට් චෝදනා කරයි.
ඊශ්‍රායලයේ පැවැත්ම තහවුරු කිරීමට නම් හමාස් සංවිධානය සහ බෙන්ජමින් නෙතන්යාහුගේ ආණ්ඩුව පරාජය කිරීම අනිවාර්ය බව ඔහු අවධාරනය කරයි. https://www.youtube.com/watch?v=Uar3I_LUSyM&t=675s
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
