ගාසා තීරයේ යුද වාතාවරණය තවත් උණුසුම් වෙයි
ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බව හමාස් සංවිධානයේ නායක ඉස්මේල් හනියේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශකර ඇති අතර, ඇමෙරිකාව සහ තවත් යුරෝපා රටවල් කිහිපයක් සමඟ එකතු වී ඊශ්‍රායලය මෙම ජන සංහාරය සිදු කරන බව හමාස් නායක චෝදනා කර ඇත.
පලස්තීන ජනතාව තම නිවාසවල රැඳී සිටින බවත් ගාසා තීරය අතහැර ඔවුන් ඊජිප්තුවට පළා නොයනු ඇති බවත් හමාස් නායක හනියේ පෙන්වා දී තිබේ. තම නිවාස අතහැර පළා නොයන පලස්තීන ජනතාවට තම ආචාරය හිමිවන බවද ඔහු පවසයි.
මේ අතර, ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම යුද්ධයක සියලු පැතිකඩ සැලකිල්ලට ගෙන ඇති බවත් හමාස් සංවිධානයට වඩා හිස්බුල්ලා සංවිධානය බලවත් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් ප්‍රකාශ කර ඇත.
හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානී සයේඩ් හසාන් නසරල්ලා හමුවූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහියන් පවසයි. ඒ හේතුවෙන් ප්‍රමාද වැඩි වීමට පෙර ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නැවැත්විය යුතු බවත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළහොත් ගැටලුව තවත් නරක අතට හැරෙනු ඇති බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මේ වන විට බ්‍රිතාන්‍යද ඊශ්‍රායලයට සහාය පළ කර ඇති අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් නැගෙනහිර මධ්‍යධරණී මුහුදට හමුදා යාත්‍රා සහ නිරීක්ෂණ ගුවන් යානා එවීමට බ්‍රිතාන්‍ය තීරණය කළ බව අගමැති රිෂි සුනක් නිවේදනය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්